Sunday, May 16, 2021

මගේ මෘදුකාංගයක් (වැඩිදියුණු කිරීමට උදව් අවශ්‍යයි) DVD තැටියකට ගතහැකි උපරිම දත්ත ප්‍රමාණය නිගමනය කිරීම මෙහි අරමුණයි.

 ආශ්‍රිත ලිපි:
https://en.wikipedia.org/wiki/Cutting_stock_problem
https://en.wikipedia.org/wiki/Bin_packing_problem


source+EXE.zip


   මගේ පරිගනකයේ අඩංගු විවධ දත්ත ඩීවීඩී තැටි වලට පිටපත් කිරීමේදී. එම තැටිවල ධාරිතාව උපරිම ලෙස පාවිච්චි වන පරිදි පිටපත් කරන දත්ත ලැයිස්තුව තේරීමසඳහා මෙම මෘදුකාංගය සකස් කලෙමි.

ක්‍රියා කරන ආකාරය: අවශ්‍ය ෆයිල් හෝ ෆෝල්ඩර ලැයිස්තුව ලැයිස්තුවට ඇද දමන්න පහල බොත්තම් දෙකින් එකක් ඔබන්න.


   මෙම මෘදුකාංගය තවත් දියුණු කර ඩීවීඩී තැටි අවම ප්‍රමාණයක උපරිම දත්ත ප්‍රමාණයක් ගබඩා කිරීම සඳහා එක් එක් තැටියක ගබඩා කලයුතු දත්ත ලැයිස්තු සකසන මෘදුකාංගයක් සකස් කිරීමටද බලා පොරොත්ත වෙමි.


   මෙහිදී කරනුයේ තැටියේ ලිවීමට බලාපොරොත්තු වන දත්ත ඒකක ලැයිස්තුවේ එක් එක් සංයෝජන සලකා බලා එම සංයෝජන අතරින් තැටියේ ඉඩ උපරි්මව යොදා ගන්න සංයෝජනයන් හඳුනා ගැනීමයි.
නමුත් ගැටළුව වන්නේ මෙහි වේගය අඩු වීමයි.
   මෙහි sanyojana නම්  ක්‍රියාවලිය වෙනුවට sanyojana_1 ක්‍රියාවලිය යෙදීමෙන් වේගය වැඩි කිරීමට උත්සාහ කලෙමි.

මෙම මෘදුකාංගය වේගවත් කරගැනීමට ඔබෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි.

එසේම ඩීවීඩී තැටියක ගබඩා කලහැකි උපරිම දත්ත ප්‍රමාණය ගැන තාක්ෂණික උපදෙස්ද බලාපොරොත්තු වෙමි.

3 comments:

  1. කිසිම උදව්වක් නෑ වගෙයි නේද?
    "මට ඔයා ගැන දුකයි", ඇත්තටම.
    "මං ගැන ඊට වඩා දුකයි", උදව්වක් දෙන්න බැරි වීම නිසා.

    ReplyDelete
  2. DVD වල Data ගබඩා කිරීම දැන් එතරම් ජනප්‍රිය දෙයක් නෙමේ නේද ? අලුතින් එන ගොඩක් ලැප්ටොප් වලත් DVD drive එන්නේ නැහැනේ.

    DVD එකට ලියවෙන වේගය කොහොමත් වැඩි කරගන්න බැහැනේ. ලිවීමට බලාපොරොත්තු වන දත්ත වල ස්භාවයත් ප්‍රොසෙසින් වේගයට බලපානවා කියල මට හිතෙනවා.

    මගේ අදහස නම් ඔය සංකල්පය DVD වෙනුවට ක්ලවුඩ් හෝ external storage device එකකට ඔය වැඩේ කරන්න කියන එක.

    ReplyDelete
  3. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න

    ReplyDelete