Thursday, April 17, 2014

කණ් දෙකකට ස්පීකර් ගොඩක් මොකට ද?



මෙම ලිපියට අවශ්‍ය දැනුම geek.lk වෙබ් අඩවියේ මිතුරන්ගෙන් ලබා ගතිමි ඒ ගැන ඔවුන්ට ස්තුතිය පුද කරමි.
මිනිසෙකුට ඇත්තේ කණ් දෙකක් වුවත් ත්‍රිමාන ශබ්ද සඳහා යොදා ගන්නා සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් වල ස්පීකර් ගණනාවක් ශ්‍රාවකයා වටේට පිහිටුවන්නේ මන්ද යන ගැටලුව මතුවේ. කණ් දෙක සඳහා ස්පිකර් දෙකක් යොදා ත්‍රිමාන ශබ්ද ඇති කල නො හැකි ද?
මෙය න්‍යායාත්මක ව කල හැකි වුවත් ප්‍රායෝගික ව ගැටලු ඇති කරයි.
ස්පීකර් දෙකක් යොදා ත්‍රිමාන ශබ්ද ඇති කරන ක්‍රමයක් ඇති අතර එය Holophonics  යන නමින් හඳුන්වයි
නමුත් මෙම ක්‍රමයේ ගැටලු කිහිපයක් ම ඇත.
ස්පීකර් දෙකක් යොදන විට වම් කණට දකුණු පස ස්පීකරයෙන් එන ශබ්දය ඇසෙන අතර දකුණු කණට වම් පස ස්පීකරයෙන් එන ශබ්දය ඇසේ. එසේ ශබ්ද මිශ්‍ර වීම නිසා ශබ්ද වල ත්‍රිමාන ස්වරූපය අවුල් වේ.
එම නිසා Holophonics ක්‍රමය සඳහා හොඳ තත්වයේ කණ් යොමුවක් යොදා වම් පස ශබ්ද වම් කණටත් දකුණුපස ශබ්ද දකුණු කණටත් පමණක් ම ලැබෙන සේ කටයුතු සැලසිය යුතු ය.
නමුත් කණ් යොමුවක් යෙදීමත් සමඟම තවත් ගැටලුවක් ඇති වේ, එනම් ශබ්ද අසන විට ශ්‍රාවකයා හිස ඒ මේ අත සොලවන විට ඒ අනුව ශබ්දයේ වෙනසක් සිදු නො වීමයි. මේ සඳහා හිසේ චලනය හඳුනා ගෙන ඒ අනුව කණ් යොමුවට ලැබෙන ශබ්දය වෙනස් කල හැකි ක්‍රමයක් තිබිය යුතු ය නමුත් එය ඉතා සංකීර්ණ වියදම් අධික එසේම කරදරකාරී කටයුත්තකි මා දන්නා පමණින් එවැනි ක්‍රමයක් භාවිතයේ නැත.


මෙම ගැටලු සඳහා හොඳ ම විසඳුම වන්නේ ශ්‍රාවකයා වටා ස්පීකර් ගණනාවක් පිහිටුවා සුදුසු පරිදි ශබ්දය ලබා දීමයි.
 

No comments:

Post a Comment