Thursday, December 1, 2016

සිව්මානය (4D).


  අප ජිවත්වන විශ්වය ත්‍රිමාන එකකි. එනම් මේ විශ්වයේ යම් වස්තුවක පිහිටීම එකිනෙකට ස්වාධීන අගයයන් තුනකින් එනම් ඛණ්ඩාංක 3කින් නිරූපනය කල හැක.

  අප විශ්වය මීට වැඩි මාන ගණනකින් යුක්ත නම් කුමක් වේද?

  උදාහරණයක් ලෙස විශ්වය සිවුමාන වූයේනම් කුමක් වේද?

  අප විශ්වයේ චුම්බක, විද්‍යුත්,ගුරුත්ව ක්ශේත්‍ර තීව්‍රතා සහ ශක්ති ප්‍රභවයකින් නිකුත්වන විකිරණ තීව්‍රතාව ආදිය සඳහා ප්‍රතිලෝම වර්ග නියමය බලපායි.

  උදාහරණයකින් දැක්වුවහොත්, සූර්යයා සහ පෘථිවිය අතර දුර දෙගුන කලහොත් ඒවා අතර ගුරුත්ව බලය 4න් එකක් දක්වා අඩුවේ. සූර්යයා සහ පෘථිවිය අතර දුර තෙගුන කලහොත් ඒවා අතර ගුරුත්ව බලය 9න් එකක් දක්වා අඩුවේ. සූර්යයා සහ පෘථිවිය අතර දුර අඩක් කලහොත් ඒවා අතර ගුරුත්ව බලය 4 ගුණයකින් වැඩිවේ.

  මෙසේ වීමට හේතුව අප විශ්වයේ ඇති ත්‍රිමාණ ස්වභාවයයි.

  විශ්වය සිවුමාන වූයේනම් මෙම ප්‍රතිලෝම වර්ග නියමය ප්‍රතිලෝම ඝන නියමයක් වනු ඇත. එනම් සූර්යයා සහ පෘථිවිය අතර දුර දෙගුන කලහොත් ඒවා අතර ගුරුත්ව බලය 8න් එකක් දක්වා අඩුවේ. සූර්යයා සහ පෘථිවිය අතර දුර තෙගුන කලහොත් ඒවා අතර ගුරුත්ව බලය 27න් එකක් දක්වා අඩුවේ.

  ගුරුත්වයට අමතරව මෙය ආලෝක/ තාප තීව්‍රතාවයන්ටද බලපාන බැවින් සූර්යයා වටා ඇති ජීවයට හිතකර කලාපය පටුවීම සිදුවේ. එසේම මෙවැනි විශ්වයක ග්‍රහ වස්තු වලට ඉලිප්සාකාර කක්ෂවල ගමන්කල නොහැක. ඒවාට පරිපූර්ණ වෘත්තාකාර කක්ෂවල ස්ථාවරව ගමන්කලහැකි අතර, බාහිර ගුරුත්ව බලයක් යෙදුනහොත් සර්පිලාකාර කක්ෂයක් ඔස්සේ ගමන්කර හිරු මතට කඩා වැටීමට හෝ ඈත විශ්වයට ගසාගෙනයාම සිදුවේ. එනිසාම මෙවැනි විශ්වයක හුදකලා යෝධ තාරුකා සහ කළුකුහර බහුලව පවතිනු ඇත.

  සිවුමාන විශ්වයක මූලද්‍රව්‍යවල රසායනික ගුණද ත්‍රිමාන විශ්වයකදීට වඩා වෙනස් වනු ඇත. එහිදී මූලද්‍රව්‍ය පරමාණුවල p කාක්ෂික 3ක් වෙනුවට 4ක්ද, d කාක්ෂික 5ක් වෙනුවට 12ක්ද පවතිනු ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස මූලද්‍රව්‍ය බහුතරයක් ලෝහ සහ නිෂ්ක්‍රීය වායු වනු ඇත. එවැනි විශ්වයක ජීවයට අවශ්‍ය අලෝහ වර්ග හිඟවනු ඇත.

  එමනිසා සිවුමාන විශ්වයක ජීවය බිහිවීම මෙන්ම එය පරිනාමය වීමද අති දුෂ්කර වනු ඇත.

 අප විශ්වය ත්‍රිමාන වූයේ අහම්බෙන්ද? නැතිනම්??????????????? :)


7 comments:

  1. ටිකක් හිටපං පැනඩෝල් දෙකක් ගහලා එනකල්...........

    ReplyDelete
  2. අන්තෝනියෝගේ ජටාවේ තියන බහිශ්‍රා

    ReplyDelete
  3. 3D නීති 4D විශ්වයකට ගැළපේද?

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්නෙ නැතුව මේ ලිපිය ලියන්න බෑ

      Delete
    2. ඔව්, ඒක ඇත්ත.
      මේ ගැන පර්යේෂණ කරන භෞතික විද්‍යාඥයන් මේ වන විටත් සිව්මාන විශ්වයක ක්‍රියාත්මක වන්නේයැයි සෛද්ධාන්තිකව ඔප්පු කළ හැකි සූත්‍ර නිර්මාණය කර නොතිබීමට හේතුවක් නෑ.

      Delete
  4. හතරවන මානය කියන්නේ කාලය ඇතුලත් කලහම. ඔබ කියන්නේ එයුක්ලිදියානු ගණිත ක්‍රමයට ලෝක ව්‍යුහය ගැන. විශ්වය කාලයද ඇතුලත් කලවිට මුලිකව සිව්මාන විශ්වයක්.

    ReplyDelete
    Replies
    1. ඕකේ තව පැත්තක් තියෙනවා.
      ත්‍රිමාන සත්වයෙක් සිව්මාන අවකාශයකට දැමුවහොත් නොදැනුවත්වම උගේ අවයව අතුරුදහන් විය හැකියි.

      Delete