Saturday, February 24, 2018

විමල් සම්බන්ධන්

 


 

පසුගිය පලාත් පාලන මැතිවරණය පිළිබඳව විපක්ෂ නායක සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේදී කරනලද ප්‍රකාශයක්
බ්ලොග් අඩවිවල සහ මුහුණු පොතේ පලකර තිබෙනු දුටුවෙමි.

මට ඒ ගැන ගැටළුවක් ඇතිවිනි.

සම්බන්ධන් වෙනුවට විමල් වීරවංශ මහතා ඔයාකාරයේ කතාවක් කලේනම් එයට බ්ලොග් අඩවිවල සහ මුහුණු පොතේ දැක්වෙන ප්‍රතිචාර කෙබඳු විය හැකිද?

සිංහලයෙකු වන විමල් වීරවංශට වඩා දෙමලෙකු වන සම්බන්ධන්ගේ වැදගත්කම කුමක්ද?

විමල් වීරවංශට අසීමිතව වෛර කිරීම මානසික රෝගයක් වියහැක (Vimalephobia)

3 comments:

  1. සම්බන්ධන් ගේ ප්‍රකාශය උපුටා දැක්වීමක් හෝ එහි අන්තරජාල බැඳියක් මෙහි පල කලා නම් ඔබේ ලිපිය වඩා සාර්ථක වෙනවා නේද?

    ඔබ කියන සම්බන්ධන් ගේ ප්‍රකාෂය මගේ ඇස ගැටුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/vikendrika/posts/616990278647045

      https://lokuakuru.blogspot.com/2018/02/blog-post_24.html

      Delete
  2. මේ සංසන්දනය කළ නොහැකි දෙදෙනෙකි.

    සම්පන්තන් පාර්ලිමේන්තුවේ කරන්නේ හැන්සාඩ්ගතවීම අරමුණු කර ගත් ප්‍රකාශයකි. පොහොට්ටු පක්‍ෂයේ කෙනෙක් මීට පාර්ලිමේන්තුව තුලදී හැන්සාඩ්ගත වන අයුරින් පිළිතුරු දිය යුතුව තිබිණි. සැළසුම්සහගතබව සිංහලයින් අතර දුර්ලභ කරුණකි. මෙය නැත්තටම නැති වී නැතත් සැළසුම්සහගත කම ඇති අයත් ඒ හැකියාව යොදා ගන්නේ නොහොඳ දේටය - නැතහොත් පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකාය.

    පොහොට්ටු පක්‍ෂයේ කෙනෙකු විසින් විරෝධය දැක්විය යුතු / ප්‍රතික්‍ෂේප කළ යුතු කරුණු දෙකක් සම්පන්තන්ගේ ප්‍රකාශයේ අඩංගු වේ.
    1. පොහොට්ටුවට ඡන්දය නොදුන්නොත් දෙමළ ඊළම බිහි වනු ඇතැයි මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කළ බව.
    එක්කෝ මෙය ප්‍රතික්‍ෂේප කළ යුතුයි. නැතිනම් ඒ ප්‍රකාෂය කළ සන්ධර්භය (context) පැහැදිළි කර ඒ ප්‍රකාශය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.
    2. තමන් දෙමළ ඊළම වෙනුවෙන් ප්‍රචාරණයකට සම්බන්ධ නොවූ බව කීම.
    ඔහු කතා කරන්නට ඇත්තේ දෙමළෙන්; එනම් වෙනත් වචන වලින් ඔහු තමන්ට අවශ්‍ය දේ කියන්නට ඇත. දෙමළ ඊළම යන වචනය නොකියා ඒ ගැන කියන්නට තවත් ක්‍රම තිබේ. පොහොට්ටු පක්‍ෂය විසින් මේ බව සාධක සහිතව පෙන්වා දිය යුතුව තිබිණි.

    වෙනම රටක් වෙනුවෙන් පෙනී සිට නැති විමල් විරවංශ විසින් කළ හැකි එවැනි ප්‍රකාශයක් ගැන සිතා ගැනීමට නොහැක.

    ReplyDelete