Saturday, June 17, 2017

HTML අක්‍ෂර නාම (character entity)

HTML බාශාවෙන් වෙබ් පිටු සකස් කිරීමේදී එයට අකුරු ඇතුලත්කරන ක්‍රම දෙකක් පවතී.
එකක් වන්නේ කෙලින්ම අකුරු එක්කිරීමයි.
අනෙක අක්ෂරකේත යොදාගෙන එම අකුරු වෙබ් පිටුවට එක්කිරීමයි.
අක්ෂර කේත එක්කරන ක්‍රම 3ක් පවතී.
එනම්,
1. කේතයේ නමින් දැක්වීම
2. අක්ෂරයේ  යුනිකේත අංකය දහයේ පාදයේ සංඛ්‍යාවකින් දැක්වීම.
3. අක්ෂරයේ  යුනිකේත අංකය දහසයේ පාදයේ සංඛ්‍යාවකින් දැක්වීම යි.

උදාහරණයකින් පැහැදිලි කලහොත්
Ж අකුර,
Ж ලෙස කේතයේ නමින් ද
Ж ලෙස අක්ෂරයේ  යුනිකේත අංකය දහයේ පාදයේ සංඛ්‍යාවෙන්ද
Ж අක්ෂරයේ  යුනිකේත අංකය දහසයේ පාදයේ සංඛ්‍යාවෙන්ද වෙබ් පිටුවකට එක්කල හැක.

අක්ෂර සංකේත ක්‍රමය යොදා ගැනීමට හේතු කීපයක් පවතී.
1. < > & " ' අක්ෂර HTML බාශාවේ පිටු සැලසුම් කිරීමට යොදා ගන්නා නිසා ඒවා පාඨ කොටස් වලට එක්කිරීමේදී ගැටළු මතුවීම.
2. පාඨ වලට විවිධ ආකාරයේ හිස්තැන් අතුලත්කිරීමට.
3. යුනිකේත සඳහා සහය නොදක්නවන මදුකාංගවලදී යුනිකේත ලියවිලි හැසිරවීමට.
4.සමහර අක්ෂර ඇසින් බලා වෙන්කර හඳුනාගත නොහැක
උදාහරණයක් ලෙස ග්‍රීක කැපිටල් ඇල්ෆා අකුරත් ඉංග්‍රීසී කැපිටල් A අකුරත් හැඩයෙන් සමානය. නමත් පරිගණකයට ඒ අකුරු දෙකකි. එවන් අවස්ථා වල නිවැරදි අකුර නිවැරදිව ඇතුලත් කිරීමට.

අක්ෂර කේත සඳහා යොදන නම් ලැයිස්තුවක් සාදා ගැනීමට හැකිවිය. බොහෝ දුරට මෙහි සියළු නම් ඇතැයි සිතමි.

එම දත්ත ලබා ගැනීමට  පහත මෘදුකාංගයෙන් පුළුවන.

මෙහි නැති නාම ඇත්නම් දන්වන්න.

DOWNLOAD - EXE


DOWNLOAD - SRC

DOWNLOAD LIST

 

No comments:

Post a Comment