Sunday, January 7, 2024

අරාබි බස(ද) රාජ්‍ය භාෂාවක් කරනු!

 

 


        අන්තර්ජාලයෙන් හමුවූ ශාන් ෂිරාජ් මහතා ඉස්ලාම් ආගමට දැඩි ලෙස ඇලුම් කරන පුද්ගලයෙක් බව පෙන්නුම් කෙරෙයි.

මම ඔහුගේ ෆේස්බුක් පිටුවට ගොස් ප්‍රශ්නයක් ඇසුවෙමි.

ලංකාවේ වසන මුස්ලිම්වරුන්ට සුන්නත්/ මහෘෘ භාෂා වන්නේ සිංහල, දෙමළ දෙකින් මොනවා ද?

කරුණාකර ඔබේ පෞද්ගලික අදහස්  නොව කුරාන් සහ හදීත් ඇසුරින් පැහැදිලි මතයක් ඉදිරිපත් කරන්න.

මම ඉහත ප්‍රශ්නය නැගුවේ  ශාන් ෂිරාජ් මට වඩා ඉස්ලාමය ගැන දැනුමක් ඇත්තෙක් නිසා, ඔහු මා බලාපොරොත්තු වන උත්තරය දුන්නේ නම්, ඔහු දෙන උත්තරය පිටපත් කර තබා ගෙන වෙනත් මුස්ලිම්වරුන්ට, උඹලගේ එකෙක් මෙහෙම කිව්වා කියා ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවෙනි.

අනිත් මුස්ලිම්වරු සේම ශාන් ෂිරාජ් ද බයිලා ගසා එම ප්‍රශ්නය මගහැරියේය.

 

මගේ දැනුමට අනුව මුස්ලිම්වරයෙක්ට ඒ සම්බන්ධව නිගමන දෙකකට එළඹිය හැක.

1. දෙමළ භාෂාවෙන් මේ රටට හොඳක් වෙන්නේ නෑ. සමාජය භේද වීම විතරයි වෙන්නේ.

ඒ නිසා මුස්ලිම්වරු දෙමළ භාෂාව අතහැරිය යුතුයි.

මුහම්මද් තුමා ලංකාවේ නායකයා වුනා නම් මුස්ලිම් වරුන්ට දෙමළ භාෂාව තහනම් කරලා හදීත් වාක්‍ය කියන බව සහතිකයි.

2. දෙමළ භාෂාව නිසා මිථ්‍යා දෘෂ්ටිකයෝ භේද වෙනවා. ඒක මුස්ලිම් වරුන්ට වාසියක්. ඒ නිසා පුළුවන් තරම් දෙමළ භාෂාව උස්සන්න ඕනේ.

(ඔය මතයට ගැලපෙන හදීත් වාක්‍යත් සොයා ගත හැක)

 

වැදගත් ම දේ වන්නේ තමයි තර්කානුකූලව බැලුවොත් මේ නිගමන දෙකම ඉස්ලාම් ආගමට එකඟ වීමයි.

මම හිතන්නේ මුස්ලිම්වරු වැඩි දෙනෙක් ඉන්නේ දෙවැනි මතය තුල බවයි.

රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂකවරයෙක් වන නිලාර් එම් කාසිම් නැමති පුද්ගලයා මුල් කාලයේ හිටියේ පලමු මතය තුල, ඔහු දෙමළ කතා කිරීම ඉස්ලාම් දහමට එකඟ නැතැයි පුවත්පත්වලට ලිපිද ලියා ඇත.

නමුත් දැන් ඔහු 2වැනි මතය තුලට ගොස් ඇති බව පෙනී යයි.

 

රටකට තිබිය හැකි හොඳම භාෂා ප්‍රතිපත්ති අවරෝහණ පිලිවලට දැක්වුව හොත්,

1. එක රටක් එක බසක්

2.මහජාතියේ භාෂාව පොදු භාෂාව කර ගැනීම. (හොඳම උදාහරණය ඇමරිකා එක්සත් ජනපදයයි. නමුත් ඇමරිකන් සුද්දෝ එය කල අයුර ගුරු මුෂ්ටියක් ලෙස තබා ගෙන ඇති බව පෙනී යයි. මා ඇමරිකානුවෙක්ට ජනාධිපතිවරණයේදී චන්දය දීමට බලපෑ ප්‍රධාන හේතුවත් එයයි.)

3. භාෂා දෙකක් සහ මහ ජාතියේ භාෂාව පොදුබස වීම (උදාහරණ: කැනඩාව)

3. භාෂා කිහිපයක් ජාතික භාෂා ලෙස පිලි ගෙන ඉංග්‍රිසි පොදු බස කර ගැනීම (හොඳම උදාහරණය ඉන්දියාවයි, ඒත් මේ ක්‍රමය කොපමණ සාර්ථක දැයි දැන්ම කීමට බැරිය)

4. භාෂා දෙකක් සහ මැද්දට ඉංග්‍රීසි. (මෙය රටකට තිබිය හැකි බලුම බලු භාෂා ප්‍රතිපත්තියයි. හොඳම උදාහරණය ලංකාවයි)

භාෂා දෙකයි ඉංග්‍රීසියි වෙනුවට භාෂා 3යි ඉංග්‍රීසියි සූත්‍රය “හොඳ“ය.

 

මනෝ විද්‍යාත්මක බැලූ විට මිනිසුන්ට තෝරා ගැනීමට වර්ග දෙකකින් එකක් ලැබුන විට තමාගේ “එක“ සහ “තමාගේ නොවන එක“ ලෙස සමාජය තුල පැහැදිලි බෙදීමක් ඇතිවිම වැළැක්විය නො හැක.

එයට විසඳුම දෙකක් වෙනුවට “ගොඩක්“ අතරින් එකක් තෝරා ගන්න ඉඩ දීමයි.

මීට සමාන කතාවක් චිත්‍රපටයක ඇසුවෙමි.

දෙවෙනි ලෝක යුද්ධයට සම්බන්ධ සෙබළ පිරිසක් අතරින් එක් මුස්ලිම් නොවන සෙබළෙක් මුස්ලිම් සෙබළෙකුගෙන්

උඹලාගේ ආගමේ ගෑණු 7ක් බඳින්න අවසර තියෙනවා නේද ඇසුවේ ය

නෑ ස‘ර් අපේ ආගමේ අවසර තියෙන්නේ 4ක් බඳින්න.

ගෑණු දෙන්නෙක් ගෙනාවොත් උන් දෙන්න රණ්ඩු වෙනවා.

3ක් ගෙනාවොත් දෙන්නෙක් එකතු වෙලා තුන් වෙනියට හිරිහැර කරනවා. ඒ නිසා 4ක් ගේනවා එතකොට හතර දෙනා හතර පැත්තකට වෙලා සාමයෙන් ඉන්නවා.

 

නැගෙනහිර පලාත තුල සිටින මුස්ලිම්වරු තුල අරාබි බස ගැන උනන්දුවක් ඇති බව පෙනීයයි.

සහරාන්ගේ “සලාම් බොම්බේ “ සිද්ධියෙන් පසු මේ ගැන කතිකාවක් ඇතිවිය.

ඒ ගැන වැඩියෙන් ම රිදී තිබුනේ මනෝ ගනේෂන්ටය.

සිංහල නොවන වෙනත් ඕනෑම පොල් බූරුවෙක්ට තේරෙන පරිදි මෙරට තුල මෙරට තුල දෙමළ භාෂාව පාවිච්චි වනුයේ ග්‍රෝත්‍රික සංකේතයක් ලෙසයි.

දෙමළ බස නිසා මේ රටට අවැඩක් මිස කිසිම හොඳක් සිදු නොවේ.

රටේ ස්ථාවරත් වය සඳහා දෙමළ භාෂාව දුර්වල කිරීම ඉතා වැදගත් කටයුත්තකි. මෙරට දෙමළ කතා කරන අයගෙන් 40% පමණ මුස්ලිම්වරුය.

දෙමළ කතා කරන මුස්ලිම් වරයෙක් දෙමළ අතහැර අරාබි  තම බස කර ගත්තොත් සිංහලයන්ට අහිමි වන්නේ මොනවා ද?

 

මගේ මොලයට තේරෙන පරිදි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලංකාවේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි වෙයි. එය අනිවාර්යය භාෂාව වන අතර සිංහල හෝ දෙමළ වෛකල්පික භාෂා දෙකක් පමණි.

ඒ නිසා නැගෙනහිර පලාත තුල අරාබි බස(ද) රාජ්‍ය භාෂාවක් කරන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කිසිදු බාධාවක් නැත.

     එයට අවශ්‍ය අමතර පරිපාලන වියදම් අරාබි රටකින් ලබාගන්නට හැක. එසේම ලාංකිකයන් විශාල පිරිසක් අරාබි රටවල රැකියා කරන නිසා. අරාබි ඉගෙන ගන්න අවස්ථා ලබා දීමෙන් ආර්ථික වාසියක් ද රටට ලැබිය හැක.



Thursday, January 4, 2024

මාගේ මෘදුකාංගයක් ෴ උපසිරැසි සමමුහුර්තකය෴

EXE

SRC

    මෙය  භාෂාව නිවැරදි නමුත් කාල පරාස දෝශ සහිත උපසිරැසි ගොනුවක්
කාල පරාස නිවැදිව ඇති උපසිරැසි ගොනුවක් ගුරු සිරැසිය ලෙස යොදාගෙන චිත්‍රපටයට ගැලපෙන ලෙස සමමුහුර්තනය කිරීමට යොදා ගනී.
    මෙම මෘදුකාංගය තැනුවේ මගේ අවශ්‍යතාවයක් සඳහාය.
එනම් මට The Machinist (2004) චිත්‍රපටය යූ ටියුබයෙන් බාගතකර baiscopelk.com අඩවියෙන් උපසිරැසි ගෙන එය නැරඹීමේදී උපසිරැසිය සහ චිත්‍රපටයේ කාල රාමුව නොගැලපෙන බව දුටිමි.
යූ ටියුබයෙන්ම ස්වයංජනිත උපසිරැසියක් ගත්විට එය චිත්‍ර පටයට ගැලපුනද, එහි බස එතරම් සුමට නැතිබව පෙනුනි. එමනිසා
    ඒ  උපසිරැසිය මගින් baiscopelk.com වලින් ගත් උප සිරැසිය චිත්‍රපටය සමග සම මුහුර්තකෙරුමට මෙම මෘදු කාංගය තැනුවෙමි.
    ඉදිරියේදී වෙනත් උපසිරැසිත් සම මුහුර්ත කිරීමට මෙය යොදා ගන්නා අතර ඒ අතරම මෙම මෘදුකාංගයේ  දෝශ නිවැරදි කිරීමටත් බලා පොරොත්තු වෙමි.
    චිත්‍රපටය ගැනත් වචනයක් කියමි.
මම මේ වනවිට චිත්‍රපට නරඹන්නකු නොව ඊිකැබ් අසන්නකු බවට පත්වී ඇත. මෙම චිත්‍රපටය කලකට පසු නැරඹූ එකකි.
හොඳ පිටපතක් බව නිසැකවම කිවහැක.
අවට්‍ම තාක්ෂණයක් සහ වියදමක් යොදවා කල හොඳ නිර්මාණයකි.
කතාව තුල ගැඹුරක් ඇති අතර ඒසේ වුවත් පහසුවෙන් තේරුමගැනිමටද හැකිය.


මෘදුකාංගයට උපදෙස් පැතිමට එලකිරියට ගියවිට ලැබුනු ප්‍රතිචාරයක්:



ශුද්ධ සිංහලෙන් පුක්ඛ දානය නොකර ඉංගිරිසියෙන් හෝ සිංගිරිසියෙන් පැන යොමු කරන්නේ නම් මැනවි. ඔබට ඉටුකරගැනීමට අවශ්‍ය කර්තව්‍යය හා සැබැදි දස දහස් උපකාරක ලිපියන් අන්තර්ජාලයේ ඉංගිරිසි භාශාවෙන් පවතී. උපසිරැසි ගොනු දෙකක් සමමුහුර්ත කිරීමට විශුවල් බේසික පුතා යොදාගැනීම ගගට කැපූ ඉනි හිසේ කඩා වැටුනාක් මෙන් විය හැකිය.

මෘදුකාංග සාදා සාදා පුක්ඛ ජේදනය කර නොගෙන පැතුරුම් පතක කොළම් හතරකින් හෝ නෝට්පෑඩ ධන ධන වලින් විවෘත කල අමු වචන ෆයිලයකින් උප සිරැසි ඉතා පහසුවෙන් සමමුහුර්ත කලහැකිය. සාමන්‍ය තොරතුරු තාක්ශණයේ පවතින පාරිභාෂික වචන අමු සිංහලයෙන් භාවිතා කරන්නා ශුක්‍රාණු මෝඩයෙකි. ඔබ වැනි තනි සිංහල වචන සරඹ කරන්නන් ජාතික අධ්‍යාපන ආයතනයෙත් සිටින නිසා සාමාන්‍ය පෙළ, උසස්පෙළ තොරතුරු තාක්ෂණය හදාරන සිසුන්ගෙ මව්වරුන්ට රමණය වී ඇත.

ලෝක චිත්‍රපට නිශ්පාදකවරුන්ගේ වෙබ් අඩවිය වන බයිස්කෝප් වෙබ් ද්වාරයෙන් උපසිරැසි බලා, ගුවන් යානයක් කඩා වැටෙද්දි "මැයි දිනය, මැයි දිනය" යමින් කෑ ගසන්නේ නියමුවන් ගුවන්ගත වුනේ මැයි පලවෙනිදා යනුවෙන් සිතා සිටින හිපාටුවන්ට මොන තොරතුරු තාක්ෂණයක්ද යැයි මට හැගේ. ඔබ මෙලෙස අමු සිංහල එදිනෙදා ජීවිතයෙත් භාවිතා කරන්නෙක් නම් ඔබගෙ දිවි තොරවෙන දින තුරු *උපසිරැසි ගොනු දෙකක් ලිස්ට් වීව් පාලක දෙකක් වෙත ගෙන යාමට* නොහැකි වනු ඇත. ධර්මය ඔබට මග වේවා!