Monday, April 13, 2015

ජාතික ගීය සහ එහි පරිවර්තන
ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ දෙමළ පරිවර්තනය ගැන මගේ මතය දැක්වීමට අදහස් කරමි.
ශ්‍රී ලංකාවේ ජාතික ගීය වන්නේ ආනන්ද සමරකෝන් මහතා විසින් රචනා කල පසුව සුලු සංශෝධනයන්ට ලක් කල සිංහල ජාතික ගීයයි.
ජාතික ගීයේ දෙමළ භාෂා මාධ්‍ය පරිවර්නය එවක අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වූ කේ. කනගරත්නම් මහතා විසින් ද ඉංග්‍රීසි භාෂා මාධ්‍ය පරිවර්තන දෙකින් එකක්‌ එවක ඉන්දුනීසියාවේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදුකළ සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහතාත්, අනෙක්‌ ඉංග්‍රීසි පරිවතනය එවක පුරාවිද්‍යා කොමසාරිස්‌වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් ද සිදුකොට තිබේ. එමෙන්ම ජාතික ගීයේ දෙමළ භාෂා මාධ්‍ය පරිවර්තනය පණ්‌ඩිත් නල්ලතම්බි මහතා විසින් ද සිදුකළ බවට පිළිගැනීමක්‌ තිබේ.
මේ අනුව ජාතික ගීයට ඉංග්‍රීසි පරිවර්තන දෙකක් ද, දෙමළ පරිවර්තනයක් ද ඇත. නමුත් අප මතක තබාගත යුතු කරුණ නම් ඒවා පරිවර්තන මිස ජාතික ගීය නොවන බවයි. මහින්ද රාජපක්ෂ මහතාට ජනමත විචාරණයකට නො ගොස් ජාතික ගීයේ දෙමළ පරිවර්තනය ගැයීම තහනම් කල හැකි වූයේ ඔහු ඒකාධිපතියෙක් වීම නිසා නොව එය ජාතික ගීය නොවන නිසයි. හිටපු විනිසුරු වරයෙකු වූ විග්නේෂ්වරන් මහතා පවා මේ සම්බන්ධයෙන් නීති තර්ක මතු නොකලේ ඔහු ඒ ගැන දන්නා නිසා විය යුතුයි.
එබැවින් ජාතික ගීය ගායනා කල යුතු අවස්ථාවක පරිවර්තන ගැයීමත්, පරිවර්තන ගීයක් ජාතික ගීය ලෙස හඳුන්වා දීමත් දඬුවම් ලැබිය යුතු වරදක්. මෙවැනි වරදක් වන විට නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට දැනුම්දීම සෑම ශ්‍රී ලාංකිකයෙකු ගේම වගකීමක්. ජාතික ගීය ගැයීමට පෙර හෝ පසු පරිවර්තන ගීය ගැයීමේ වරදක් තැති අතර ජාතික ගීයට දක්වන ගෞරවය එයට දැක්වීමේ අනිවාර්යය අවශ්‍යතාවක් ද නැත. ජාකික ගීය ගැයිය යුතු විට ජාතික ගීය ලෙස නිල ජාතික ගීය ගැයිය අතර පරිවර්තන ගීයක් ගැයීම ආයතනයේ සාමාජිකයන් හෝ උත්සව සංවිධායක මණ්ඩලය විසින් තීරණය කල යුතුයි.
දෙමල ඉංග්‍රීසි පරිවර්තන වලට අමතරව වැදි, මැලේ, තෙලිඟු (නයි පණික්කි), අරාබි, භාෂා වලින්ද මෙහි පරිවර්තන තිබිය යුතුයි. ඊටත් අමතරව හෙළ හවුලේ නයුවන් හුදු හෙළුවෙන් ජාතික ගී පරිවර්තනයක් තැනීමට කටයුතු කල යුතුයි. වැදි පරිවර්තනයක් අනිවාර්යයෙන් ම තිබිය යුතුයි මන්ද දෙමළ සහ ඉංග්‍රීසි යනු විදේශීය භාෂා වන නමුත් වැද බස ශ්‍රීලාංකේය බසක් වීමයි. ආදිවාසී දිනයේ දී නිල ජාතික ගීයට අමතරව වැදි පරිවර්තනයක් ගැයීමට සැලැස්විය යුතුයි. පිල්ලෙයාන් මහතා පවා එයට කැමති වනු ඇති. පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවක දී ඉංග්‍රීසි පරිවර්තන දෙකෙන් එකක් ද, හෙල හවුලේ රැස්වීමක දී හෙළු ගීයක් ද, පාප් වහන්සේ පැමිණි විටක ලතින් පරිවර්තනයක් ද නිල ජාතික ගීයට අමතරව ගැයීමට සැලැස්විය හැක.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් කෝල්බෲක් කොමිසමේ නිර්දේශ මත ලංකාවේ එතෙක් දිගුකලක් පැවති රාජකාරි ක්‍රමය අවලංගු කලා. රාජකාරි ක්‍රමය තිබුනේනම් ලංකාව තුල රැකියා වියුක්තියක් ඇති නොවන බවට තර්ක කල හැකියි. එසේම ඉංග්‍රීසි රජය එය අවලංගු කලේ රාජ්‍ය වියදම් අඩුකර ගැනීමේ අරමුනෙන්. මගේ “ආචිරි” කුලයේ මිතුරන් කිහිපදෙනෙක්ම කියා ඇති පරිදි මෙයින් වැඩිම පාඩුව වුනේ “ආචිරි” මිනිසුන්ට. ඒ කෙසේ වෙතත් සුද්දා අවලංගු කල රාජකාරි ක්‍රමය නැවත ඇති කල යුතු යැයි සිහිබුද්ධිය ඇති කෙනෙක් යෝජනා කරන්නේ නෑ. මේ ලෙසම ජාතික ගීයේ පරිවර්තන ගැයීම තහනම් කිරීමත් මේ ආකාරයේ ම ප්‍රගතිශීලී කටයුත්තක්. වගකිවයුතු රජයක් කල යුත්තේ එය දිගටම පවත්වා ගැනීමයි. පරිවර්තන ගැයීමට ඉඩ දීම නිසා අනවශ්‍ය ගැටලු සහ අප්‍රසන්න වාද භේද ඇතිවිය හැකියි. විශේෂයෙන්ම එය වන්නේ සිංහල දෙමළ ජනවර්ග එකට සිටින විටයි, එවිට සිදු වන්නේ සිංහල දෙමල ජනවර්ග වල අයට එකට සිටීමට වඩා වෙන්ව සිටීම පහසු වීමක් එනම් වාර්ගික අනුකලනයට බාධා කිරීමක් දෙමළ වර්ගවාදීන්ට අවශ්‍යත් එයමයි සිංහලයා යනු ශ්‍රී ලාංකිකයාම බැවින් (එය පිළිගැනීම / නො පිළිගැනීම ඔබේ වැඩක්) වාර්ගික අනුකලනයට හේතුවන, ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීමට හේතු වෙන වෙනසක් වෙනුවෙන් කැප කිරීම් කිරීමට සිංහලයන් මැලිවිය යුතු නෑ මන්ද කැප කරන ප්‍රමාණයට වඩා දෙයක් දිගුකාලීනව සිංහලයන්ට ලැබෙනවා. වාර්ගික අනුකලනයට එරෙහි වන දෙයකට සිංහලයන් විරුද්ධ විය යුතුයි. ජාතික ගීයේ දෙමළ පරිවර්තනයට ඉඩ දීමෙන් සිංහලයන්ට අහිමි වන්නේ කුමක් ද යන ගැටලුවට මගේ උත්තරය එයයි.
එසේම අතීතයේ පටන් පරිවර්තන ගැයීමට ඉඩ දී තිබූ නිසා (දෙමළ පරිවර්තනයට පක්ෂ වූවන්ගේ තර්කය) කිසිම වාර්ගික සමඟියක් ඇති නොවුනු බවත් කිව යුතුයි. මෙම කරුණ සම්බන්ධව ජනමාධ්‍යයද තම වගකීම නිසි ලෙස ඉටුකලේ නෑ. මුස්ලිම් සමාජය තුල මලාලා යුසුෆ්, සල්මන් රුෂ්ඩි, තස්ලිමා නස්රීන් ආදීන් සුලු පිරිසක් යොයාගත හැකිනම්, ජාතික ගීයේ දෙමල පරිවර්තනයට විරුද්ධ දෙමළ වාර්ගිකයන් ඊට වැඩි ප්‍රමාණයක් සොයා ගත හැකි විය යුතුයි. ජනමාධ්‍ය (විශේෂයෙන් සිංහල ජනමාධ්‍ය) මෙම පිරිසගේ අදහස්වලට ඉඩක් වෙන් කලේ නෑ. මුස්ලිම් වරුන් ගෙන් නම් අති බහුතරයකට මෙය අවශ්‍ය නෑ ඔවුන්ට ද ජනමාධ්‍යය වල ඉඩක් වෙන් කෙරුණේ නෑ.
මෙම කරුණේ දී අපට සිංගප්පූරුවෙන් ආදර්ශයක් ගත හැකියි. මුස්ලිම් සුළුතරයක් සිටින නමුත් ජාතික කොඩියට ඉස්ලාමීය සංකේත අඩංගු කර ඇති එකම රට සිංගප්පූරුවයි. නමුත් සිංගප්පූරුව යනු මැලේසියාවේ කොටසක් ව තිබී පසුව “බර්ගර් චීන්නුන් ගේ” (මගේ වදනක්) ආධිපත්‍යයට ලක් වූ රටක් මැලේසියානු මුස්ලිම් වරුන්ට සාපේක්ෂව සිංගප්පූරු මුස්ලිම් වරුන්ට ජාතික කොඩියේ හඳ පලුව හැර කිසිවක් ලැබී නෑ.
ඒ ආකාරයට ම අවශ්‍ය නම් ලංකාවේ නිල ජාතික ගීය වශයෙන් දෙමළ බසින් ගීයක් යොදාගැනීමට සිංහලයන් විරුද්ධ විය යුතු නැත. නමුත් ඒ ලංකාවේ දෙමළ ජන වාර්ගිකයන් (තමිල්නාඩු ඩයස්‍පෝරාව ලෙස ද හැඳින්විය හැක) ඒ වෙනුවට ඊට වඩා වැඩි දෙයක් කැප කරන්නේ නම් පමණක්ම ය.
2002-2004 කාලයේදී රනිල් ප්‍රභා ගිවිසුම් ගැසූ යුගය මට සිහිවේ. එකල උතුරේ දෙමළුන් හමුදාවට රෙද්ද උස්සා පෙනවූහ එසේම දකුනේ අපේ ක්‍රිස්තියානි මිතුරන් බෞද්ධ අපට රෙද්ද උස්සා පෙන්වූහ. එම යුගය නැවත උදාවී ඇතිබව පෙනේ. එබැවින් ඉදිරි මැතිවරන වලදී රනිල් මෛත්‍රී හවුල් පැරදවීමට සිංහල බෞද්ධයන් සැමදෙන ක්‍රියාකල යුතුය.

2 comments:

  1. ඔබ ගේන ෙබාහෝ තර්ක වල පදනමක් නැහැ....... අනික සමස්ථය අවසානයේ පවත්නා දේශපාලන ප්‍රවාහයට විරුද්ධය භාවිතා කිරීමේ අරමුණකින් ලියූවක් බව පේනවා....... මොනවා වුණත් ඔබේ ලිවීම හොදයි....... අපි දිගට ම සංවාද කරමු.....

    ReplyDelete
    Replies
    1. හුටා !
      පුදනකොටම කාපි යකා !!

      ඇයි වදේ, තර්ක වල පදනමක් නැහැ කියල ගෙඩිය පිටින්ම කියන්නේ කොහොමද, මොනවද ඒ තර්ක, මොකද ඒවායේ පදනමක් නැත්තේ වගේ මොනවා හරි කියනවකො. එහෙම කිව්වමනේ "අපි දිගට ම සංවාද කරමු....." කියන එක අර්ථාන්විත වෙන්නෙ.

      Delete