Saturday, April 12, 2014

සිංහල යුනිකෝඩ් ෆොන්ට වලට නව නාමකරණ ක්‍රමයක් අවශ්‍යයි


සිංහල යුනිකේත අකුරු රටා භාවිතා කර කලාත්මක නිර්මාණයක් කරන විට ඇති වන ගැටලුවක් වන්නේ
මෘදුකාංගයේ අකුරු රටා ලැයිස්තුවෙන් සිංහල යුනිකේත අක්‍ෂර මෝස්තර හඳුනා ගැනීමේ අපහසුතාවයි.
පැරණි ඇස්කි අක්‍ෂර මෝස්තර පාවිච්චියේ දී මෙම ගැටලුව පැන නො නගී මන්ද එවිට අකුරු මෝස්තරය අකුරු ලැයිස්තුව තුලින් බලා ගත හැකි නිසා ය. නමුත් අකුරු රටාවේ නම ඉංග්‍රීසි අකුරෙන් ලියන බැවින් සිංහල යුනිකේත අක්‍ෂර රටාව අකුරු ලැයිස්තුව තුලින් බැලූ විට පෙන්වන්නේ එහි අඩංගු ඉංග්‍රීසි අකුරු හැඩ පමණි.
එමෙන්ම අකුරු මෝස්තර වෙනස් කරන විටත් සිංහල අකුරු සම්මත සිංහල අකුරු මෝස්තරයෙන් පෙන්වන නිසා අකුරු මෝස්තර වෙනස් වූයේ දැයි පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාවක් නැත
මෙම හේතුව නිසා කලාත්මක නිර්මාණ සඳහා සිංහල යුනිකේත පාවිච්චි කරන්නන් අවුලට පත්වේ.
මෙම ගැටලුව ගැන එතරම් අවධානයක් යොමු නො වීමට හේතු වී ඇත්තේ සිංහල යුනිකේත තවමත් අන්තර්ජාල කටයුතු සඳහා පමණක් බහුලව යෙදෙන බැවින් සිංහල යුනිකේත පාවිච්චි කරන්නන්ට මෙයින් එතරම් බලපෑමක් නො වීමයි. නමුත් සිංහල යුනිකේත පරිහරණය ව්‍යාප්ත කිරීමට නම් මෙම ගැටලුවට විසඳුමක් සොයා ගත යුතු ය.
මෙයට එක විසඳුමක් වන්නේ සිංහල යුනිකේත අකුරු මෝස්තරයේ නම සිංහල අකුරෙන් ම ලිවීමයි. උදාහරණයක් ලෙස “iskoolapotha.ttf”වෙනුවට “ඉස්කෝලපොත.ttf” නමුත් එවිට මෙහෙයුම් පද්ධතිය හා අනෙකුත් මෘදුකාංග එම අකුරු මෝස්තරයට සහය නො දැක්වීමට ඉඩ ඇත. එසේම අකුරු මෝස්තරය අන්තර්ජාලය වැනි මාධ්‍යයක් හරහා බෙදාහැරීමේ අපහසුතා ද ඇති වේ. මෙයට ඇති හොඳ ම විසඳුම වන්නේ සිංහල යුනිකේත අකුරු රටා නම්කරද්දී පොදු අභිධානයක් (title) යෙදීමයි.
උදිහරණයක් ලෙස iskoolapotha, bhashitha,malithweb වෙනුවට si-iskoolapoth, si-bashitha, si-malithiweb යනා‍දී ලෙස පොදු ටයිට්ල් එකක් යෙදීමෙන් අකුරු මෝස්තරය සිංහල යුනිකේත මෝස්තරයක් බව පහසුවෙන් හඳුනා ගත හැක. එසේම අකුරු මෝස්තර ලැයිස්තුවේ සිංහල යුනිකේත අකුරු රටා සියල්ල එක ම තැනකට ගොනුවීමද සිදුවේ මෙය නිර්මාණ කරන්නන්ට ඉතා පහසුවකි.
මෙය නීතියක් ලෙස නොව රීතියක් ලෙස ෆොන්ට නිර්මාණය  කරන්නන් අනුගමනය කලොත් එය සිංහල යුනිකේත ජනප්‍රිය වීමට හේතු වෙයි.


No comments:

Post a Comment