Sunday, October 15, 2023

සිංහල භාෂාවට අනන්‍ය විරාම ලක්ෂණවල අවශ්‍යතාවය.

   ගොවි සංවිධානයක් එය ක්‍රියා කරන ප්‍රදේශයේ සිටින හොඳම ගොවීන් තිදෙනාට සම්මාන ලබාදෙන උත්සවයක් සංවිධානය කලේයැයි සිතන්න.
    එහිදී රාජපක්ෂ, වික්‍රමසිංහ, කුමාර දිසානායක නම් ගොවීන් තිදෙනා පිලිවෙලින් මුල් ස්ථාන තුන ගත්තේ යැයි සිතන්න.
    සම්මාන පිදීම සඳහා රනිල්, මහින්ද, අනුර නම් කෘෂිකර්මයට සම්බන්ධ රජයේ ඉහල නිලධාරීන් තිදෙනෙක් පැමිනියේ යැයි සිතන්න.

මේ සිද්ධිය පත්තරයක ලියන්නේ කෙසේද?
    රනිල් වික්‍රමසිංහටත්, මහින්ද රාජපක්ෂටත්, අනුර කුමාර දිසානායකටත් සම්මාන ලබා දුන්නේය.
    මේ වාක්‍යය පැහැදිලිවම අර්ථය විකෘති වන එකකි.
    නමුත් කතා කරන විට මේ වාක්‍යය පැහැදිලිව පැවසිය හැක.

මෙය මෙසේ ලිවිය හැක
“රනිල් ““වික්‍රමසිංහටත්“, “මහින්ද“ “රාජපක්ෂටත්“, “අනුර“ “කුමාර දිසානායකටත් “ සම්මාන ලබා දුන්නේය.
නමුත් එය ඉතා කරදරකාරී ක්‍රමයකි.

සාමාන්‍යයෙන් ලියන විට අරුත පැහැදිලි වීමට  මේ වාක්‍යය කතෘකාරක ලෙස ලියන්න සිදුවේ.

රනිල් අතින් වික්‍රමසිංහත්, මහින්ද අතින් රාජපක්ෂත්, අනුර අතින් කුමාර දිසානායකත් සම්මාන ලදහ.

    නමුත් මීටවඩා ලේසි ක්‍රමයක් නැතිද? විශේෂයෙන්ම සිංහල මව්බස නොවන කෙනෙක්ට සිංහල ලිවීම ඉගැන්වීම පහසුවීමට නම් හැකිතාක් ලියන බස සහ කතාකරන බස අතර බෙදීම අඩුවියයුතු බව මගේ අදහසයි.

    මගේ යෝජනාව නම් මේ වගේ වෙලාවට පාවිච්චිය සඳහා සිංහල භාෂාව සඳහා අමතර විරාම ලක්ෂන අවශ්‍ය බවයි.
මෙහි සඳහන් කටයුත්ත සඳහා ගැලපෙන විරාම ලක්ෂණය X යැයි සලකමු.

රනිල්  X වික්‍රමසිංහටත්, මහින්ද X රාජපක්ෂටත්, අනුර X කුමාර දිසානායකටත් සම්මාන ලබා දුන්නේය.

    මා ඉහත දක්වා ඇති උදාහරණයට සමාන තත්වයකට මුහුනදීමට මට සිදුවිනි.
ඒ ගිවිසුම් පත්‍රයක් සකස්කිරීමය යාමේදීය.

     කුණ්ඩලය (෴) හැර වෙනත් සිංහල විරාම ලක්ෂණ ඇත්දැයි නොදනිමි. සිංහල වඩු ලකුණු නැමති පැරණි සංකේත යුනිකේත වලට එක්කිරීමට වැඩපිලිවෙලක් සිදුවන බව ලඟදී දැනගතිමි.
 සිංහල කතාකරන භාෂාව ලිවීම සඳහා අමතර විරාම ලක්ෂන කිහිපයකුත් එක්වීම වැදගත්ය.
 
     සිංහල හෝඩියට Z අක්ෂරය එක්කිරීමට කතාවක්ද ඇතිවිය.
 මගේනම් මතය වන්නේ අමතර අකුරු  වෙනුවට අරාබි, හීබෘෘ වැනි භාෂාවල ඇති Z,Q වැනි ශබ්ද සඳහා එක පිල්ලමක් හඳුන්වාදීම වඩා සුදුසු බවයි. 

උදාහරණයක්:

Z=`ස

Q=`ක


Friday, October 6, 2023

නබි Vs නබි

 හීබෘෘ භාෂාවට අනුව නබි යන වචනයෙහි අරුත සාත්තරකාරයාය.

එනම් ඉන්දික තොටවත්තද නබිවරයෙකි 

එසේම ජෙරම් ප්‍රනාන්දුද නබිවරයෙකි.

මුහම්මද් (කොතම්[Qathem]?) නබිකෙනෙක්ද? නැද්ද? කියන කාරණය නොදනිමි.

නමුත් ඉන්දික නම් නිසැකවම නබිවරයෙකි.

එසේම මුහම්මද්ට හෝ ජෙරම්ට වඩා මට ඔහු වටියි.