Tuesday, June 20, 2017

අපේ කාලයේ කාටුන්.

ඒ කාලයේ මිනිසුන් කල වැඩ වලින් 1%ක් වත් මේ කාලයේ උන්ට කරන්ට බැරිය.
දැන් කාලේ හැම දෙයක්ම බාල ය. මේ විදියට ගියෙත් තව පරම්පරා කිහිපයකින් ලෝකය 
විනාශයෙනු ඇත.
ඒ කාලයේ අපි බැලූ කාටුන් සමඟ සැසඳීමේදී මේ කාලයේ හැදෙන කාටුන් මොනවාදැයි සිතේ.
මෙහෙම ගියොත් තව වසර 10කින් පමණ කාටුන් කලාව නැතිවී යනු ඇත.
ඒ නිසා ඒකාලේ කාටුන ගැන බාල පරපුර දැනුවත් කිරීම වැඩිහිටියන් වන අපේ යුතුකමකි. 
෴෴෴
    පැරණි කාටුන් ගැන සැලකීමේදී "දොස්තර හොඳහිත", "සූර පප්පා" වැනි වඩා ජනප්‍රිය
 සහ නැවත විකාශන සිදුවූ කතා මඟහැර මේ වනවිට බොහෝ දෙනෙකුට අමතකව ගිය 
එහෙත් රසවත් කාටුන ගැන කතා කෙරුමට බලාපොරොත්තු වෙමි
  
1.Voltron 
 
  මෙහි නම හුරු නැතිවිය හැක.
නමුත් මෙහි එක කොටසක් හෝ නැරඹුවේ නම් මේ කාටුනය කිසිදාක අමතක නොවනු ඇත.
කථා සාරාංශය සැලකුවහොත් පෘථිවියෙන් යන අභ්‍යාවකාශගාමීන් හතර දෙනෙක් මිනිසාට සමාන ජීවින් සිටින 
ලොවකට‍ ගොඩබායි. එහි රජතුමාට රොබෝ සිංහයන් පස් දෙනෙකු සිටියි.අභ්‍යවකාශ ගාමින් සිව් දෙනාට සහ
 රජුගේ දියණියට මෙම රොබෝවරුන් හැසිරවීම බාර වෙයි.  මෙම රොබෝ සිංහයන් ට වෙන වෙනම සටන්කළ 
හැකි අතර අවශ්‍ය විටෙක එකට එක්වී මානවරූපී රොබෝ වෙකු (රොබෝ සිඤ්ඤෙකු) බවට පත්විය හැක.
 මොවුන්ගේ වීරක්‍රියා මෙම කාටුනය තුලින් දැක්වේ.මෙම කථා මාලාවේ නව සංස්කරණයක් ළඟදී විකාශය 
විමට නියමිතය.මෙය මතක හැටියට 1994 වසරේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූවකි.
මෙය ඇමෙරිකා එක්සත් රාජ්‍යයේ 1984 වසරේ මුලින් විකාශය වූවකි.
https://en.wikipedia.org/wiki/Voltron 
 
 2. Macron 1 
 මෙය ජාතික රූපවාහිනියේ විකාශය වූවකි. Voltron තුලින් ආභාශය ලැබූ එකකැයි සිතේ. 
මෙහි රොබෝ සමුරායි වරයෙකු සිටියි.  Voltron ගැන සොයද්දී මෙයද හමුවිය. 
 https://en.wikipedia.org/wiki/GoShogun
 
3.Maxie's World 
 
 මෙය කොතෙක් ජනප්‍රිය දැයි නොදනිමි. ‍නමුත් මෙය මගේ ප්‍රියතම කාටුනයකි. https://www.youtube.com/watch?v=lESM_93rzys මෙහි තේමා ගීතය ඇසූ විට මෙය මතකයට නැඟෙනු ඇතැයි සිතමි. මෙය 1996 වසරේ ජාතික රූපවාහිනියේ විකාශය වූවකි. මෙය ඇමෙරිකා එක්සත් ආජ්‍යයේ 1987 වසරේ මුලින් විකාශය වූවකි. මෙය මෙය ළමා කාටුනයකට වඩා නහඹරයන්(Teenager) ඉලක්ක කරගෙන සැදූ එකකි.  
අන්තර්ජාලයෙන් මෙහි කොටස් කිහිපයක් සොයාගත හැකිවිය.
 මෙය 1987 වසරේ ඇමෙරිකා එක්සත් රාජ්‍යයේ විකාශය වූවකි
 මෙහි විකාශනයත් සමඟම බාර්බි බෝනික්කියන් හා තරඟකාරී ලෙස මැක්සි බෝනික්කියන් නිශ්පාදනය සිදුවී ඇත.
https://en.wikipedia.org/wiki/Maxie%27s_World
 සිරස TV නාලිකාව මඟින් මීට සමාන තේමාවකින් යුත් Jem කාටුනය විකාශය විය.
https://en.wikipedia.org/wiki/Jem_(TV_series) 
 
 4.ThunderCats
 
මතක හැටියට මෙහි එක් කොටස් මාලාවන් 1992 වසරේ විකාශය විය අනෙක 1997 පමණ විකාශය විය. ඇමෙරිකා එක්සත් රාජ්‍යයේ දී 1985 වසරේ මෙහි මුල් විකාශය ඇරඹී ඇත. යම් ග්‍රහ ලොවකට ගොඩබසින බළල් පවුලේ සාමාජිකයන්ගේ ලක්ෂණ සහිත මානවරූපී ජීවින් පිරිසක් 
එහි වසන මානවරූපී ස්වදේශික සත්වයන්ට පිහිටවන අයුරු මෙහි නිරූපනය වේ. 
බිළාල-මානවයන්ට නම් දමා ඇත්තේ බළල් පවුලේ සාමාජිකයින්ගේ නම් වලිනි. 
Lion-O(ප්‍රධාන වීර චරිතය), Jaga, Tygra,Panthro,Cheetara,WilyKit,WilyKat,Bengali
ThunderCats වරුන්ට ThunderTank නම් අපූරු යුධ රථයක්ද ඇත.
 
 ප්‍රධාන දුෂ්ඨ චරිතය වන්නේ පිරමීඩයක හැඩයේ බලකොටුවක වසන මමියකට (Mummy) සමාන පෙනුමක් ඇති  
Mumm-Ra .
https://en.wikipedia.org/wiki/ThunderCats

5.SilverHawks 
   
මෙය මුලින්ම ලංකාවේ විකාශය වූ වසර නොදනිමි. මෙය අප නිවසේ ස්වාධීන රූපවාහිනිය නැරඹීම ඇරඹු කාලයේ විකාශය වූවකි. මෙය කිහිප වරක් විකාශය වුවද ළඟදී විකාශ නොවුණු කාටුනයකි. මට කුඩාකල තාරකා විද්‍යාව ගැන උණක් තිබුණි. මෙම කාටුනයට හිත ඇදීමට එයද හේතුවිය. මෙහි චරිත අතරින් වැඩියෙන්ම මගේ සිත ගත්තේ ප්‍රධාන දුෂ්ඨයා වන Mon*Star https://www.youtube.com/watch?v=ql5q4TYxDgs Mon*Starගේ බලකොටුව පිහිටා ඇත්තේ Moonstar යනුවෙන් හඳුන්වන තරුව වටා යන ග්‍රහ ලොවේ ඇති 
තාරකාවක හැඩය ඇති ආවාටයක් තුල ය. Mon*Star ගේ එක ඇසක් අන්ධ ය
Moonstarහි ඔහු සිටින ග්‍රහ ලොවේ ඇති උපකරණවලින් Moonstarවෙත යවන ආලෝකය එහි වැදී පරාවර්තනය පැමිණ 
එම අන්ධ ඇසට වැටුන විට ඔහු යෝධයෙකු බවට පත්වෙයි.  
ඉන්පසු ඔහු සුරතලයට ඇතිකරන බූවල්ලාට එම ඇසෙන් තරුවක හැඩය ඇති රැස් වළල්ලක් යවයි.
 එවිට ඌ Mon*Star ගේ නිල රථය බවට පත්වෙයි.
කාටුනය අවසානයේ තාරකා විද්‍යා පාඩමක් ද ඇතුලත් වෙයි.
https://en.wikipedia.org/wiki/SilverHawks
මෙය 1986 වසරේ ඇමෙරිකා එක්සත් රාජ්‍යයේ විකාශය වූවකි. 
  
6. She-Ra: Princess of Power 
  
මතක හැටියට මෙය 1995ට පෙර ස්වාධීන රූපවාහිනියේ විකාශය වු එකකි. ප්‍රධාන චරිතය වනුයේ Adora කුමරියයි. ඇය සතු මැණිකක් ඔබ්බවූ කඩුවක ඇති මායා බලයෙන් ඇය She-Ra බවට පත්වෙයි.  
එම කඩුව‍ට බලය ලැබෙනුයේ Crystal Castle යනුවෙන් හඳුන්වන බලකොටු වෙනි. මම එකල  Crystal Castle හි චිත්‍ර ඇන්දෙමි.
මෙහි ප්‍රධාන දුෂ්ඨ චරිතය Hordak.
https://en.wikipedia.org/wiki/She-Ra:_Princess_of_Power
මෙය 1985 වසරේ ඇමෙරිකා එක්සත් රාජ්‍යයේ විකාශය වූවකි. 
  
7.Captain Zed and the Zee Zone 
  
මෙය වැඩි දෙනෙකුට මතක නැති කාටුනයක් වියයුතුය. Captain Zed යනු සිහින ලෝකයේ චරිතයකි.  
ඔහුගේ රැකියාව වන්නේ කුඩා ළමුන්ට භයානක සිහින පෙනීම වැලැක්වීම යි.  
මෙය මා සිත් ගත්තේ මෙම අමුතු තේමාව නිසාය.
මෙය බිරිතානියේ 1991 වසරේ මුලින්ම විකාශය වූවකි.
ජාතික රූපවාහිනියෙහි 1992 පමණ විකාශය විය.
https://en.wikipedia.org/wiki/Captain_Zed_and_the_Zee_Zone 
 
8. Care Bears 
 
 කුඩා දරුවන් ඉලක්ක කරගත් කාටුන් වැඩසටහනකි. කුඩා දරුවන්ට පිහිටවන, මායා බලයක් සහිත වලසුන් පිරිසක් පිළිබඳ කතාවකි. ඇමෙරිකා එක්සත් රාජ්‍ය යේදී 1985 වසරේ මෙහි මුල් විකාශය ඇරඹී ඇත. https://en.wikipedia.org/wiki/Care_Bears 
 
9. Adventures of the Gummi Bears 
 
මෙය ඩිස්නි සමාගමේ කාටුනයකි.
ජාතික රූපවාහිනියේ විකාශය වූ අතර විකාශය වූ වසර ගැන මතකයක් නැත.1996 වියයුතු යැයි සිතේ.
කැලෑවක් මැද අප්‍රසිද්ධියේ ජිවත් වන මානවරූපී වලස් පවුලක් වටා කතාව ගෙතී ඇත.
ඇමෙරිකා එක්සත් රාජ්‍යයේ දී 1985 වසරේ මෙහි මුල් විකාශය සිදුවී ඇත.
https://en.wikipedia.org/wiki/Disney%27s_Adventures_of_the_Gummi_Bears 
 
10. Star Trek: The Animated Series 
 
මෙම ලිපිය බලන අය අතරStar Trek ගැන නොදන්නා අය ඇතැයි නො සිතමි. නමුත් Star Trek: The Animated Series කාටුනය ගැන නොදන්නා අය සිටිය හැක.  
මෙය 1991 හෝ 1992 දී ලංකාවේ විකාශය විය. මතක හැටියට ජාතික රූපවාහිනියේ වියයුතුය.  
එක කොටසක් පැයක පමන කාලයක් විකාශය වූ  බව මතකය.
 ඔය කාලයේදීම 1968 දී තනන ලද Star Trek මුල් ටෙලිනාට්‍ය මාලාව ද විකාශය වූවා මතකය.
එකල මගේ වයසේ හැටියට මෙම කාටුනය බර වැඩි විය. එමනිසා අන්තර්ජාලයෙන් මෙය නැවත නැරඹිය යුතුයැයි හැඟේ.
මුල් Star Trek කථා සැලකිය හැක්කේ විද්‍යා ප්‍රබන්ධ ලෙස නොව
 විකල්ප  යථාර්ථවාදි ( Alternate reality) https://en.wikipedia.org/wiki/Alternate_reality කෘති ලෙසය.
මෙම කාටුනය ඇමෙරිකා එක්සත් රාජ්‍යයේ දී 1973 වසරේ මෙහි මුල් විකාශය සිදුවී ඇත. 
 
11. Walter Lantz මහතා තැනූ 

Chilly Willy
TheBeary Family (වලස් මාමා)


කාටුනද කුඩාකල නැරඹූ ජාතික රූපවාහිනියේ විකාශය වූ ‍ කාටුන විය.



 
12. The Smurfs 
මෙය 1992 දී ජාතික රූපවාහිනියේ විකාශය වූවකි. ඇමෙරිකා එක්සත් රාජ්‍යයේ දී 1981 වසෙරේ මෙහි මුල් විකාශය සිදුවී ඇත.
 මෑතකදී මෙම චරිත යොදා තැනූ චිත්‍රපට නිපදවූ නිසා මෙය ගැන විස්තර කිරීම අනවශ්‍ය යැයි සිතමි. 
  https://en.wikipedia.org/wiki/The_Smurfs_(TV_series)
 
 කාටුන ගැන සොයද්දී දොස්තර හොඳහිත කතා මාලාවේ සිංහල හඬ කවා නැති කාටුන දෙකක්ද හමුවිය 
 
 "A Hatful of Rabbit" 
 
"The Barnyard Rumble"

2 comments: