Friday, December 11, 2015

කෙමල් අතාතුර්ක් වැනි අයෙක් ලංකාවේ සිටියානම්.

ඉකොනොමැට්ටා බ්ලොග් අඩවියේ කෙමල් අතාතුර්ක් ගැන සඳහන් ලිපියට දක්වා ඇති ප්‍රතිචාර කියවූ පසු මෙය ලිවීමට සිතුනි.
කෙමල් අතා තුර්ක් යනු ජාතිකවාදියෙකි. ඔහු නිර්ආගමික වීමට හේතුව ඉස්ලාමය තුර්කි ජාතිකත්වයට එරෙහි වීමයි. දිගටම ඉස්ලාමය

කරතබාගෙන ගියහොත් අවසානයේ තුර්කි අනන්‍යතාව මැකීගොස් අඩුකුලයේ අරාබින් පිරිසක් බවට තුර්කීන් පත්වන බැවින් කෙමල්

අතාතුර්ක් නිර් ආගමික භාවය තෝරා ගන්නා ලදී. 98% මුස්ලිම්වරු සිටින රටකදී කෙමල් අතා තුර්ක්ට ජාතික වීරයෙක් වීමට හැකිවූයේ ඔහු

ජාතිකවාදියෙක් වීම නිසාය. මෙය ජාතිය හා ආගම අතර ගැටුමකින් ජාතිය ජයගත් අවස්ථාවක් ලෙස හැඳින්විය හැක. කෙමල් අතා තුර්ක්ගේ

නිර් ආගමිකත්වය ජාතිකවාදයේ අතුරුඵලයක් වෙයි.
මෙම ලිපියේ මාතෘකාව වන කෙමල් අතා තුර්ක් වැන්නෙක් ලංකාවේ නායකත්වයට පත් වුනහොත් වියහැකි දේ මෙසේ දැක්විය හැක.
1. දෙමළ බස කතා කිරීම තහනම් කිරීම.
2. ලංකාවේ සියලුම දෙනා සිංහල වාසගම් පාවිච්චිය අනිවාර්යය කිරීම.
3. ලංකාවේ සෑම ග්‍රාම නමයක්ම සිංහල කිරීම.
4. ආගමික වතාවත් කිරීමේදී පාලි, අරාබි, දෙමළ, සංස්කෘත පාවිච්චිය තහනම් කිරීම.

මෙවැනි ප්‍රතිසංස්කරනයකට අඩුම විරෝධයක් එල්ලවනු ඇත්තේ සිංහල බෞද්ධයන් වෙතින් බව පැහැදිලිය.
දෙමළ දේශපාලඡයන්, මුස්ලිම් පූජක වරුන්, කතෝලික සභාව මෙන්ම සිංහල නිර් ආගමිකයින්ද දැඩිලෙස මෙයට විරුද්ධවන බව පැහැදිලිය.

3 comments:

  1. අනේ මන්දා....එහෙම වෙන්ඩ ඉඩකඩ තියෙනවද?

    ReplyDelete
  2. ඔබ නොලියන වඩාම වැදගත් කරුණ නම් ඔය කරුණු මෙරට ක්‍රියාත්මක කරන්නට ගියහොත් "තුර්කියේ කෙමාල්" යුග පුරුෂයෙක් ලෙස අපට හඳුන්වා අභිනන්දනය කරන අයවලුන්ම ඒ මෙරට මිනිසා ගෝත්‍රිකයෙක් බයියෙක් ලෙස නාමකරණය කර "සුළු ජාතිකයින්ගේ" මානව හිමිකම් උල්ලංඝණය කරන්නේ යැයි චෝදනා කර පොදු අපේක්ෂයෙක් දමා චන්දයෙන් ද පරදවා ලීමට මූලික වනු ඇති බවයි.

    ReplyDelete