Friday, February 7, 2020

ජයලලිතා සහ ආනන්ද සමරකෝන්

පසුගිය දිනවල ජාතික ගීය ගැන ගැන විවිධ කතාබහ සිදුවුනි එහිදී කියැවුනු එක්තරා කරුණක් නම්

ජාතික ගීයේ වචන වෙනස්කල නිසා ඇතිවූ සිත් රිදීම  ආනන්ද සමරකෝන් මහතාගේ මරණයට හේතු වූ බවය.


මේ කතාව ඇත්තක්ද? මමත් නොදනියි.

සමහරවිට කට කතාවක් වියහැක.

ආනන්ද සමරකෝන්ට මේ ගැන විරෝධයක් තිබිය හැකි වුවත්, ඔහුගේ මරණයට හේතුව එයම විය යුතුද?

එය ඇත්තක් නම් ලංකාවේ එහෙම දෙයක් වූ එකම අවස්ථාව මෙයයි.


මේ වගේම දෙයක් ඉන්දීය දේශපාලඥවරියක් වන ජයලලිතා ජයරාම් මහත්මිය සම්බන්ධයෙන්ද පලවිය.

ජයලලිතා රිමාන්ඩ් ගතකලවිට තමිල්නාඩු ප්‍රාන්තයේ ඇගේ ආධාර කරුවන් හැටකට අධික සංඛ්‍යාවක් මරනයට පත්වූ බව වාර්තා විය.

මොවුන්ගෙන් සමහරක් සියදිවි නසාගත් අතර අනෙක් අය හදිසි හෘදයාබාධ නිසා මරණයට පත්විය.


නමුත් ගැටළුව වන්නේ ඊට මාස තුනකට පමණ පසු ඇය මියයාමයි. ඇය මියයාම නිසා කිසිවෙකුත් ශෝකයට පත්ව දිවිනසාගත් බව වාර්තා නොවිනි.


වීමට ඉඩ ඇත්තේ ජයලලිතාට පක්ෂපාතී අය ජයලලිතා සිරගතකල දිනවලදී මියගියවිට. එම මරණ ජයලලිතා සිරගතකල ශෝකය නිසා සිදුවූ ඒවා යැයි

ජයලලිතාගේම ආධාර කරුවන් විසින් ප්‍රචාරය කෙරුමයි.


මේ වගේම තවත් සිද්ධි දෙකක් දක්වමි.

1.) ගොබෙල්ගේ න්‍යාය

ජෝෂෆ් ගොබෙල් යනු ජර්මානු ජාතික සමාජවාදී පක්ෂයේ උප නායකයාය.

ඔහුගේ ප්‍රධාන රාජකාරිය වූයේ එකල සදාචාරය පිරිහී තිබුණ ජර්මානු සමාජය තුල

ජර්මානු කතෝලික හරයන් වර්ධනය කර විනයානුකූල සමාජයක් ගොඩනැගීමයි.


ජර්මානු කතෝලික සංස්කෘතියට නොගැලපෙන අය පුනුරුත්ථාපනය කර ජර්මානු සමාජයට එක්කර ගැනීමට අවුට්විශ්ට් වැනි ස්ථානවල පුනුරුත්ථාපන කඳවුරු ඉදිකිරීමටත් ඔහු මුල්විය.

මේ දිනවල චීනයේද උයිගර් මුස්ලිම්වරු සඳහා මෙවැනි පුනුරුත්ථාපන කඳවුරු ක්‍රියාත්මක වේ.


ගොබෙල්ගේ න්‍යාය යනු ගොබෙල් කීවා යැයි සඳහන් ප්‍රකාශයකි එනම්:

"එකම බොරුව අවශ්‍ය තරම් වාර ගනනක් නැවත නැවත අසන්නට සැලැස්වුවහොත් අසන්නා එය ඇත්තක් යැයි පිලිගනියි."


ප්‍රශ්ණය වන්නේ මෙම කතාව ගොබෙල් විසින් කියැවුනු බවට කිසිම පිලිගත හැකි සාක්ෂියක් නොමැති වීමයි.

අනිත් අතට ගොබෙල්ට පෙර සිටි මිනිසුන් ගොබෙල්ගේ න්‍යාය යනුවෙන් හඳුන්වන දේ ගැන දැනුවත්ව නොසිටියේද?

ජාතක කතා වලත්, නස්රුදීන්ගේ කතා වලත් ගොබෙල්ගේ න්‍යාය හමුවන තැන් ඇත.


"ගොබෙල්ගේ න්‍යාය"ත් "ගොබෙල්ගේ න්‍යාය" මඟින්ම සමාජගතකල බොරුවක් වීමට ඉඩ වැඩිය.


2.) "බණ්ඩාරනායක ඉංග්‍රීසි අධ්‍යාපනය වනසා දමා රටේ දරුවන්ගේ බුද්ධිය මොටකර තම දරුවන්ට ඉංග්‍රිසියෙන් ඉගැන්වීය"

මේ කතාව දේශපාලන මඩ ප්‍රහාරයකි. බණ්ඩාරනායක රජය බිහිවීමට පෙරද ස්වබාශා අධ්‍යාපනයක් පැවතුනි. බණ්ඩාර නායක මහතා කලේ එය පුළුල් කිරීමයි.

එසේම ස්වබාශා අධ්‍යාපනය ගැන කන්නන්ගර මහතාද සඳහන්කර ඇත.

අනිත් අතට සිංහල රාජ්‍ය බාශාව කිරීම සහ ස්වබාශා අධාපනය යනු බණ්ඩාරනායක මහතාගේ යෝජනාවක් නොවේ එය එකල පැවති ජාතික ව්‍යාපාරවලින් ආ යෝජනාවකි.

ගුණපාල මලලසේකර, මෙත්තානන්ද, හෙල හවුල මෙම මතවාදය වෙනුවෙන් කටයුතු කලහ.

බණ්ඩාරනායක මහතා කලේ චන්ද ලබා ගැනීම සඳහා එම ඉල්ලීමට එකඟ වීමයි.

එසේනම් එහි ගෞරවය/ නින්දාව බණ්ඩාරනායක මහතාටම යොමුකලයුතු නැත.



9 comments:

  1. අපි... එහෙම කියන්ඩ හොඳ නැහැනේ; මං අද්භූත කතන්දර, ප්‍රවාද අහන්ඩත් විශ්වාස කරන්ඩත් කැමති ජාතියක එක්කෙනෙක්. ඒ වගේම බිල්ලන්, ඉවරයක් නොවෙන අවසන් අවස්ථා, දේශප්‍රේමය වගේ දේවල් ගැන කොච්චර කෙප්ප ඇහුවත් මතකයේ නොරැඳෙන ඔලමොට්ටල ජාතියේ එක්කෙනෙක්.

    ReplyDelete
  2. වාචාලයෙක් විතරයි කිසිම හරයක් නෑ ඒ කියපුවා ගේ, අධ්‍යාපනයක් නැති එකෙක් ආව මෙතන බකපන්ඩිත කතා කියන්න. .Gon ආතල් ගන්න එපා

    ReplyDelete
  3. ලංකාවේ හිටපු පොලිස්පතිවරයා නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ආකාරයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් තවත් නොබෝ දිනකින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ අන්තර්ජාතික සංවිධානය කියයි.

    මෙම අන්තර්ජාතිකව පිළිගත් සංවිධානය ශ්‍රී ලංකා පොලිසියේ නිත්‍ය සේවාවේ සිට විවිධ දේශපාලන බලපෑම් මත අසාධාරණයට ලක්ව පොලිස් සේවයෙන් ඉවත් වී විදේශ ගතව සිටින පොලිස් නිලධාරීන් විශාල පිරිසකගෙන් සැදුම් ලත් බලවත් සංවිධානයකි. මහා බ්‍රිතාන්‍ය මූලස්ථානය කර ගත් මෙම සංවිධානය ස්විස්ටර්ලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, ජපානය, ඉතාලිය, ආදී රටවල් රැසකින් ක්‍රියාත්මක වන සංවිධානයකි.

    එහි අධිකාරිලත් කැඳවුම්කරු හිටපු පරිගණක ඉංජිනේරු විද්‍යාඥයකු හා තාරකා විද්‍යාඥයකු වන දැනට මහා බ්‍රිතාන්‍යයේ පදිංචි අජිත් ධර්මකීර්ති මහතා පවසා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රිපාල සිරිසේන දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝනය කරමින් නීතිය හා සාමය අමාත්‍ය ධුරය සියතට ගනිමින් පාස්කු දින බෝම්බ ප්‍රහාරයට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වග කිව යුතු බව පවසමින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීති විරෝධී කටයුත්තක් බවයි.

    එය පොලිස් දෙපාර්තමේන්තුවට කරන ලද බලවත් අවමානයක් බව පවසන ඒ මහතා මීට පෙර සැම්බියාව, සුඩානය වැනි රට වල පොලිස්පතිවරුන් ප්‍රශ්න කිරීමට ලක් කරත් ලොව කිසිම රටක පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත් කර නොමැති බවද කීය. මේ සිද්ධිය ගැන ඔබේ මතය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. propaganda technique "The Big Lie."

      Delete
    2. or- If you tell a lie big enough and keep repeating it, people will eventually come to believe it. The lie can be maintained only for such time as the State can shield the people from the political, economic and/or military consequences of the lie. It thus becomes vitally important for the State to use all of its powers to repress dissent, for the truth is the mortal enemy of the lie, and thus by extension, the truth is the greatest enemy of the State. :)

      Delete
  4. ආනන්ද සමරකෝන්ගේ අකල් වියෝවට හේතුව, ජාතික ගීය ලෙස තෝරා ගත් "නමෝ නමෝ මාතා" ගීතයේ පද පසුකාලීනව වෙනස් කිරීම බව කතාව අසා ඇත. එහෙත් එය තහවුරු කළ නොහැක. ඔබ නිවැරදිව සඳහන් කළ පරිදි ජයලලිතාගේ සංසිද්ධිය මේ සමග සමපාත වේ යැයි සිතමි.

    හිට්ලර තුමා යුද්ධය දිනුවේ නම් ගොබෙල්ස් න්‍යාය මීට වෙනස් ආකාරයකින් සූත්‍රගත වීමට ඉඩ තිබිණි. බණ්ඩාරනායක ගැන කිසිත් සඳහන් නොකරමි. ඒ ගැන දෙතිස් කතාවේ ලිවීමට අදහසක් ඇත.

    ReplyDelete
    Replies
    1. එසේම, "ලෝකේ වැඩියෙන්ම `sex` හොයන්නේ ලංකාවේ", "ලංකාවේ දෙමළුන්ට සිංහලයින්ගෙන් ඓතිහාසික අසාධාරණයක් වී ඇත", "බාල වයස් ගැබ් ගැනීම් සිදු වන්නේ 'හතේ පොත' කියවා නැති නිසා" වැනි ප්‍රකාශ මේ ගණයේ ලා සැළකිය හැක.

      Delete
  5. 1, 2 පිලිබඳ තර්ක දෙක නම් නිවැරදියි . සමරකෝන් මහතා ගැන කතාව අහල තියනව. දන්නේ නැහැ.

    ReplyDelete
  6. ගොබෙල්ස්ගේ න්‍යාය කොච්චර සාර්ථක උනාද කියනවනන් හිට්ලර්ව ටයිම් සගරාවේ වසරේ මිනිසා කරනවා....

    සමරකෝන් පැත්තට ආවොතින්... සමරකෝන් මැරෙන්න එකම හේතුව ජාතික ගීය නෙමේ.... තමන්ගෙ ලමයා මැරිලා, කර කර හිටපු රැකියා අලින් අස් කරලා, කීයක් හරි හම්බකරන්න රස්සාවක් ඉල්ලුවහම ඒ හැම වතාවකම ඒවා ප්‍රථික්ෂේප වීම, අඩුම තරමේ ජාතික ගීයට ලැබිච්ච තෑගි මුදල ගන්නත් නඩු යන්න සිද්ද වීම, ඒ නඩුවෙනුත් තෑග්ග වෙන මනුස්සයෙක්ට දෙන්න වෙච්ච එක අස්සෙ තමන්ගෙ නිර්මාණ තම්න්ට කියන්නෙ නැතුව වෙනස් කිරීම වගේ දේවල් සමරකෝන් මහත්තයගෙ මරනෙට හේතු වුනා කියලයි මම හිතන්නෙ... ජාතික ගීයේ වචනයක් මාරු කිරීමම විතරක් නෙමේ....

    ReplyDelete