Monday, January 11, 2016

තයි පොන්ගල්, මකර සංක්‍රාන්තිය, දුරුතු මංගල්‍යය.

      ජනවාරි 14 හෝ 15 දිනවල ලංකාවේ හින්දු (තමිල්නාඩු අභිචාර විධි අනුගමනය කරන්නන්) දෙමළු තෛ පොංගල් උත්සවය සමරති.

     මෙය හින්දු උත්සවයක් ලෙස හඳුන්වන අවස්ථා ඇත. එය කොතරම් නිවැරදිදැයි සැකයත් ඇත. සිංහල අවුරුද්ද සිංහල/දෙමල ක්‍රිස්තියානින් සාමාන්‍යයෙන් සමරන්නේ නැත. නමුත් එය බෞද්ධ/හින්දු උත්සවයක් ලෙස සැලකිය හැකිද?

 https://en.wikipedia.org/wiki/Thai_Pongal

 https://en.wikipedia.org/wiki/Makar_Sankranti

    තෛ පොන්ගල් උත්සවය ඉන්දියාවේ වැඩි දෙනා හඳුන්වන්නේ මකර සංක්‍රාන්තිය ලෙසයි. එනම් සූර්යයා ධනු රාශියේ සිට මකර රාශියට පැමිණීම මෙදිනට සිදුවෙයි. දුරුතු (දෙමලෙන් தை) මාසයේ ආරම්භක දිනය මෙදිනයි. දුරුතු යනු ජනවාරි 14 සිට පෙබරවාරි 14 දක්වා කාලයයි.

    එම නිසා සිංහලෙන් මෙම උත්සවය තයි පොන්ගල් වෙනුවට දුරුතු මංගල්‍යය යනුවෙන් හැඳින්වීම සුදුසු නොවේද?

4 comments:

  1. හොඳ පැත්තකිං බැලීමක්...!

    ReplyDelete
  2. ...දුරුතු යනු ජනවාරි 14 සිට පෙබරවාරි 14 දක්වා කාලයයි...

    දෙමළ ක්‍රමය කවරක් වෙතත් සිංහල ක්‍රමයට දුරුතු යනු අව පෑලවිය සිට අමාවක දක්වා වෙයි. මේ වසරේ එය ජනවාරි 10 සිට පෙබරවාරි 8 දක්වා වේ.
    ඔබ සඳහන් කරන්නේ දුරුතු පිළිබඳව නොව මකර රවිය පිළිබඳව විය හැක.

    ReplyDelete
  3. ඔතන තියෙන්නේ සූර්ය මාස, චන්දු මාස ක්‍රමය ගැන ගැටලුවක් නේද? පෝය තීරණය කරන්නේ චන්දු මාස ක්‍රමයට නමුත් සිංහල අවුරුද්ද මනින්නේ සූර්ය මාස ක්‍රමයට (සූර්යයා මේශ රාශියේ සිටින කාලය බක්). පුලුවන්නම් මේ ගැන වැඩි විස්තරයක් දාන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි. මාසය චන්ද්‍රයා සම්බන්ද ක්‍රියාවලියක් වන අතර අවුරුද්ද සූර්යයා සම්බන්ද එකක්.

      මාසය: කලා පිරෙන චන්ද්‍රයා චක්‍රය සම්පූර්ණ කිරීමට ගත වන කාලය.
      අවුරුද්ද: රාශි චක්‍රය අරා ගමන් කරන සූර්යයා චක්‍රය සම්පූර්ණ කිරීමට ගන්නා කාලය.

      මීට අමතරව, සූර්යයා එක් එක් රාශිය තුල ගත කරන කාලය රවිය නමින් හඳුන්වනවා, මින රවි, මේෂ රවි ආදී වශයෙන්. සෑම මාසයක්ම දිගින් සමාන වුවත් සෑම රවියක්ම එසේ වන්නේ නෑ. හේතුව සමහර රාශි අහසේ ඉතා වැඩි ප්‍රමාණයක් ආවරණය කිරීමයි.

      Delete