Saturday, December 15, 2012

ආතර් සී ක්ලාර්ක් දෙස සිංහලයෙකුගේ ඇසින්



ආතර් සී ක්ලාර්ක් දෙස සිංහලයෙකුගේ ඇසින්

ආතර් සී ක්ලාර්ක් ශ්‍රී ලංකාව තුල මහත් ගරු බුහුමනට ලක් වූ අයෙකි.
ඔහුට ලංකාවේ සම්මාන පුරවැසි කම ලබා දුනි.
විවිධාකාර වූ සම්මාන රැසක් ලංකාවේ දී ලද හැකි විය.
මා ඉගෙන ගත් මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය ලබා දුනි.
කිසිදු සාක්ෂියක් නැතිව ද ඔහු සැදැහැවත් බෞද්ධයෙක් යැයි සිතා උදම් වන සිංහල බෞද්ධයන් ද බොහෝ සිටිති.
ඔහුගේ ගැඹුරු මුහුද නම් නවකතාවේ වාක්‍යයක් අල්ලා ගෙන උදම් අනන බෞද්ධයන් බොහෝ සිටිති. (අවාසනාවට මේ අතර භික්ෂූන් වහන්සේලා ද සිටිති.)
ලංකාවට කිසිදු සේවයක් නො කලත් ඔහු ලංකාවේ පුරවැසි භාවය ලත් අයකු වීම ගැන ආඩම්බර වන්නන් බොහෝ සිටිති.
ආතර් සී ක්ලාර්ක් මහතාගේ මරණය සිදු වූ අලුත විජය පරිගණක සඟරාවේ කතුවැකියක අප ආතර් සී ක්ලාර්ක් ගෙන් නිසි පල ලබාගත්තේ නැතැයි කියා කනස්සල්ල පල කර තිබුණි.
මම ද එම මතය පිළිගනිමි අප ඔහුගෙන් ගත යුත්ත ගත්තේ නැත!
ලංකාවේ දෙමළ ප්‍රශ්නය අවබෝධ කර ගැනීමේ දී ආතර් සී ක්ලාර්ක් මහතාගේ පොත් කියවීමෙන් විශාල ප්‍රයෝජනයක් ලද හැක (විශේෂයෙන්ම ලංකාව ගැන ඇති කොටස් කියවීමෙන්). මෙහි දී කාල් මාක්ස්ගේ පොත් වලට වඩා මෙම පොත් ප්‍රයෝජනවත්ය.
ආතර් සී ක්ලාර්ක් මහතාගේ ලංකාවේ මහ ජාතිය බර්ගර්වරු වෙති දෙවැනි ජන කොටස දෙමළ මිනිසුන් වන අතර සිංහලයන් යනු නො වැදගත් සුළුතරයකි මුස්ලිම්වරු ඇත්තේ ම නැත මෙහි දී දෙමළ මිනිසුන්ගේ බහුතරය බටහිර පන්නයට හුරුවුනු දෙමළ කළු සුද්දන් ය .
ඔහු තම පොත්වල ඇතැම් විට බුදු දහම ගැන සඳහන් කර ඇතත් කිසි විටෙක සිංහල බෞද්ධයෙක් ගැන සඳහනක් නැත. බුදු දහම දර්ශනයක් ලෙස හැදෑරූ සුද්දන් ගැන පමණක් සඳහන් කර ඇත.
ඔහුගේ අවසාන ග්‍රන්ථය වන “අවසන් සිද්ධාන්තය“ පොතේ සඳහන් වන පරිදි එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජය නොවන අතර, දෙමළ සහ ලංසි නියෝජිතයන් එක්වී සාකච්ඡා කර සාමය ලබාගනී අවසානයේ ලංකාවේ පාලනය කළු සුද්දන් පිරිසකට අයිති වේ.
මෙහි දී ආතර් සී ක්ලාර්ක් ගේ සැබෑ නොවුනු අනාවැකියක් ද සිහි කිරීම වටී, ඔහු චන්ද්‍රිකාට නොබෙල් සාම ත්‍යාගය ලැබෙන බව කියා තිබුණි. ඇත්තෙන්ම එම ප්‍රකාශයෙහි වැදගත්කමක් ඇත. මක්නිසාද යත්, නොබෙල් සාම ත්‍යාග කමිටුව පිහිටුවා ඇත්තේ නෝර්වේ රාජ්‍යෙයහිය, එබැවින් නෝර්වේ නියෝජිතයන්ගේ පදයට නටා ඊලමක් බිහිවුව හොත්, එයට කල ගුණ සැලකීමක් ලෙස  නොබෙල් සාම ත්‍යාගය ලැබීමේ ඉඩක් පවතී.
ආතර් සී ක්ලාර්ක් මහතා එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජය කල නො හැකි බව මියයන තෙක් ම විශ්වාස කල බව ඔහු අවසන් කාලයේ දී කල සාකච්ඡාවක දී කී කරුණු වලින් පැහැදිලි වේ.
ආතර් සී ක්ලාර්ක් මහතා තම ජීවිත කාලයෙන් අඩකට වඩා ලංකාවේ ගත කලත්  සිංහල වචනයක් ඉගෙනීමට උනන්දු නොවූ බව ද මතක් කල යුතු ය.
නාලක ගුණවර්ධනත් චන්දන ජයරත්නත් කෙතෙක් පඩික්කම් හේදුව ද, ආතර් සී ක්ලාර්ක් සිංහලයන් ව (විශේෂයෙන් සිංහල බෞද්ධයන්) පහත් කොට සලකා ඇති බව පැහැදිලි ය.
ආතර් සී ක්ලාර්ක් මහතා ගැන කිවූ මේ කරුණු සියල්ල ඔහුට පමනක් නොව සෑම ඉංග්‍රීසි ජාතිකයකුට ම අඩු වැඩි වශයෙන් අදාල බව වටහාගත යුතුය. ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් ව පැවති කල ලංකාවේ පැවතුණේ ආතර් සී ක්ලාර්ක් මහතාගේ පොත්වල ඇති සමාජයකි. එකල සිංහලයන්ට වඩා වැඩි බලයක් බර්ගර් වරුන්ටත් චෙල්වනායගම් මහතා වැනි දෙමළ කළු සුද්දන්ටත් ලැබී තිබුනි. නිදහස ලැබීමෙන් පසු සිංහල බලයක් යටතේ සිටීමට අකමැති වූ බර්ගර්වරු, ඕස්ට්‍රේලියාවට සංක්‍රමනයවී සුද්දන් යටතේ ජීවත් වීමට තීරණය කල අතර, වරප්‍රසාද ලත් දෙමළ නායකයන් දෙමළ ජනතාව සිංහලයන්ට එරෙහිව උසි ගන්වන ලදී. මෙය පසුව ත්‍රස්තවාදයක් දක්වා වර්ධනය විය. දෙමළ ජාතිවාදයට මුල සිට ම සුද්දන්ගේ සහය ලැබුණු බව ද අප අමතක කල යුතු නැත. එසේම දෙමළ ජාතිවාදීහු සුද්දන්ගේ අධිරාජ්‍ය වාදයට සේවය කලහ. උදාහරණයක් ලෙස ලංකාවේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි වීම දෙමළ ජාතිවාදියාට ගැටලුවක් වූයේ නැත. නමුත් එය රටේ වැඩිදෙනෙක්ට වැටහෙන සිංහලට හැරවීම ඔවුන්ට අනුව දෙමළ ජනයාට කල මහා අසාධාරනයකි, අද පවා දෙමළ ජාතිවාදීහු සුද්දන්ට කේලම් කීමට උනන්දු වෙති. නමුත් සුද්දන්ගේ රටවල දෙමළාට හිමිවී ඇති තත්වය කිසිවක් නො කියති.
සුද්දන් විසින් පෝෂණය කරන දෙමළ ජාතිවාදයේ එක් අංගයක් වූ ත්‍රස්තවාදය පරාජය කිරීමට සුද්දාගෙන් ම උදව් ඉල්ලීම, හොරාගේ අම්මාගෙන් සාස්තර ඇසීමක් වෙයි. නෝර්වේ සාම නිරීක්‍ෂකයන් ගේ හැසිරීමෙන් මෙය මනාව පැහැදිලි වේ.
ඉංග්‍රීසීන් හිරු නො බසින අධිරාජ්‍යයක් පිහිටෙව්වේ යුධ ශක්තියටත් වඩා කපටිකම හා වශීකරගැනීම මතය. අද පවා බොහෝ සිංහලයන් සිතා සිටින්නේ දෙමළ ඩයස්පෝරාවේ බොරු ප්‍රචාර වලට රැවටී, බටහිර රටවල් ලංකාවට එරෙහිව කටයුතු කරන බවයි. එයින් නොකියා කියන්නේ සුද්දන් සර්ව සාධාරණ බව නොවේද? එය සත්‍යයක් නම් අරාබිවරුන්ගේ කතා අසා ඊස්‍රායලයට විරුද්ධව කටයුතු නො කරන්නේ මන්ද? හිරු නො බසින අධිරාජ්‍යයක් පිහිටෙ වූ ජාතියක් දෙමළ සංක්‍රමනිකයන්ගේ කතා වලට රැවටෙයි ද?
ආතර් සී කලාර්ක් නම් පර සුද්දාට මෙරට දී නුවුමනා ගරු බුහුමන් ලැබුණේ අපේ මෙම පර ගැති බව නිසාම ය. ඉදිරියේ දී වත් මෙයින් මිදීමට කටයුතු කරමු.
 ආතර් සී ක්ලාර්ක් මහතාගෙන් ගත හැකි ලොකු ම ප්‍රයෝජනය එයයි.


8 comments:

  1. නියම ලිපියක් වසරේ හොදම ලිපියද කොහෙද, මමත් මුගේ නවල්ස් කියවල තියෙනවා, ඒ ත් අපේ රටේ මෙයාව ඕනවට වැඩ උස්සල තිබ්බ, පහරය අපේ රටේ ලගල අපිටම ඇරල,මම හිතන්නේ මේ වගේ ලිපි ලියන්න ඕන සත් අන්ත පුවත් පතකටවත්,

    ReplyDelete
    Replies
    1. ජාතික පුවත්පත්වල ඕව පල කරනවයැ

      Delete
  2. ක්ලාක් ගොයියා මෙහේ හිටියේ සමලිංගික ඇසුර ලබාගත හැකි නිසා යැ්‍රි කතාවක්ද තිබුණි.

    චාලි ඇවිත් ආතර්ට නයිට් කම දෙන එක තව පොඩ්ඩෙන් වැළකෙන්නටද ගියේය.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්තලු.ළමා අපචාර චෝදනාත් තිබුනා.තාරකා විද්‍යාව ගැන කුතුහලයෙන් හිටපු පොඩි එවුන්ට මේ බල්ල ගල් කපන්න ඇති.

      Delete
  3. මේ අය ජේ වී පී ද කොහෙද

    ReplyDelete
  4. මම අහම්බෙන් ආවෙ.ඇත්ත කතාව.ඔය වගෙ පරයො උස්සල තියනව කියන්නෙ හීනමානකමක්.ඕක එක කතාවක හාමුදුරුනමක් ගැන කියනව.ඒ හාමුදුරුවොත් මෙහෙ ඇවිත් මහන වුන සුද්දෙක්

    ReplyDelete