මෙම ලිපිය ලියන විට ජනාධිපතිවරණ අවසන්
ප්‍රතිඵලය ලැබී නැති නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වන බවට පැහැදිලි
ලකුණු පෙනේ.ඉදිරි දේශපාලනය මෙසේ වෙයි නම් මම එයට කැමැත්තෙමි.
මේ දිනවල කාර්යය බහුල බැවින් හැකි තාක්
කෙටියෙන් අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙමි.
මුලින් ම (plan
A) පැහැදිලි කරමි.
මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද ජය ලබා
ඊළඟ ජනාධිපතිවරණයෙන් රනිල් හෝ වෙනත් නායකයෙක් එක්සත්ජාතික පක්ෂය නියෝජනය කරතරඟ කර
ජනාධිපති බවට පත්වීම මගේ පැතුම විය.එක් නායකයෙක් දිගටම බලයේ සිටීම මම අනුමත නො කරමි.
කිසිදු දේශපාලනඥයෙක් අමරණීය නොවන අතර එක් නායකයෙක් යටතේ දිගටම රට පාලනය වුවහොත්
සුදුසු දෙවනපෙල නායකත්වයක් නැති වීම නිසා එම පාලනය වෙනස්වුවහොත්රට තුල දරුණු
අර්බුද ඇතිවීමේ අවදානමක් පවතී
මෙම ආකාරයට වැඩ සිදුනොවුනු නිසා
ඉදිරියේ දී රටේ දේශපාලනයට ගමන්කලහැකිහොඳම
මඟ කෙටියෙන් මෙසේ සටහන් කරමි.
1. මෛත්‍රීපාල මහතා විධායක ජනාධිපති ලෙස දිගටම පාලන බලය හෙබවිය යුතුය
නමුත් එහි වාර ගණන
2කට සීමාකලයුතු අතර අධිකරණයට වගකියන තනතුරක් කලයුතුය.
මෙරට බහුතරයකට (විශේෂයෙන් සිංහල බෞද්ධ
බහුතරයකට) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි
කිරීමටඅවශ්‍යතාවක් නැති බැවින් විධායක
ජනාධිපති ක්‍රමය පවත්වා ගැනීමේ වරදක් නැත.
දින 100වැඩපිළිවෙළ කුණු කූඩයට දැමිය යුතු ය.
2. එක්සත් ජාතික පක්ෂයෙන් හැකි තරම් මන්ත්‍රීවරු පිරිසක් එක් කර ගෙන
සන්ධාන රජයක්පිහිටුවියයුතු ය.
එහි දී ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින්ගේ විනය ගැන
විශේෂයෙන්ම කටයුතු කලයුතුය. එය
මෛත්රීපාලගේ දේශපාලන අනාගතයටද හිතකර වේ.
3. මහින්ද රාජපක්ෂ මහතා කල යහපත් කටයුතු දිගටම කර ගෙන යා යුතු ය.
4. ආණ්ඩුවේ මහින්ද පාක්ෂිකයන්ගෙන් පලි ගැනීමනොකලයුතු අතර තිස්ස අත්තනායක
මහතා ද පක්ෂය තුල
රඳවා ගැනීමට කටයුතු කලයුතු ය.
5. සිංහල බෞද්ධ ඡන්ද වලින් බහුතරය මහින්දට ලැබී ඇති අතර මෛත්‍රීපාල මහතා
බලය ලබා ගත්තේ
දෙමළ, මුස්ලිම්ඡන්ද වලින් වෙයි. නමුත් එම ඡන්ද අති බහුතරයක් මෛත්‍රීපාලට
ලැබුණු ඍජු ඡන්ද නොව
වාර්ගික දේශපාලන පක්ෂහරහා ලත් ඡන්ද වෙයි. මෙය දිර්ඝකාලීනව රටේ
ස්ථාවරත්වයට හා
මෛත්රීපාලගේ දේශපාලන අනාගතයට ද අහිතකර වෙයි එම නිසා මෛත්‍රීපාල
ජනාධිපති තුමා සිංහල
බෞද්ධ දේශපාලන අභිලාශයන්ටඑකඟ ව කටයුතු කර සිංහල බෞද්ධඡන්ද
පදනමක් ගොඩනඟා ගැනීමට
කටයුතු කල යුතු ය. නැතිනම් නැවතත් දෙමළ ජාතිවාදයේ ප්රබෝධයක්
ඇතිවී රට ලේවිලක් වීම
වැළැක්වියනො හැක.
6. වඩාත් ම වැදගත් කටයුත්ත නම් ජනාධිපති ලෙස උපරිම බලය යොදවා හෝ චන්ද්‍රිකා
කුමාරතුංගව නැවත
ලන්ඩනයට යැවීමයි. තවත් බණ්ඩාරනායක යුගයක් අවශ්‍ය නැත.
නව ජනපති තුමනියසලාලක තිස්ස රජුගේ
සුභසෙන්පතිගේ මඟ යන්න එය ඔබටත් රටටත් දෙකට ම හිතකර වෙයි.
නැති නම් ඔබ ජාති ද්‍රෝහියෙක් ලෙස
ඉතිහාසගතවනු ඇත.
ඔබේ අදහස් ඉස්තරම් ය. විසි පහේ යහපාලන ඇමති මණ්ඩලය පත් කිරීමට පෙර පල කෙරුණු බැවින් තරමක් දුරට කල් ඉකුත් වුවත් ඒ ගැන අදහසක් පල නොකර සිටීමට තරම් පරණ නැත.
ReplyDelete6. මෙය කෙරෙන දෙයක් නොවේ. ඈ ඇගේ මනාපයට පැමිණ ඇගේ මනාපයට පිට වී යනු ඇත. මෙහි රැඳී සිටීම ඇගේ මනාපය නොවේ. ලංඩනය ඇගේ නිවසයි.
5. සිරිසේන බලය ලබා ගත්තේ ගෝත්‍රික චන්ද වලින්ය යන්න සත්‍යයකි. එහෙත් ඒ ගැන ඔහුට කළ හැකි දෙයක් නැත. මෙය ඔහු ඉල්ලූ දෙයක් නොවේ. සර්වබලධාරියා විසින් තෝරා ගත් පුද්ගලයා ඔහුය. තෝරා ගත් දේ මිස වෙන දෙයක් කිරීමට ඔහුට ඉඩක් නැත. සියල්ල සිදු වන්නේ පූර්ව යෝජිත සැලැස්මකට අනුවය. රට ලේ විලක් වීම විමල් විරවංශගේ බොරුවකි. ඕනෑ දේ නිකංම ලැබෙනා කළ ලේ හලා ගැනීමට තරම් දෙමළු සහ තම්බි මෝඩ නැත.
4. කීමට දෙයක් නැත.
3. මහින්ද රාජපක්ෂ මහතා කල යහපත් කටයුතු මොනවාදැයි කිව යුතු වන්නේ ඔබට යහපත් කටයුතු යැයි පෙනෙන දේ මට එසේ නොපෙනිය හැකි බැවිණි. සිරිසේන ඇතුළු නඩයට පෙනෙන්නේ වෙනත්ම අයුරකිනි.
2. සිදු වන්නේ මෙහි අනෙක් පැත්තයි. නව ප්‍රජාතාන්ත්‍රික පෙරමුණේ ජනාධිපතිවරයා ශ්‍රී.ලං.නි.පක්ෂය බිලී බා ගැනීමට යහපාලන උත්සාහයක් දරමින් සිටී.
1. ඔබ සිරා ගැන යම් බලාපොරොත්තුවකින් සිටින බව පෙනෙයි. එයට අභියෝග කිරීමට තවම කල් වැඩිය. අපටනම් බේබදු කොන්ත නෝනාගේ මෙහෙවර කරන සකල බුජං ගැන තඹ දොයිත්තු අලුක්කාලක විශ්වාසයක් නැත.
* යහපාලනයක් > http://katha32.blogspot.com/2015/01/in-operation.html
* මෛත්‍රී පාලනයක් ... හැබෑට !!! > http://katha32.blogspot.com/2015/01/love-control.html