Tuesday, September 22, 2015

එල්ලුම්ගහ ගෙනෙව් (ගබ්සාවට එරෙහිව)

සේයා ස‍ඳෙව්මි දැරියගේ ඝාතනයෙන් පසු එල්ලුම්ගහ ඉල්ලමින් ඝෝෂා කරන වීරයන් පිරිසක් බිහිවී ඇත

මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් අපරාධ සඳහා පෙළබීම අඩුකල හැකියි යනුවෙන් මතයක්ද ඇත.

මමත් ඔවුන් සමඟ එක්වෙමි.

ගබ්සාවට එරෙහිව මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කරනු.

එක ගෑණියෙක් එල්ලුවොත් ගෑනු 1000ක් ගබ්සා කරගැනීමෙන් වැලකෙනු ඇත

සහතිකයි


6 comments:

  1. මිනිස්සු වැරදි නොකළයුත්තේ නීතියට බයේ නෙවෙයි. මිනිස්සු වැරදි වලට පෙළඹෙන්න බලපාන මිනිස්සුන්ගෙම අඩුපාඩු දුර්වලකම් සමාජය පුරාම තියෙන අඩුපාඩු හදාගන්න ක්‍රමයක් ගැනයි හිතන්න ඕනේ. එල්ලුම් ගස් උද්ඝෝෂණ මෝඩයන්ගේ ආතල් එක සඳහා පමණයි.

    ReplyDelete
  2. ඒකත් අැත්ත.........

    ReplyDelete
  3. බිය මගින් අපරාධ වැළැක්වීම 100%ක් සාර්ථකයි කියන්න බෑ. මිනිස්සුන්ව යහපත් ගුණගරුක විදිහට හැඩගැහුනොත් අපරාධ ඉබේම නැති වෙවි.

    ReplyDelete
  4. ගබ්සාවට ඔබ විරුද්ධ ඇයි? දුෂණය කර ගැබිණි වුවහොත් එම දරුවා තබා ගත හැකිද ?

    ReplyDelete
    Replies
    1. ඔය කතාව අදින්නේම වෙන අරමුනු හිතේ තියාගෙන. ගබ්සාව සඳහා පොටක් පාදාගන්න.
      ඔහොම නීති සාධාරණව ක්‍රියාත්මක කරන්නත් බෑ. නඩුව අවසන් වෙන්න කලින් දූෂණයක් වුනාද නැද්ද කියලා තීරණය කල හැකිද? නඩුකාරයාට ඉර්දි බලය තියෙනවද?
      දූෂණයක් නිසා දරුවෙක් ලැබුනානම් දරුවාගේ වගකීම දූෂකයගේ පවුලේ අයට බාරදෙන්න නීති සැකසිය හැකියි.

      Delete
    2. අජිත් ධර්මා යනු 1984 දී ලංකාවෙන් රුසියාවට සහ ඉන් ඉක්බිති ජර්මනියට සහ එංගලන්තයට පලා ගොස් 1988/89 භීෂණ සමයේ දී ජ.වි.පෙ./දේ.ජ.වි. කොල්ලන්ගේ මොළ සෝදා ඔවුන් ලවා රජයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, උගතුන් සහ අහිංසක ජනයා මරා දැමීමට අනුබල දුන් අයෙකි. සිංහල ජාතියට වැර කරන මොහු ගබ්සා මාර්ගයෙන් හෝ සිංහල ජාතිය නැති කිරීමට තැත් කරයි. මොහු නගා ඇති ප්‍රශ්නයෙන්ම එය පිළිබිඹු වෙයි.

      Delete