Tuesday, February 9, 2016

දෙවොල් දෙවියෝ අයිති සිංහලයන්ට විතරයි.

    ස්වර්ණවාහිනී මුල් පිටුව වැඩසටහනකදී, රජයට විරෝධය දක්වා සීනිගම දෙවොල් දේවාලයේ පොල් ගැසීමේ සිද්ධීය ගැන සඳහන්කරමින් හරේන්ද්‍ර මහතා අපූරු කතාවක් කීවේය. ජාතික ගීය දෙමළෙන් ගැයීම ට විරුද්ධ අය හින්දු දෙවියෙක් වඳින්නේ මන්ද? යන්න ඔහු පලකල අදහස විය. පසුව ප්‍රවෘත්ති විකාශයකදී එජාප මන්ත්‍රී වරයෙකුද එම කතාවම කියනු දක්නට ලැබුනි.

    මෙම අදහස පැහැදිලිවම තේරුමක් නැති අදහසක් වන අතරම එයින් සිංහලයන්ට තම ජාතික උරුමයක් අහිමි වීම සිදුවේ. යම් ආගමක්/ දෙවියෙක්/ ආගමික නායකයෙක් යම් ගෝත්‍රයකට අයිතිවීමට නම් එම ගෝත්‍රයේ බහුතරයක් අතර එම ආගම/ දෙවියා/ ආගමික නායකයා වන්දනාවට ලක්විය යුතුය. උපමාවකින් පැහැදිලි කරන්නේ නම් ළි‍‍ඳේ වතුර පොදු දේපලක් වුවත් ලි‍ඳෙන් ඇද කලයකට පුරවාගත් වතුර අයිති එම කලයේ හිමිකරුට බව සලකන්න. ඒ අනුව බුදුහාමුදුරුවන් අයිති සිංහලයාට පමණි. විශ්නු දෙවියන් සිංහලයාට අයිතිය. ගන දෙවියන් සිංහලයාට අයිතිය. ශිව ලිංගය දෙමළාට පමණක් අයිතිය (නමුත් ඇට දෙක සිංහලයාටත් අයිතිය :D) ජේසු අයිති දෙමළාටය. දෙවොල් දෙවියන් අයිති සිංහලයාට පමණි.

   සිංහල බෞද්ධයන් අතර ඇති දේව ඇදහිලි හින්දු ආගම ලෙස හඳුන්වනවානම් එම ඇදහිලි ශ්‍රී ලංකාවටම අනන්‍ය සම්ප්‍රදායයන් බව සැලකිය යුතුය දෙමළාගේ එවැනි ඇදහිලි තමිල්නාඩු ‍ෆොටෝ කොපි බවත් පැහැදිලිය. එසේනම් නියම ලෝකල් හින්දු ආගම අයිති සිංහලයන්ට විතරක් බව පැහැදිලිය.

   මම ගංගොඩවිල සෝම හිමියන්ට ගරුකලත්, සිංහල දේව ඇදහිලි පිළිබඳ ඒ හිමිගේ මතයට එකඟ නොවෙමි.

   දෙමළාට බුදුහාමුදුරුවන් අයිති කරගැනීමට අවශ්‍යනම් ඔවුන් කලයුත්තේ මහා පරිමාණයෙන් බුදුන් වැඳිමට පෙළඹීමයි. නමුත් දෙමළු පුරුදු වී ඇත්තේ සිංහල බෞද්ධයන්ට හරියට බුදුදහම අදහන අයුරු කියාදීමට බව පෙනෙයි.

බලන්න. http://transyl2014.blogspot.com/2016/01/blog-post_11.html

   සිංහල බෞද්ධයන්ට මෙවැනි අයගෙන් චරිත සහතික ලබාගැනීමේ අවශ්‍යතාවක් නැත.


2 comments:

  1. හින්දු: එය ආගමක් නොවේ - ආගම් ශ්‍රේණියකි. පුරාණ දඹදිව පැවති වෛදික, ශ්‍රමණ, ජෛන, ආජීවක, අචේලක, ආදී සම්ප්‍රදායයන් දක්ෂිණ භාරතීය ඇදහිළි හා එක්ව ගත් කළ ඇතැයි සැළකිය හැකි පෘථුල ඇදහිළි සංකලනය හැඳින්වීම පිණිස යොදන ගුණ නාමය 'හිංදු' නම් වේ.

    ලංකාවේ අපේ සාම්ප්‍රදායික ඇදහිළි 'හිංදු' යැයි ලේබල් කර පිටමං කිරීමට ගරුතර සෝම හිමියන් දැරූ කෘර උත්සාහය හේතුවෙන් උන් වහන්සේ කෙරේ අප තුල වූ ගෞරවය හානි විය. පූජ්‍ය ඤාණානන්ද ස්වාමින් වහන්සේ ද අලුත් අවුරුදු නැකත් කෙළිය කාලිංග මාඝගේ යැයි ප්‍රසිද්ධියේ කීමෙන් මේ තත්ත්වයට වැටිණි.

    මේ හරෙන්ද්‍රයා කවුරුන්දැයි නොදන්නා මුත් ඔහු මෙවැනි කතාවක් කියා ඇත්නම් සිරා™ ගමරාළගේ මඩු වලිගයෙන් තැලිය යුතු !

    ReplyDelete
  2. හරින්ද්‍ර කියපු කතාවනම් හොදයි. ඒක තව ටිකක් ජනතාව අතරට ගෙන ගියානම් තවත් හොදයි.

    ReplyDelete