හකුලුවා තැබිය හැකි ඇඳන් හඳුන්වන්නට “බූරු ඇඳ”
නම් වදන සිංහල බාශාවෙන් යොදයි.
ඉංග්‍රීසියෙන් “කාර්ඩ්” යන නමින් හඳුන්වන ක්‍රීඩාවට
සිංහලෙන් පාවිච්චි කෙරෙනුයේ “බූරු සෙල්ලම” හෝ “බූරුවා ගැහීම” යන වදනයි. බූරුවා නම්
තෙක් සිටියත් මෙම අවස්ථාවේදී එම වචනය යොදන්නේ එම සත්වයා හැඳින්වීමට නොවේ. මෙම
අවස්ථාවල බූරුවා යනුවෙන් හඳුන්වනුයේ කවුදැයි දන්නා අය අල්ප බැවින් මෙය ලිවීමට
තීරණය කලෙමි.
දකුණු අප්‍රිකාව ලන්දේසි පාලනයට යටත්වූ පසු ඕලන්ද
සංක්‍රමණිකයන් රාජ්‍ය අනුග්‍රහයද ඇතිව එහි ජනපද පිහිටුවා ගත්හ. මෙම සංක්‍රමණිකයන්
හැඳින්වීමට බෝවර් (Boer - ලන්දේසි බසින් මෙහි අරුත “ගොවියා” වේ) යන වදන
පාවිච්චි කරන ලදී. බෝවර් වරුන් සමන්විත වූයේ ලන්දේසි ජාතිකයන්ගෙන් සහ රෙපරමාදු ක්‍රිස්තියානි
ආගම වැළඳගැනීම නිසා ප්‍රංශයෙන් පිටුවල්කරනු ලැබ ඕලන්දයට සංක්‍රමණය වූ ප්‍රංශජාතිකයන්
ගෙනි. මොවුන් දකුණු අප්‍රිකාවේදී ඕලන්ද පාලනය තුල අර්ධ ස්වාධීන ජාතියක් ලෙස
සිටියහ.
1814 දී දකුණු අප්‍රිකාව බ්‍රිතාන්‍යයට
යටත්වීමෙන් පසු බ්‍රිතාන්‍ය පාලනය යටතේ මොවුන්ට හිරිහැර සිදුවිය. දකුණු අප්‍රිකාව
යටත්කරගැනීමේදී එහි බෝවර් වරුන්ට දේශපාලන බලතල සහ ඔවුන්ට ආර්ථික වාසි ලැබෙන අන්දමට
පාලනය කරන බවට මුලදී බ්‍රිතාන්‍ය පාලකයන් එකඟ වුවත් පසුව බෝවර් වරුන්ට දේශපාලන
බලතල ලබා නොදීමටත් බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයන්ට වාසිවන ආර්ථික ප්‍රතිපත්තියක්
අනුගමනය ඔවුන් කටයුතු කලහ. මේ නිසා දකුණු අප්‍රිකාව තුල බ්‍රිතාන්‍ය පාලනය පෙරලා
දැමීමට බෝවර්වරු කිහිපවරක්ම සටන් කලහ. මෙම සටන් බෝවර් යුද්ධ ලෙස හඳුන්වයි.
මෙම යුද්ධ වලින් ජයගැනීමට බ්‍රිතාන්‍ය
සමත්විය.
මෙයින් වඩාත්ම දරුණු යුද්ධය දෙවැනි බෝවර් යුද්ධය වේ. 1899 සිට 1902 අතර
කාලයේ පැවති මෙම යුද්ධයේදී දකුණු අප්‍රිකාවේ නැගෙනහිර සහ උතුරු ප්‍රදේශ කිහිපයක බ්‍රිතාන්‍ය
පාලනය තාවකාලිකව පෙරලා දැමීමට බෝවරුවරු සමත්විය.
මෙම සටනේදී බ්‍රිතාන්‍ය යුධ උපක්‍රමයක්
වශයෙන් බෝවර්වරු විශාල සංඛ්‍යාවක් (මට සොයාගත හැකිවූ අන්දමට 60 000කට වැඩි)
රැඳවුම් කඳවුරුවල (Concentration
camps) රඳවා තබන ලදී.
පසුව බෝවර්වරු මෙම කඳවුරුවලට පහරදී රැඳවියන් මුදා
ගැනීමට ක්‍රියාකල නිසා වැඩිහිටි පිරිමි සිරකරුවන්ව පිටරටවලට යැවීමට බ්‍රිතාන්‍ය
පාලකයත් කටයුතු කලහ. මෙසේ ඔවුන් ලංකාව, ඉන්දියාව සහ ශාන්ත හෙලේනා දූපත්වල එලිමහන්
සරකඳවුරු වලට යවන ලදී.
ලංකාවට එවන ලද මෙම සිරකරුවන් ප්‍රධාන වශයෙන් කොළඹ
සහ දියතලාවේ රඳවා තබන ලදී.
වනබිමේ සිරකරු නම් පොතේ සහ එයින් තැනූ ටෙලිනාට්‍යයේ
සඳහන් කරන “එංගල්” මෙසේ එවන ලද බෝවර් ජාතිකයෙකි.
කොළඹ රඳවන ලද බෝවර් සිරකරුවන් සඳහා සපයා දුන් ඇඳට
මුලදී “බෝවර් ඇඳ” ලෙසත් පසුව “බූරු ඇඳ” ලෙසත් සිංහලයන් විසින් හැඳින්විනි. (බෝවර්වරු බිම
නිදාගැනීම ප්‍රතික්ශේපකල නිසා ඉක්මනින් අඩු වියදම් ඇඳක් තනන ආකාරය පවසන්න යැයි බ්‍රිතාන්‍ය
නිලධාරීන් දැන්වූ විට මෙම ඇඳේ සැලැස්ම බෝවර් වරුන්ම ඉදිරිපත් කරන ලදී.)
මෙම බෝවර් සිරකරුවන් ලංකාවේ සිටියදී කාලය ගෙවා
දැමීමට කල සෙල්ලමට සිංහලයන් “බෝවර් සෙල්ලම” ලෙස හැඳින්වූහ පසුව එය “බූරු සෙල්ලම”වී
ඉන්පසු “බූරුවා ගැහීම” බවට පත් විය.
බෝවර් යුද්ධයෙන් පසු මොවුන් වැඩි දෙනෙක් නැවත
දකුණු අප්‍රිකාවට ගෙන ගිය අතර, බූරු ඇඳ සහ බූරු සෙල්ලම සිංහල සංස්කෘතියට උරුම විය.
බූරුවා ගැසීම ඊට පෙර ද මෙරට කෙරුණු නමුත් එය එක් පැලැන්තියකට සීමාවූ විනෝදාංශයක්
විය. බූරුවා ගැසීම බයියන්ට පුරුදු වුනේ බෝවර් වරුන්ගෙනි.
බූරුවා ගැසීම සමඟ “ආසි”, “හේරා”,”හාරත”,”රුවිත”
වැනි නව වදන් සිංහලයට ලැබුනු අතර ඒවා ලේඛණයේදී යෙදීමට මැලිවිය යුතු නැත.
අයියෝ බං අකුරු ටිකක ලොකු කරල ටිකක් එහාට මෙහාට කරල දාහං. මේක දැක්කම කියවන්න හිතෙන්නෑ.
ReplyDeleteදැන සිටී දේ අලුත් විය.
ReplyDelete