Wednesday, April 22, 2015

මාගේ මෘදුකාංගයක් (power shell)



Dos විධාන හරහා කලයුතු සමහර කටයුතු වඩා පහසුවෙන් කරගැනීමේ අරමුනෙන් මෙම මෘදුකාංගය තැනුවෙමි. මෙය තවමත් සම්පූර්ණ අත්හදා බැලීමේ තත්වයේ පවතින බව ද, කැමති කෙනෙකුට මෙය වැඩිදියුණු කිරීමට හැකි බව ද, මෙය දියුණු කිරීමට නව අදහස්  ඔබෙන් බලාපොරොත්තු වන බව ද දන්වා සිටිමි.
මුලින් ම,
ප්‍රභව කේතය අඩංගු ගොනුව අන්සිප් කර එහි POWER_SELL\POWER_SELL\bin\Debug‍‍\POWER_SELL.exe ස්ථානයේ පිහිටි ක්‍රියාකාරී ගොනුව හෝ කෙළින්ම භාගත කල ක්‍රියාකාරී ගොනුව මත රයිට් ක්ලික් කර මතුවන මෙනුවෙන් ඇඩ්මිනිස්ට්‍රේටර් ආකාරයෙන් එය ක්‍රියාත්මක කරන්න.










 
ඉන් පසු මතුවන ප්‍රධාන කවුළුව තුල “සැකසුම්” සබැඳිය ක්ලික් කරන්න.

  
ඉන් පසු මතුවන කවුළුව තුලින් “රෙජිස්ට්‍රිය සකසන්න” බොත්තම ඔබන්න.
දැන් ආපසු යන්න. මෙය කල යුත්තේ මුල් වරට පමණි.



දැන් කැමති ෆෝල්ඩරයක් මත රයිට් කලික් කර එයින් “නව විධාන” අයිතමය තෝරන්න.













මෙවිට මතුවන ප්‍රධාන කවුළුව තුල ඉහළින් ම ඇති කොටුවේ ක්‍රියාත්මක ෆෝල්ඩරයේ පථය දක්වා ඇත. අවශ්‍ය නම් එයට වෙනත් ෆෝල්ඩරයක් ඩ්‍රැග් කල හැක.
  
දෙවැනි කොටුව තුල අවශ්‍ය උපදෙස් දක්වන අතර
පහළ කොටස තුල විධාන ඇතුළත් කල හැකි ක්‍රම සකසා ඇත.
පහළ කොටුවට පහළින් ඇති බොත්තම් අතරින් අවශ්‍ය විධානය සහිත බොත්තම ඔබන්න. එවිට එය ඉහළ කුඩා කොටුව මත සටහන් වන අතර එයට අදාල උප විධාන, විධාන බොත්තම් වලට පහළින් දිස්වේ. ඒවා ක්ලික් කර හෝ ඉහල කොටුව මත ටයිප්කර හෝ විධානය සටහන් කරන්න. ඉන් පසු RUN බොත්ම ඔබන්න. විධාන සටහන් කිරීමේදී Dos විධාන දීමේදී අනුගමනය කරන පටිපාටියම යොදාගන්න.
CMD තේරුව හොත් මෙය තුලින් Dos විධාන ක්‍රියාත්මක කල හැක.
දැනට මෙහි ඇති ප්‍රධාන වාසි වනුයේ සිංහල යුනිකේත වලින් ලියූ ගොනු හා ෆෝල්ඩර වල නාමාවලියක් පහසුවෙන් ලබාගත හැකි වීම.
සහ, තනි ෆෝල්ඩරයක් වෙනුවට එකවර පාත් එකක් තැනිය හැකි වීමයි. එනම්
C:\aaa ෆෝල්ඩරය මත C:\aaa\ggg\ccc\ss\ යන ආකාරයේ ෆෝල්ඩර යක් එකවර තැනිය හැකිවීම.
මීට අමතරව Dos විධාන ගැන දැනුම අඩු හෝ විධාන ටයිප් කිරීමට කම්මැලි අයට වඩා පහසුවෙන් වැඩ කර ගත හැකි වීම.

1 comment: