Sunday, January 7, 2024

අරාබි බස(ද) රාජ්‍ය භාෂාවක් කරනු!

 

 


        අන්තර්ජාලයෙන් හමුවූ ශාන් ෂිරාජ් මහතා ඉස්ලාම් ආගමට දැඩි ලෙස ඇලුම් කරන පුද්ගලයෙක් බව පෙන්නුම් කෙරෙයි.

මම ඔහුගේ ෆේස්බුක් පිටුවට ගොස් ප්‍රශ්නයක් ඇසුවෙමි.

ලංකාවේ වසන මුස්ලිම්වරුන්ට සුන්නත්/ මහෘෘ භාෂා වන්නේ සිංහල, දෙමළ දෙකින් මොනවා ද?

කරුණාකර ඔබේ පෞද්ගලික අදහස්  නොව කුරාන් සහ හදීත් ඇසුරින් පැහැදිලි මතයක් ඉදිරිපත් කරන්න.

මම ඉහත ප්‍රශ්නය නැගුවේ  ශාන් ෂිරාජ් මට වඩා ඉස්ලාමය ගැන දැනුමක් ඇත්තෙක් නිසා, ඔහු මා බලාපොරොත්තු වන උත්තරය දුන්නේ නම්, ඔහු දෙන උත්තරය පිටපත් කර තබා ගෙන වෙනත් මුස්ලිම්වරුන්ට, උඹලගේ එකෙක් මෙහෙම කිව්වා කියා ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවෙනි.

අනිත් මුස්ලිම්වරු සේම ශාන් ෂිරාජ් ද බයිලා ගසා එම ප්‍රශ්නය මගහැරියේය.

 

මගේ දැනුමට අනුව මුස්ලිම්වරයෙක්ට ඒ සම්බන්ධව නිගමන දෙකකට එළඹිය හැක.

1. දෙමළ භාෂාවෙන් මේ රටට හොඳක් වෙන්නේ නෑ. සමාජය භේද වීම විතරයි වෙන්නේ.

ඒ නිසා මුස්ලිම්වරු දෙමළ භාෂාව අතහැරිය යුතුයි.

මුහම්මද් තුමා ලංකාවේ නායකයා වුනා නම් මුස්ලිම් වරුන්ට දෙමළ භාෂාව තහනම් කරලා හදීත් වාක්‍ය කියන බව සහතිකයි.

2. දෙමළ භාෂාව නිසා මිථ්‍යා දෘෂ්ටිකයෝ භේද වෙනවා. ඒක මුස්ලිම් වරුන්ට වාසියක්. ඒ නිසා පුළුවන් තරම් දෙමළ භාෂාව උස්සන්න ඕනේ.

(ඔය මතයට ගැලපෙන හදීත් වාක්‍යත් සොයා ගත හැක)

 

වැදගත් ම දේ වන්නේ තමයි තර්කානුකූලව බැලුවොත් මේ නිගමන දෙකම ඉස්ලාම් ආගමට එකඟ වීමයි.

මම හිතන්නේ මුස්ලිම්වරු වැඩි දෙනෙක් ඉන්නේ දෙවැනි මතය තුල බවයි.

රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂකවරයෙක් වන නිලාර් එම් කාසිම් නැමති පුද්ගලයා මුල් කාලයේ හිටියේ පලමු මතය තුල, ඔහු දෙමළ කතා කිරීම ඉස්ලාම් දහමට එකඟ නැතැයි පුවත්පත්වලට ලිපිද ලියා ඇත.

නමුත් දැන් ඔහු 2වැනි මතය තුලට ගොස් ඇති බව පෙනී යයි.

 

රටකට තිබිය හැකි හොඳම භාෂා ප්‍රතිපත්ති අවරෝහණ පිලිවලට දැක්වුව හොත්,

1. එක රටක් එක බසක්

2.මහජාතියේ භාෂාව පොදු භාෂාව කර ගැනීම. (හොඳම උදාහරණය ඇමරිකා එක්සත් ජනපදයයි. නමුත් ඇමරිකන් සුද්දෝ එය කල අයුර ගුරු මුෂ්ටියක් ලෙස තබා ගෙන ඇති බව පෙනී යයි. මා ඇමරිකානුවෙක්ට ජනාධිපතිවරණයේදී චන්දය දීමට බලපෑ ප්‍රධාන හේතුවත් එයයි.)

3. භාෂා දෙකක් සහ මහ ජාතියේ භාෂාව පොදුබස වීම (උදාහරණ: කැනඩාව)

3. භාෂා කිහිපයක් ජාතික භාෂා ලෙස පිලි ගෙන ඉංග්‍රිසි පොදු බස කර ගැනීම (හොඳම උදාහරණය ඉන්දියාවයි, ඒත් මේ ක්‍රමය කොපමණ සාර්ථක දැයි දැන්ම කීමට බැරිය)

4. භාෂා දෙකක් සහ මැද්දට ඉංග්‍රීසි. (මෙය රටකට තිබිය හැකි බලුම බලු භාෂා ප්‍රතිපත්තියයි. හොඳම උදාහරණය ලංකාවයි)

භාෂා දෙකයි ඉංග්‍රීසියි වෙනුවට භාෂා 3යි ඉංග්‍රීසියි සූත්‍රය “හොඳ“ය.

 

මනෝ විද්‍යාත්මක බැලූ විට මිනිසුන්ට තෝරා ගැනීමට වර්ග දෙකකින් එකක් ලැබුන විට තමාගේ “එක“ සහ “තමාගේ නොවන එක“ ලෙස සමාජය තුල පැහැදිලි බෙදීමක් ඇතිවිම වැළැක්විය නො හැක.

එයට විසඳුම දෙකක් වෙනුවට “ගොඩක්“ අතරින් එකක් තෝරා ගන්න ඉඩ දීමයි.

මීට සමාන කතාවක් චිත්‍රපටයක ඇසුවෙමි.

දෙවෙනි ලෝක යුද්ධයට සම්බන්ධ සෙබළ පිරිසක් අතරින් එක් මුස්ලිම් නොවන සෙබළෙක් මුස්ලිම් සෙබළෙකුගෙන්

උඹලාගේ ආගමේ ගෑණු 7ක් බඳින්න අවසර තියෙනවා නේද ඇසුවේ ය

නෑ ස‘ර් අපේ ආගමේ අවසර තියෙන්නේ 4ක් බඳින්න.

ගෑණු දෙන්නෙක් ගෙනාවොත් උන් දෙන්න රණ්ඩු වෙනවා.

3ක් ගෙනාවොත් දෙන්නෙක් එකතු වෙලා තුන් වෙනියට හිරිහැර කරනවා. ඒ නිසා 4ක් ගේනවා එතකොට හතර දෙනා හතර පැත්තකට වෙලා සාමයෙන් ඉන්නවා.

 

නැගෙනහිර පලාත තුල සිටින මුස්ලිම්වරු තුල අරාබි බස ගැන උනන්දුවක් ඇති බව පෙනීයයි.

සහරාන්ගේ “සලාම් බොම්බේ “ සිද්ධියෙන් පසු මේ ගැන කතිකාවක් ඇතිවිය.

ඒ ගැන වැඩියෙන් ම රිදී තිබුනේ මනෝ ගනේෂන්ටය.

සිංහල නොවන වෙනත් ඕනෑම පොල් බූරුවෙක්ට තේරෙන පරිදි මෙරට තුල මෙරට තුල දෙමළ භාෂාව පාවිච්චි වනුයේ ග්‍රෝත්‍රික සංකේතයක් ලෙසයි.

දෙමළ බස නිසා මේ රටට අවැඩක් මිස කිසිම හොඳක් සිදු නොවේ.

රටේ ස්ථාවරත් වය සඳහා දෙමළ භාෂාව දුර්වල කිරීම ඉතා වැදගත් කටයුත්තකි. මෙරට දෙමළ කතා කරන අයගෙන් 40% පමණ මුස්ලිම්වරුය.

දෙමළ කතා කරන මුස්ලිම් වරයෙක් දෙමළ අතහැර අරාබි  තම බස කර ගත්තොත් සිංහලයන්ට අහිමි වන්නේ මොනවා ද?

 

මගේ මොලයට තේරෙන පරිදි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලංකාවේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි වෙයි. එය අනිවාර්යය භාෂාව වන අතර සිංහල හෝ දෙමළ වෛකල්පික භාෂා දෙකක් පමණි.

ඒ නිසා නැගෙනහිර පලාත තුල අරාබි බස(ද) රාජ්‍ය භාෂාවක් කරන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කිසිදු බාධාවක් නැත.

     එයට අවශ්‍ය අමතර පරිපාලන වියදම් අරාබි රටකින් ලබාගන්නට හැක. එසේම ලාංකිකයන් විශාල පිරිසක් අරාබි රටවල රැකියා කරන නිසා. අරාබි ඉගෙන ගන්න අවස්ථා ලබා දීමෙන් ආර්ථික වාසියක් ද රටට ලැබිය හැක.



2 comments:

  1. කැමති කෙනෙක් කැමති බාසවක් කතා කර ගත්තෙ දෙන්..කොහොමත් බාසා කීපයක් දැන ගෙන ඉන්න එක තවත් හොදයිනේ....


    මුස්ලිම් සම්බන්ධයෙන් නම් මම දන්නේ ඔවුන් වෙලදාම ආගමෙන් උගන්වන කොටසක්...තමුන් ඉන්න සමාජයට, බිස්නස් වලට හරියන්නේ මොකක්ද ඒක තමයි ඒගොල්ලො ඉගෙන්න ගන්නේ...ඒක තමයි ගොඩ දෙනෙකුට ලංකාවෙ නම් බාසා 3ම පුලුවන්..නැගෙනහිර පැත්තේ නම් සිංහල ඕනේ වෙන්නෙ නෑ...ඒනිසම ඒ පැත්තෙ ඉන්න අයට සිංහල බෑ....හැබැයි කොලඹ ආවොත් සිංහල ටක් ගාල පික් කරනවා..

    = Mayya

    ReplyDelete
  2. ඔබේ වටහාගැනීම වැරදියි. උතුරු පලාත සහ නුවර එලිය දිස්ත්‍රික්කය හැර අනෙක් හැම තැනම දෙමල කතා කරන බහුතරය මුස්ලිම්. “ටක් ගාලා පික් වෙනවා නම්“ අපේ ගමේ මුස්ලිම්වරු ගෙදරදී කතා කරන්න ඕනේ සිංහල“
    ඔවුන් දෙමළ භාෂාව පාවිච්චි කරන්නෙත් සමාජය අස්ථාවර කරලා එයින් වාසි ගන්න. ඇත්තටම නිකාබ් අඳින සිංහල කතා කරන මුස්ලිම් ගැහැනියට වඩා සාරි අඳින දෙමළ කතා කරන මුස්ලිම් ගැහැණිය භයානකයි.

    ReplyDelete