Saturday, September 5, 2026

රොබෝ ජනපති.

 



    මුලින්ම කිවයුත්තේ මෙය විහිලුවක් ලෙස නොගතයුතු බවයි.
    ජනාධිපතිවරයාගේ ජනහමු, නිරීක්ෂණ සංචාර, ඔහුගේ පක්ෂයේ රැස්විම් සඳහා ජනාධිපති වරයා සහභාගි වනවිට ඔහු සඳහා අමතර ආරක්ශක වියදමක් යෙදිය යුතුවේ.
    එසේම ජනතාවගේ එදිනෙදා ජීවිතයටද එයින් බාධාවක් වේ.
මේ ගැටලු සඳහා රොබෝ තාක්ෂණය යොදාගත නොහැකිද?
    ඒ සඳහා අවශ්‍ය සරල රොබෝවකි. 
රෝද 4ක ටොලියක් මත දන්ඩක් සවිකර ඒ මත සමචතුරස්‍රාකාර පරිගනක තිරයක් සවිකරන්න
    කැමරා සහ මයික අවශ්‍ය පරිදි දන්ඩට සවිකරන්න.
    ගඳ සුවඳ දැනෙන සංවේදකයක්ද සවිකරන්නේ නම් මැනවි.
සුලඟ පිලිබඳ දත්ත ගතහැක සංවේදකයක්ද තිබීම හොඳය.
ඊට අමතරව එක් රොබෝ අතක්ද තිබීම හොඳය. ඒ අත තුල ඇඟිලි වලට අමතරව කුඩා කැමරාවක්ද සවිකිරීම හොඳය.

ක්‍රියා කරවන ආකාරය

    ජනාධිපති කාර්යාලය තුල විශේෂ වීදුරු කුටියක් තුල ගේමක අසුනක් ( Gaming Chair) සවිකරන්න. ජනාධිපති එය මත වාඩිවී අතත්‍ය යතාර්ථ හිස්වැසුමක් පැලඳගත යුතුය.
    ඔහුගේ උදව්වට තොරතුරු තාක්ෂන ශිල්පියෙක්ද සිටිය යුතුය.
එයින් ඔහුට රොබෝව සමග සම්බන්ධවිය හැක. 
එහිදී රොබෝවට ලැබෙන සංවේද අනුව හිස් වැසුම හරහා රූප ශබ්ද විඳිමට  අමතරව කුටිය තුල උෂ්ණත්වය, සුලඟ ගඳ/සුවඳ ආදිය සකසා ජනපතිට වඩා සජීවී අත්දැකිමක් ලබාදිය හැක.
ජනපතිගේ මුහුන රොබෝගේ පරිගනක තිරය හරහා ජනතාවට දැකගත හැක.
අවශ්‍ය නම් අතට අතදීම. අත වැනීම වැනි දේද කල හැක.
මෙවැනි යන්ත්‍ර කීපයක් සාදා ගැනීමෙන් ජනපතිට ජනතාවට වඩාන් සමිපවීමට අමතරව  ආරක්ෂක වියදමත් විශාල ලෙස අඩුකරගත හැක.


No comments:

Post a Comment