Tuesday, December 6, 2016

KEYMAN2016. සිංහල යතුරුකරන මෘදුකාංගය.



මෙය ක්‍රියාත්මක කිරීමට .net framework 4 හෝ ඉහල සංස්කරණයක් අවශ්‍ය විය හැක (Windows 10 සඳහා මෙම තත්වය බල නොපායි)

      මා තැනූ මෙම මෘදුකාංගයට ඉහල ප්‍රාඨක ප්‍රතිචාරයක් ලැබුණු නිසා එය තවදුරටත් දියුණු කලෙමි. ඒ අනුව මෙයට FM-Abhaya අකුරු මෝස්තරයට අනුව සැකසූ අකුරු යතුරුකරණය කිරීමේ හැකියාවද එක්කරන ලදී. එසේම මෙහි අඩුපාඩුද හැකිතරම් නිවැරදි කරන ලදී.
 
   FM-Abhaya අකුරු  යතුරු කරණයේදිද යුනිකේත විජයසේකර යතුරු පුවරු ආකෘතියම පාවිච්චි කරන ලදී. නමුත් මෙහිදී තාක්ෂණික හේතු මත එක වෙනසක් කරන ලදී. මෙයින් % සලකුණ ටයිප් කරන විට ඒ සඳහා දකුණු Alt යතුර සමඟ "/" යතුර එබිය යුතුය. මෙය මෙසේ නොකිරීමට හැකි වුවත් එවිට ඒ වෙනුවට Shift යතුරු  දෙක අක්‍රීය කර ඒවායින් වන කාර්යය මෙම මෘදුකාංගයෙන්ම වනලෙස මෙය දියුණුකල යුතුය.

   සිංහල යුනිකේත යතුරුකරණයේදී එයට සිංහල ඉලක්කම් ටයිප් කිරීමේ හැකියාවද එක්කරන ලදී. නමුත් සිංහල ඉලක්කම් අඩංගු අකුරු මෝස්තර දැනට නැති නිසා මෙම ඉලක්කම් දැනට දැකගත නොහැක. ඉදිරියේදී එය විසඳේ යැයි සිතමි. සිංහල ඉලක්කම් යතුරු කරණය සඳහා දකුණු Alt යතුර සමඟ අවශ්‍ය ඉලක්කම ඔබන්න. මේ සඳහා යතුරු පුවරුවේ Number Pad කොටස භාවිතා නොකරන්න.
    මෙයට අමතරව Alt යතුර සමඟ "/" යතුර එබීමෙන් "÷" සලකුණ ටයිප් කල හැක.

 මෙම මෘදුකාංගයේ චිත්‍රක අතුරු මුහුණත ද දියුණු කරණ ලදී. ඒ අනුව දැන් මෙය system tray කොටසට හකුළුවා දැමිය හැක ඒ සඳහා පහලින් ඇති බොත්තම ඔබන්න.

මෙම මෘදුකාංගය වැඩිදුරටත් සංවර්ධනය කිරීමට ඕනෑම අයෙකුට අවසරය ඇත!.

2 comments:

  1. ඔබගේ උත්සාහය ඉහලින්ම අගය කරමි. මම මෙවර විදුසර පුවත්පතට (පුවත්පතේ 9 පිටුව) ලියූ ලිපිය සකස් කළේ ඔබගේ මෘදුකාංගය භාවිතා කරමිනුයි. ඉඩක් ලද විගස සෝස් කෝඩ් එකත් එඩ්ට් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ස්තුතියි!

    ReplyDelete
  2. උදව්වක් ඕනේ... කම්පියුටර් එකෙන් A ටයිප් කරද්දි 'අ' වැටෙන විදිහට ෆොන්ට් එකක් කියන්න පුලුවන්ද... මොකද මම ලිපි ලියන්නේ ෆෝන් කට්ටෙන්... කම්පියුටර් එකෙන් ලියද්දි එක අකුරක් ගහලා අනික් අකුර හොයන්න හැට පැයක් යනවා...

    ReplyDelete