Sunday, September 13, 2015

පස්වෙනි මානය කුමක්ද? (Interstellar චිත්‍රපටය ගැන)



මණ්දාකිනියෙන් ඔබ්බට (http://beyond-the-galaxy.blogspot.com/2015/09/InterstellarExplanation.html) වෙබ් අඩවියේ ඇති ලිපිය කියවීමෙන් පසු බයිස්කෝප් (http://www.baiscopelk.com) වෙබ් අඩවිය හරහා මෙම Interstellar චිත්‍රපටය නැරඹුවෙමි.

මෙහි සඳහන් පංචමාන ජීවීන් වන අනාගත මනුශ්‍යයින් ගැන සඳහන් කිරීමේදී පස්වන මානය කුමක්දැයි ගැටලුවක් පැනනඟියි. මේ ගැන මගේ අදහස මෙයයි.

සාමාන්‍ය මනුශ්‍යයන් වන අප සිව්මාන ජීවීන් වර්ගයක් ලෙස සැලකිය හැක. අප අවකාශ මාන තුනක් ඔස්සේ සහ කාල මානය ඔස්සේ චලනය වෙයි.

මෙහිදී අවකාශ මාන තුන ඔස්සේ වන චලනය අපට අවශ්‍ය පරිදි හසුරුවා ගත හැකිය එනම් අවකාශ මානවල චලිතය සක්‍රීය (active) චලිතයකි. නමුත් කාලය ඔස්සේ වන චලිතය අක්‍රීය (passive) චලිකයකි.

මෙහි සඳහන් පංචමාන ජීවීන්ට කාලමානය ඔස්සේ වන චලිතයද සක්‍රීය (active) චලිතයක් බව පෙනේ. එනම් ඔවුන්ට දැනෙන ලෙස කාලය යනු තවත් අවකාශ මානයකි. එසේනම් ඔවුන් අක්‍රීයව (passive) චලනයවන මානය ඔවුන්ගේ කාල මානය වියයුතුය.

මෙම ලිපියට අතිරේක කරුණක්ද එක්කරමි. දෙවියන් වහන්සේ (යෙහෝවා/ අල්ලා) පංචමාන ජීවියෙක් ලෙස සැලකුවහොත් බයිබලයේ සඳහන් පරිදි දෙවියන් වහන්සේට මිනිසා මැවීමය ගතවූ දින හය දෙවියන්ගේ කාල මානයේ (පස්වන මානයේ) ඒකක 6ක් විය නොහැකිද?

3 comments:

  1. //එසේනම් ඔවුන් අක්‍රීයව (passive) චලනයවන මානය ඔවුන්ගේ කාල මානය වියයුතුය.//
    ඒ කියන්නේ කාල මානය එකිනෙකාට සාපේක්‍ෂ බවද? අපේ කාල මානය ඔවුන්ට කාල මානයක් නොවේ, ඔවුන්ගේ කාල මානය අපේ කාල මානය නොවේ කියන එකද?

    //දෙවියන් වහන්සේ (යෙහෝවා/ අල්ලා) පංචමාන ජීවියෙක් ලෙස සැලකුවහොත් බයිබලයේ සඳහන් පරිදි දෙවියන් වහන්සේට මිනිසා මැවීමය ගතවූ දින හය දෙවියන්ගේ කාල මානයේ (පස්වන මානයේ) ඒකක 6ක් විය නොහැකිද?// ඇත්තටම ඔව්, එහෙම බැලුවොත් මේ "මැවීමට ගතවූ කාලය" කියන එකට වෙනම අර්ථකථනයක් එනවා. මේ අපි දන්න කාලය නෙමෙයි. ඉතාම වැදගත් අදහසක්.

    ReplyDelete
  2. අපිතාම සිව් වෙනි මානයක් කරා ගිහින් නෑනේ අපි තාම ට්‍රිමාන ජීවින් විතරයි සමහර තැන වලදී විතරයි තාම කාලය තවත් මානයක් විදිහට සලකන්නේ ඒ හින්දා අපි තාම සිව්මාන ජීවින් වෙන්න බැහැ

    ReplyDelete
  3. මට තියෙනන ප්රශ්නය නම් මෙයයි.අපි සැබෑ ලෙසම තිර්මාණය අත් විදිනවාද යන්නයි.
    අනෙක මිනිසාගේ පරිණාමයත් සමඟ අප කතා කරන ඉදිරි මානයන් සම්බන්ධ බවද මට සිතේ. හරියට එය මානව බුද්ධි පරිණාමය හා අපූර්ව කුසලතා මත පදනම් වී අැති බවක් පෙනෙනුයේ මිනිසාගේ ගල් යුගයේ සිතුවම් දැකීමෙනි.

    ReplyDelete