Thursday, November 16, 2023

මා දිවැස් ලැබූ සැටි.

 

මෙම අත්දැකීම වසර කීපයකට පෙර ලැබූ වකි.

මම මා හදමින් සිටි නිවසේ  කාමරයක පැදුරක් එලා ගෙන තනිව නිදා ගෙන සිටියෙමි.

කාමරය ට ජනේල සවි කර නොතිබිණි.

වෙලාව උදේ 3 පමණ විය යුතු ය.

එම අවස්ථාවේ අවට පරිසරය 90% අඳුරක තිබුනි.

අඩ නින්දේ සිට අවදි වූ මට අඳුරේ තිබුණු අවට පරිසරය මද වේලාවකට පසු දිවාකාලයේදී මෙන් පැහැදිලිව පෙනෙන්නට විය.

එම හැකියාව ක්‍රමයෙන් වර්ධනය වී නැවතත් ක්‍රමයෙන් නැතිවී ගියේය. සම්පූර්ණ කාලය විනාඩි 5ක් පමණ වියයුතුය.

එම දිවැස් හැකියාව උපරිම ව පැවති විට ඇස් පියාගෙන සිටියත් අවට දසුන පැහැදිලිව දිස්විය.

එම අවස්ථාවේ දැනුනේ සිහිනයක් දකින බව දැනගෙන සිහිනයක් දකිනවා වැනි හැඟීමකි.

සම්පූර්ණ කාලයම  පැදුර මත වැතිරී සිටියෙමි. නැගිට අවට ඇවිදිමින් දිවැස් හැකියාව පරීක්ෂා කිරීමට නොසිතුනේ මන්දැයි නොදනිමි.

සමහර විට වෙහෙස සහ නිදිමත නිසා වියයුතුය. සමහර විට බයක් දැනෙන්න ඇති.

නමුත් හිස එහා මෙහා හරවා දිවැස් හැකියාව පරීක්ෂා කලෙමි.

 

තේජෝ කසින භාවනාව කියා එකක් ගැන අසා ඇත. එයින් ද මෙයට සමාන අත්දැකීමක් ලැබිය හැකි බව අසා ඇත.

 

මා ලද අත්දැකීම ගැන පසුව සිතා බැලුවෙමි.

මගේ පැහැදිලි කිරීම මෙයයි.

මම දිවැස් අත්දැකීම ලද පරිසරය දිවා කාලයේ ඇති තරම් නිරීක්ෂණය කර තිබුනි.

එම නිසා එහි ත්‍රිමාන සිතියමක් නොදැනුවත්වම මොළය තුල ගොඩනැගී තිබුනි.

අඩ අඳුරු රැයක දී වුවත් අප එම පරිසරය තුල සිටින ස්ථානය සහ හිස හරවා සිටින දිශාව පැහැදිලිව අවබෝධ කරගත හැකි නම්, අඩ අඳුරෙ දකින දසුනේ අඩුපාඩු දිවාකල දුටු දසුන් වලින් ප්‍රතිසංස්කරණය කර දිවාකල මෙන් පෙන්වීමේ හැකියාව මොළයට ඇත.

සරලව කිවහොත් මෙහි දී මොළය කරන්නේ ව‘චුවල් රියැලිටි වැඩකි.

මම එම අවස්ථාවේ ඇවිද ගියා නම් දිගටම දිවැස් අත්දැකීම ලබන්නට ඉඩ තිබුනි. නමුත් යම් හේතුවකින් බංකුවක් වැනි අනපේක්ෂිත වස්තුවක් ඉදිරියට මුනගැසුනොත් එය දිවැසට හසුනොවනු ඇත.

එය සිරුරේ ගැටුනොත් මගේ දිවැස් බලය එකෙනෙහිම බිඳවැටී මුළු පරිසරයම සැනෙකින් අඳුරු වනු ඇත.

 

පාළු පාරක අඳුරේ ඇවිද යන අයෙක් හොල්මනකට බියවන විට වන්නේද මෙය විය හැක.

එම අවස්ථාවේ දී නොදැනුවත්වම ඔහු රාත්‍රියේ අඩ අඳුරේ දකින දසුන් සමග පෙර දිවා කාලයේ මතක ඔස්සේ  ලද දසුන් මිශ්‍රකර මනස විසින් ගොඩනගා ගත් දසුනක් දකිමින් යයි.

හදිසියේ අනපේක්ෂිත වස්තුවක් සිරුරේ ගැටුනොත් මෙම අථත්‍ය යථාර්ථ අත්දැකීම එකවරම කඩාවැටී මුලු පරිසරයම අඳුරු වී ඔහු බියවෙයි.

 

භාවනා යෝගියාගේ දිවැස් අත්දැකීම ද මේ ආකාරයට ම පැහැදිලි කල හැක.

භාවනා යෝගියා භාවනාව සඳහා තෝරා ගන්නේ බොහෝ විට තැනිතලා පොලවක් සහිත අතරින් පතර ගස් වවා ඇති අනාකූල පරිසරයකි.

එම අවස්ථාවක දිවැස් අත්දැකීම ලැබුව හොත් සෑහෙන කාලයක් එම පරිසරය තුල සක්මන් කරමින් ම එම අත්දැකීම ලබාගත හැක.

 

මම මේ කලේ මගේ අත්දැකීම ගැන මගේ පැහැදිලි කිරීමයි.

මෙම පැහැදිලි කිරීම පාලිත තත්ව යටතේ නැවත නැවත පරීක්ෂා කර තහවුරු කල නො හැකි බව කරුණාවෙන් සලකන්න.

 

9 comments:

  1. මෙවැනි අත්දැකීම් ඇති කිහිප දෙනෙකුම මම දන්නවා. ඒක කොහොමද එන්නේ කියා නම් කියන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. උබ පොනිල්ගේ පුකේ හිලට දිව දානකොටද අත්දැකීම ආවේ පොන්න කළු කැත කොට තට්ට පොට්ටයා

      Delete
    2. මීට වසර දෙසිය ගණනකට පෙර ඕලන්දය මහනුවර රජ මාලිගාවට පහර දී රැගෙන ගිය ගිනි අවි නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කෙරු අජිත් ධර්ම මහතාට අපගේ ස්තුතිය මේසේ දක්වා සිටිමු.

      ඔබතුමාට මෙම පුරාවස්තු ගෙන ඒමට අනුමැතිය ලබා දුන් සේනාධිනායක විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහ සාගල රත්නායක මැතිනියට අපගේ ගෞරවය.

      Delete
  2. නින්දෙන් ඇවිදින කෙනෙක් මම දැක තියෙනවා.
    එයා රෑට ඇදෙන් නැගිටලා සාලේ වටේම ඇවිදිනවා.
    ඒ නින්දෙන්. ඇසුත් වහගෙන ඉන්නේ.
    මොකෙවත් හැප්පෙන්නේ නැහැ.

    කොහොමද වෙන්නේ කියලා දන්නේ නැහැ.

    ReplyDelete
  3. මනස දියුණු වූ ලක්ෂණ ඇති කරගත් හින්දා
    අහස පොලොව හැම තැනකම නොගියත් ගත කැන්දා
    රහස නොවේ බලන්න හැක එක තැන ඇස බන්දා
    දිවැස දියුණු වෙයි ඔබගේ එබැවින් මම වැන්දා...

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බෝතලේ බී වෙරි උන හින්දා
      අබේ මල්ලි මේ බොක වී ඉන්නා
      කවියෙන් නොවැ කොමෙන්ට් උනත් දෙන්නා
      අද චොර වී අබේ මල්ලි ඉන්නා

      Delete
  4. මේ උපන්‍යාසය පිළිගන්න පුළුවන්.

    ReplyDelete
  5. මේ ගැන නම් කියන්න හරියට තේරේන්නෙ නෑ.....හැබැයි මට උනා ඔයිට සමාන සිද්ධියක් ත්‍රයිලෝක විජයපත්‍ර පාවිච්චි කරලා. මම හිතුවෙත් මොලේ කොටසක් උත්තේජනය වෙලා තමයි ඒක උනේ කියලා...පස්සේ තේරුම් ගත්තා ඒක එහෙම නෙවේ වෙන ප්‍රශ්ණයක් කියලා..මම මේ ගැන පස්සෙ කාලෙක් බ්ලොග් පෝස්ට් එකකුත් ලිව්වා. - Mayya - https://maiyyagelokaya.blogspot.com/2011/09/power-of-weeds.html

    ReplyDelete