Monday, August 25, 2014

ෆයිල් වල අමතර පිටපත් ඉවත්කරන මෘදුකාංගයක්

මේක මගේ වැඩ පහසු කරගන්න හදපු එකක්
යම් ෆෝල්ඩරයක එකම දත්තය අඩංගු ෆයිල් කිහිපයක් ඇතිවිට
ඒවායින් එකක් පමනක් ඉතිරිවන ආකාරයට වැඩි පිටපත් මකා දැමීමත්
ෆෝල්ඩර කිහිපයක ඇති ගොනුවල දත්ත සංසන්දනය කර මුල් ෆෝල්ඩරයේ ඇති
ගොනු වල පිටපත් ඉතිරි ෆෝල්ඩර වලින් මකා දැමීමත් මෙයින් කෙරෙනවා

ක්‍රියා කරන අන්දම
එක් ෆෝල්ඩරයක දත්ත සංසන්දනය කර බැලීමට එම ෆෝල්ඩරයේ පථය (path)
ඉහල ඇති කොටුව තුල ලියන්න (නැතිනම් ඇද දමන්න - drag and drop)
සක්‍රීය වී ඇති බොත්තම ඔබන්න
ෆෝල්ඩර කීපයක දත්ත සංසන්දනය කිරීමට නම්
"ෆෝල්ඩර කීපයක් සසඳන්න" තෝරන්න
ඉන්පසු සක්‍රීය වී ඇති පහල ලැයිස්තුවට එම ෆෝල්ඩර ඇද දමන්න
සක්‍රීය වී ඇති බොත්තම ඔබන්න
කවුලුවේ මාතෘකාව තුල FINISH සටහන් වන තුරු බලා සිටින්න

DOWNLOAD