Wednesday, November 14, 2012

Mr. Nobody චිත්‍රපටය



මේ වසරේ මා නැරඹූ හොඳම චිත්‍රපටය ලෙස මෙය සැලකිය හැක
2009 වසරේ තිරගතවූ මෙය විද්‍යා ප්‍රබන්ධයක් ලෙස සැලකිය හැක
එහෙත් මෙය තාක්‍ෂනික අරුමයන් ගැන කියවන්නක් වත් සටන් ජවනිකා වලින් යුත් එකක් වත් නොවේ
මා මෙයට වඩාත් කැමති  වීමට හේතුව එයයි
මෙය ප්‍රධාන වශයෙන්ම තාපගතිකයේ දෙවන නියමය ගැන දාර්ශනික සංවාදයක් ලෙස සැලකිය හැක
තාප ගතිකයේ දෙවන නියමයෙන් කියවෙන්නේ අපගේ විශ්වය ක්‍රමයෙන් අවුල් වෙමින් පවතින බවයි
ක්‍රමවත් දෙයක් අක්‍රමවත් කිරීමට පහසු බවත් අක්‍රමවත් දෙයක් ක්‍රමවත් කිරීමට අපහසු බවත් මෙයින් කියවෙයි
උදාහරනයක් ලෙස පුස්තකාලයක පොත්පත් අවුල් කිරීමට සේවකයන් අවශ්‍ය නැත පුස්තකාලය පාවිච්චි කිරීමේදී එය නිරායාසයෙන්ම සිදුවේ
නමුත් අවුල්වූ පොත්පත් සුදුසු ස්ථානවල තැබීමට සේවකයන් යෙදවිය යුතුය
සමහර විට අක්‍රමවත් පද්ධති ක්‍රමවත් වන අවස්ථා ඇති නමුත්
(උදාහරන ලෙස ජීවී දේහයන් තුල, ස්වාභාවික පරිසරයේ අමුද්‍රව්‍ය යොදා මයික්‍රෝ චිපයක් නිපදවන විට)
එම ක්‍රියාවලියේදී සමස්ථ පද්ධතිය අක්‍රමවත් වේ
(ජීවය පවත්වා ගැනීමට ආහාර පිරිසිදු ජලය පිරිසිදු වාතය ගැලපෙන උශ්නත්ව පරාසයක් ආදිය අවශ්‍ය වන අතර ඒවා ලබාගැනීමේදී සමස්ථ විශ්වය අක්‍රමවත් වේ
 කර්මාන්ත ශාලාවක භාන්ඩ නිපදවීමට අවශ්‍ය ශක්තිය ලබාගැනීම අපද්‍රව්‍ය බැහැර කිරීම යන්ත්‍ර සූත්‍ර නඩත්තුව ආදී සමස්ථ ක්‍රියාවලිය මඟින් විශ්වය අවුල වීම සිදුවේ)
මෙම කරුන තාපයට අදාල වන්නේ කෙසේද
තාප ශක්තිය යනු පධාර්ථයේ <u>අක්‍රමවත් චලිතයේ </u>චාලක ශක්තිය ලෙස සැලකිය හැක
උදාහරනයක් ලෙස යකඩ කැබැල්ලක් විසිකල විට එහි අංශු නිශ්චිත මාර්ගයක් දිගේ (සාමාන්‍යෙයන් පරාවලයික පථයක) චලනය වේ නමුත් එම යකඩ කැබැල්ලම
රත්කල විට එහි අංශු එවැනි ක්‍රමවත් රටාවකට චලනය නොවේ එවිට ඒවා ඇවිස්සුනු කඩි ගුලක් මෙන් අවිධිමත් චලනයන්ට ලක්වෙයි
තාප ගතිකයේ දෙවන නියමයෙන් කියවෙන්නේ වෙනත් ශක්ති විශේෂයක් තාපය බවට සම්පූර්නයෙන්ම පරිවර්ථනය කල හැකි වුවත් තාපය
සම්පූර්නයෙන්ම වෙනත්ශක්තියකට හැරවිය නොහැකි බවයි සුළු කොටසක් හෝ තාපය ලෙසම පවතී
මෙම නියමය මුළු විශ්වයටම සම්පූර්නයෙන්ම සැමකල්හිම අදාල යැයි සැලකුව හොත් (එය උපකල්පනයකි) එයින් කියවෙන්නේ විශ්වයට උපතක් ඇති  බවයි
එසේම එය මැවුම් කරුවෙකුගේ නිර්මානයක් ද වේ (මෙයින් කියවෙන්නේ  බයිබලයේ හෝ කුරානයේ සෑම වාක්‍යයක්ම අකුරක් නෑර පිලිගතයුතු බව වත් මැවුම්කරුවාට වන්දනා මන කලයුතු බවවත් නොවේ
මැවුම් වාදය හා ආගම් යනු එකක් නොවේ)
තාපගතිකයේ දෙවන නියමය මනුශ්‍ය සමාජයට ආදේශ කලහොත්
ධනවාදී සමාජයක් සමාජවාදී සමාජයක් බවට හැරවීම ඉතා ආයාසයෙන් කලයුතුය එසේම එය පවත්වා ගැනීමද එයටත් වඩා ආයාසකර එකකි
නිසි විපරම් කිරීම මගහැරුනු විට එය ඉබේම ධනවාදයට හැරෙයි
එයට හේතුව ධනවාදය අවුල් සහගත වීමත් සමාජවාදය ක්‍රමවත් වීමත්ය
සමාජ වාදය විශ්වාස කරන්නන් ධනවාදී සමාජෙවල ඇති අක්‍රමවත් භාවය ධනවාදයේ දුබල කමක් ලෙස දුටුවත් ඇත්තටම එය ධනවාදයේ ඇති ලොකුම ශක්තියයි
සමාජවාදයට මෙන් න්‍යායාචාර්යවරුන් ගේ සහය නොලැබුවත් ධනවාදය පවතින්නේ මෙම ගුනය නිසාය
එබැවින් මාක්ස්ගේ මතය විද්‍යාත්මක නැත

චිත්‍රපටය තුල තාපගතිකයේ දෙවන නියමයට අමතරව සමාන්තර විශ්ව පිළිබඳ මතවාද ද සාකච්ඡා කරයි

Mr. Nobody චිත්‍රපටය පැය දෙකහමාරක් දිගු අතර දෙවරක් නැරඹීම වඩාත් සුදුසු බව නිර්දේශ කරමි
මෙයට සිංහල උපසිරැසි තැනීමට අදහසක් ඇති අතර දැනටම සිංහල උපසිරැසි ඇත්නම ඒ ගැන comment හි දන්වන ලෙසද ඉල්ලා සිටිමි




1 comment: