Friday, July 17, 2015

VB.NET වලින් කල පරිගනක ක්‍රීඩාවක්

 ක්‍රීඩාව භාගත කරන්න
ක්‍රීඩාවේ කේත භාගත කරන්න
මට කලක පටන් තිබුනු ආශාවක් වූයේ පරිගනක ක්‍රීඩාවක් තැනීමයි.
නමුත් මෙහිදී කලයුතු දේ සහ (විශේෂයෙන්) නොකල යුතුදේ ගැන අවබෝධයක් නොතිබූ නිසා මෙය කල්ගතවිය.
මේ අතර Beginning .NET Game Programming in VB .NET පොත කියවීමට ලැබුනු අතර එය වඩාත් සරලව මේ පිළිබඳ කරුණු පැහැදිලිකර තිබූ නිසා වැඩි අපහසුවකින් තොරව  එම පොතේ අඩංගු පලමු පරිගනක ක්‍රීඩාව මෙසේ තැනුවෙමි. මෙහිදී පොතේ ඇති ආකාරයටම කේතනය සිදු නොකර ඊට වඩා සරලව (ක්‍රමලේඛන ශිල්පියාට තේරුම්ගැනීමට පහසු ලෙස) මෙය සැලසුම් කෙරුවෙමි.
විනෝදාංශයක් ලෙස මෘදුකාංග තනන්නෙකුට මෙය සහ ඉහත දැක්වූ පොත ප්‍රයෝජනවත් වෙතැයි සිතමි.
කෙසේවෙතත් මෙය තැනීමෙන් පසු මෙය ක්‍රීඩාකර එහි රසය විඳීමට මාහට නොහැකි විය. දැන් මෙය ක්‍රීඩාකරනවිට මගේ සිතට නැඟෙන්නේ  මෙහි තාක්ෂණික කරුණු පමණි.

2 comments:

  1. කෝ වැඩ කරන්නේ නෑනේ. මදැයි ගේම් එකක් ගහන්න ආවා ?

    ReplyDelete