Tuesday, December 9, 2014

නව වසරට Exel දිනදර්ශණයක්

 කේතය භාගත කරන්න
මෘදුකාංගය භාගත කරන්න


මෙම මෘදුකාංගය මඟින් කැමති වසරක දිනදර්ශණය  Exel  ලියවිල්ලක් ලෙස ගතහැක
මෙය Exel මෘදුකාංගයේ plugin මෘදුකාංගයක් ලෙස තැනීමට බලාපොරොත්තු වුවත්
  plugin තැනීම ගැන දැනුම අඩු නිසා එය කිරීමට නොහැකිවිය. ඒ පිළිබඳව උදව් බලාපොරොත්තු වෙමි.
මෘදුකාංගය ක්‍රියාත්මක කිරීමට පරිගනකයට MS offiece මෘදුකාංග පැකේජය ස්ථාපනය කල යුතුය

Sunday, December 7, 2014

එළාර නම් සිංහල රජතුමා



ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කල මහරජ ගැමුණු චිත්‍රපටය ගැන දැනගත් විට මෙය ලිවීමට සිතුණි. චිත්‍රපටයට විචාර ඉදිරිපත් කෙරෙන විට මෙම අදහස් ද පුයෝජනයට ගැනෙන්නේ නම් යහපති.
දුටුගැමුණු රජතුමා ශ්‍රේෂ්ඨ සිංහල රජෙකු බව අවිවාදිත ය. එසේ නම් එළාර යනු කවරෙක් ද? ජනප්‍රිය මතය ඔහු දෙමළ රජෙකු බවයි. නමුත් වසර 50කට පමණ පෙර මේ මතය අභියෝගයට ලක් කරණ මතයක් ඉදිරිපත් විය එනම් එළාර යනු උතුරු ඉන්දියානු ආර්යයෙක් බවයි. මීට අමතරව එළාර පර්සියානුවෙක් යැයි මතයක් ද ඇත. මෙයට ප්‍රධාන හේතුව එළාර කෙනෙක් ගැන දකුණු ඉන්දියානු පුරාවෘත්තයක් නොමැති වීමයි.
මගේ මතය එළාර ගේ සම්භවය කුමක් වුවත් ඔහු සිංහල  රජෙක් ලෙස සැලකිය හැකි බවයි. එළාර ලංකාව ආක්‍රමණය කර එකල ලංකාවේ ප්‍රධාන රාජ්‍යය වූ “පිහිටි” රටේ රජකම ලබාගත් අතර ඉන් පසු එහි සිටි සිංහල වැසියන්ගේ විශ්වාසය දිනා ගනිමින් යහ පාලනයක් ගෙන යන ලදී. එළාර යටතේ පිහිටි රට විදේශ අධිරාජ්‍යයක ප්‍රාන්තයක් නොවුණු අතරම ඔහු ධනය හා වහලුන් කොල්ලකෑම අරමුණු කරගත් විනාශකාරී ආක්‍රමණිකයෙක් ද නොවීය. සම්භවය කුමක් වුවත් ඔහු සිංහල රජෙකි.
එහෙත් එළාර බෞද්ධයෙක් නොවීය. එළාරගේ අරමුණ වූයේ ලංකාවෙන් බුදු දහම තුරන් කිරීමයි. එහි දී එළාර උපක්‍රමශීලී විය. ඔහුගේ අරමුණ වූයේ ක්‍රමයෙන් සිංහලයන්ට බුදු දහම අමතක කර වීමයි. ඔහුගේ යහපාලනය මෙම අරමුණට ළඟවීමේ උපක්‍රමයක් විය.
මීට සමාන තත්වයක් ස්පාඤ්ඤයේ මුස්ලිම් පාලන සමය තුලද  පැවතින. ස්පාඤ්ඤ මුස්ලිම් පාලකයෝ කතෝලිකයන්ට ආගමික නිදහස දුන් අතර ඔවුන් ද රාජ්‍ය පාලනයට හවුල් කර ගත්හ. එසේම වැඩවසම් යුගයේ කතෝලික රජවරුන්ට වඩා හොඳ යහපාලනයක් පවත්වා ගෙන ගියහ. නමුත් එම මුස්ලිම් පාලනය දිගටම පැවතුණේ නම් ස්පාඤ්ඤ කතෝලිකයින් ක්‍රමයෙන් මුස්ලිම් ආගමට හැරීම සිදු වෙන්නට තිබුනි.
දුටු ගැමුණු රජු මෙම අනතුර දැක බුදු දහම රැකීමට සටන් කල අයෙකි. ඔහු “මාගේ මේ ව්‍යායාමය බුදු සසුන රැකීම වෙනුවෙනි” යනුවෙන් පැවසුවේ නිකමට නොවේ. තමාගේ සටන සිංහල ජාතිය වෙනුවෙන් යැයි දුටුගැමුණු රජු පැවසුවේ නැත. ඔහු එළාරගේ යහපාලනයට වශී නොවුනි. ඔහු යුද පිටියට භික්ෂූන් වහන්සේලා වැඩම කර වූයේ එළාරට සහය දුන් සිංහලයන්ට මානසික බලපෑමක් කිරීමට විය නොහැකි ද? සටනින් පසු බසින විට එළාරගේ සැබෑ ස්වරූපය මතු විය, ඔහු වෙහෙර විහාර කොල්ලකෑමට පෙලඹුණි. සටනින් පසු දුටුගැමුණු රජු එළාර රජුගේ මළසිරුර බුදු දහමට හරවන ලදී. ඉන් පසු එළාරට බෞද්ධ සොහොනක් ද ඉදි කරන ලදී. එසේ කරන ලද්දේ පැහැදිලිව ම දේශපාලන හේතු මත මිස දුටුගැමුණු රජුගේ ආචාරශීලී භාවය මත නම් නොවේ. ඉන් පසු දුටුගැමුණු රජු එළාරගේ ආගමට සම්බන්ධ සියලු සිද්ධස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ කරන ලදී. මේ වන තෙක් ඒ එළාර ගේ ආගමික සිද්ධස්ථානයක නටබුන්  කිසිවක් හමු වී නැත.
යම්හෙයකින් එළාර රාජවංශය දිගටම පැවතුනේ නම් අද වන විට බුදු දහම නො අදහන සිංහල ජාතියක් ගොඩනැගී තිබිය හැක (සමහර විට එම සිංහලයන් නූතන සිංහලයන්ට වඩා බලවත් වීමට ද ඉඩ ඇත.) .  නවකතා කරුවෙකුට දුටුගැමුණු රජු පරාජය වුනු සමාන්තර විශ්වයක් පදනම් කර ගෙන නවකතාවක් වුව ද ලිවිය හැක.
මගේ ඉතිහාස දැනුම මඳ බැවින් ම විසින් මෙම ගෙතූ මෙම කථාවේ අඩුපාඩු තිබිය හැකි වුවත් මට වඩා මෙම ක්‍ෂේත්‍රය ගැන දැනුවත් අයෙක්ට මීට වඩා සාක්ෂි සහිත ව මෙම කථාව ම ඉදිරිපත් කල හැකි යැයි විශ්වාස කරමි.
දුටුගැමුණු එළාර යුද්ධය සිංහල දෙමළ ගැටුමක් යනුවෙන් අර්ථ දක්වා ගැනීමෙන් සිංහල බෞද්ධයින් වන අපි ප්‍රධාන වැරදි දෙකක් කරමු.

  1.       ඊලාම් වාදීන්ට ලංකාවේ නැති දෙමළ ඉතිහාසයක් ගොඩනැඟීමට ආධාර කිරීම
  2.   මුලු ලොවෙහි ම වසන බෞද්ධයන්ගේ (දෙමළ බෞද්ධයන්ගේ පවා) අසහාය වීරයා විය යුතු දුටුගැමුණු රජු ට හිමි ගෞරවය නො ලැබීම. ඇත්තෙන්ම දුටුගැමුණු රජු අශෝක අධිරාජ්‍යයාටද වඩා බුදුදහමට සේවයක් කල අයෙකි.

සිංහල බෞද්ධයන්ට කිසි ප්‍රයෝජනයක් නොමැති රවණා රජෙක් ගැන සුරංගනා කථා ගෙතීමට වඩා මෙම මාතෘකාවෙන් ඉතිහාසය කථාවක් ගෙතීම සිංහල ජාතියට හා විශේෂයෙන් බුදු දහමට ඉතා ම ප්‍රයෝජන වත් වේ.