Sunday, November 8, 2015

දීපාවලී/දීපවාලී

දීපවාලි නම් උත්සවයක් ගැන ජනමාධ්‍ය වලින් ඇසුවෙමි. මෙම වදන වැඩියෙන්ම පාවිච්චි කෙරුනේ මුතුකරුපන් හෙට්ටි ආයතනයේ වෙළඳ දැන්වීම් වලයි.

මෙම උත්සවය සංස්කෘත බසින් හඳුන්වන්නේ දීපාවලී යනුවෙනි. එය සෑදී ඇත්තේ "දීප"+"ආවලී" වචන එක්වීමෙනි. එහි අර්ථය "පහන් වැල", "පහන් පෙල" වැනි අරුතක් ගනී. මෙම වදන වැරදියට උච්ඡාරණය කිරීමෙන් දීපවාලි වචනය සෑදී ඇත. මෙම උත්සවයට දෙමළෙන් "තිවාලි" ලෙසත් හින්දියෙන් "දීවාලි" ලෙසත් හඳුන්වයි. එම වචන සෑදී ඇත්තේද දීපාවලී වචනය තම බසට ගැලපෙන ලෙස වෙනස් කිරීමෙනි. නමුත් දීපවාලී යනු පැහැදිලිවම දීපාවලී වැරදියට උච්ඡාරණය කිරීමකි. අනෙක් අතට සිංහලයන් සාම්ප්‍රදායිකව දීපාවලී සමරන්නේ නැති නිසා සම්මත සංස්කෘත වදනම පවිච්චි කිරීම වඩා සුදුසුය.

 දීපවාලි යන වදතේ තේරුම "(දීප+වාලි) පහන් දල්වන වහල් ස්ත්‍රියද?"

3 comments:

  1. මචෝ...
    උඹ ඔහොම කියනකන් ඔහොම කාරණාවක් අපේ ඔලුවලට ආවේම නැහැ..

    බොහොම වටිනවා...

    ReplyDelete
  2. * දීප = දූපත
    * වාලි = වාල් කත.

    අශුබෝධ ක්‍රමයට මෙය දූපතේ වෙසෙන වාල්කත (ස්ත්‍රිය) යනුවෙන් අරුත් නැගිය හැකියි. දීපා මිස දීප යනු පහන වේද ?

    /*
    සංස්කෘත: දීපා + ආවලී = දීපාවලී.
    */

    ReplyDelete
  3. භාෂාව විකාශනය වන්නක්. ඊයේ තිබුන භාෂාව නෙවේ අද තියෙන්නෙ. අද තියන භාෂාව නොවේ හෙට තියෙන්නෙ. මම දකින විදියට නං "නිවැරදියි" කියල දෙයක් භාෂාවේ නෑ. සම්මුති සහ භාවිතාවන් පමණයි තියෙන්නෙ. සමහර සම්මුති තදින් බැඳිල තියන අතරෙ තවත් සමහර දේවල් සුළු වශයෙන් බද්ධ වෙලා තියෙන්නෙ. (මේවාට උදාහරණ තියනව නමුත් මතක් වෙන්නෙ නෑ)
    අනිත් දේ භාෂා කිහිපයකින් තේරුම් අරගෙන වචන හැදීම/තේරුම් කිරීම පලක් නෑ.

    ReplyDelete