Thursday, May 28, 2026

 (මම දහම්පාසල් ගිය කෙනෙක් නෙමෙයි.  මේ කියන දේවල වැරදි තියෙන්න පුලුවන්. හරි වැරදි සොයා බැලීම ඔබේ වැඩක්.)

බුදු දහම කුල වාදයට විරුද්ධද?
මම හිතන්නේ ඒ කාලේ කුල වාදයක් තිබුනේ නෑ. ඒ නිසාම බුදුන් මොකවත් කියලත් නෑ.
ඒ කාලේ තිබුනේ වර්ණ වාදයක්.
කුලයත් වර්ණයත් අතර වෙනස හඳුනාගත යුතුයි.
කුලය කියන්නේ ඉන්දියාවේ දුර අතීතයේ සිට පැවති දෙයක්. බුදු දහම බිහිවන්න සියවස් කිපයකට පෙර බ්‍රාහ්මණයන් විසින් වර්ණ කියලා නව වර්ගීකරණයක් කුලයට උඩින් පිහිටෙව්වා. බුද්ධාගම සහ ජෛන ආගම විරුද්ධ වුනේ මේ වර්ණ සංකල්පයට මිස කුලයට නෙමෙයි.

බුදු සසුන පිහිටෙව්වෙත් කුල ක්‍රමය පදනම්කරගෙන.
එකල භික්ෂුවකට කැමති වෙලාවක සිවුරු අරින්න නිදහස තිබුනා. සිවුරු ඇරියට පසු තම කුලයේ හෝ ආසන්න කුලයක නායකයෙක් හමුවී කුමක් හෝ කුලයට ගැලපන රැකියාවක් ගන්න හැකියාව තිබුනා.
නමුත් මේ කාලේ කෙනෙක්ට මේක කරන්න පුලුවන්ද?
මෙහි අනතුර වන්නේ පැවිදි ජීවිතයට අකමැති අයෙක්ටත් සිවුර දරාගෙන ඉන්න සිදුවීම.
පැවිදි අයෙක්ට් ඕනෑම වෙලාවක සිවුරු හරින්න හැකි වැඩපිලිවෙලක් අවශ්‍යයි.


No comments:

Post a Comment