Friday, June 5, 2020

අනන්තය ගැන ප්‍රශ්ණයක් [බුදු දහම සහ ගණිතය]

බුදු දහමට අනුව විශ්වය අනන්ත වාරයක් තැනෙමින් නැසෙමින් චක්‍රීය ක්‍රියාවලායක ලක්වෙමින් අනන්ත කාලයක් පවතියි.

එසේම එහි විශාලත්වයද අනන්තයක් වෙයි.

විශ්වය තුල සත්වයන් අනන්තයක් සිටිති.

එසේම  විශ්වය තුල බුදු/පසේබුදු/රහතන් වහන්සේලා අනන්තයක් සිටිති.

එසේම සෑම මොහොතකම අනන්තයක් බුදු/පසේබුදු/රහතන් වහන්සේලා පිරිනිවන් පාති.


අළුතින් සත්වයන් මැවීමක් සිදුවේද නොවේද??

මා දන්නා තරමින් මේ ගැන බුදු දහමේ කිසිවක් කියා නැත.

නමුත් සිංහල බෞද්ධයන් වැඩිදෙනා අළුතින් සත්වයන් මැවීමක් සිදු නොවන බව විශ්වාස කරයි.

එසේනම් මේ වනවිට විශ්වයතුල සිටි සියළු සත්වයන් පිරිනිවී අවසන් ව තිබිය යුතුය.


මේක හරියට

අනන්තය - අනන්තය = ?

ආකාරයේ ගැටළුවකි.


මේ ගැන ඔබේ අදහස කුමක්ද?


මැවීමක් සිදුවෙ නම්,

සත්වයෙක් මැවීම පාපයක්ද?


8 comments:

  1. මේ වාක්‍ය රචනාව පටන් ගන්නේ ම "බුදු දහමට අනුව ..." යනුවෙනි. එය නිවැරදි නොවන බව අපගේ අදහසයි. ඕනෑම බහුබූතයක් කියා එය වෙනත් සන්ධර්භයක පිහිටුවීම වැරදි ක්‍රියාවකි.

    අනන්ත කාල, අනන්ත විශාලත්ව ගැන සඳහන් වන දේශනා ඇත්ද ?

    ReplyDelete
    Replies
    1. අපගේ අදහස නම් බුදු දහමට අනුව ලෝක විෂය "අචින්ත්‍ය" බවයි. අචින්ත්‍ය යනු අනන්තය නොවේ.

      Delete
    2. අචින්ත්‍ය කියන්නේ හිතලා ඉවරකරන්න බෑ කියන එකනේද?
      එහෙම වුනත් නිවන් දකින්න ලොකු හදිස්සියක් නැති අය මේ වගේ දේ ගරන හිතනවා නම් අඩුගානේ ගණිතයවත් දියුනුවෙයි.

      විශ්වය ගැන කියද්දි ත්‍රී සහස්සි ලෝකධාතු වලිනුත් ඔබ්බට පැතිරී ඇතිබව නේද තියෙන්නේ.
      එයින් අපට අනන්තය දක්වා පැතිරී ඇතැයි සලකන්න පුළුවන් නේද?

      Delete
    3. නැහැ !

      මගේ මුළු අදහසම ඉදිරිපත් වෙන්නේ ඔබේ වාක්‍ය රචනාව පටන් ගන්නා "බුදු දහමට අනුව ..." යන වාක්‍ය ඛණ්ඩය අනුසාරයෙනි. එය ඉල්ලා අස් කර ගතහොත් ඉතිරි කරුණු ගැන ඕනෑ ආකාරයකට සිතන්නටත් තර්ක කරන්නටත් ඉඩකඩ විවර වේ. එහෙත් බුදු දහමට අනුව නම් ලෝක විෂය අචින්ත්‍ය හා අචින්ත්‍ය ම පමණි.

      තවත් දෙයක් සදහන් කිරීමට අවසර ! විශ්වය ගැනත් බුදු දහමේ කතා නොකෙරේ. එහි එන්නේ ඒ වෙනුවට පැනවෙන්නේ ලෝක ව්‍යවහාරයයි.

      අප සිතන ක්‍රමය ගතහොත් "විශ්වය" අඩු වශයෙන් නිව්ටෝනීය භෞතික විද්‍යාවේ අර්ථ දැක්වීමකි. අනන්තය ගණිතමය අර්ථ දැක්වීමකි. විශ්වය ගැන සාපේක්‍ෂතාවාදයෙන් මෙපිට වන අර්ථ දැක්වීම් ගෝචර වන බෞද්ධයන් මේ කරුණු ගැන උනන්දු වන්නේ යැයි ඔබ සිතන්නේද ? පිළිතුර කවරක් වුවත්, බටහිර ගණිතයේ සහ බටහිර සම්භාව්‍ය භෞතික විද්‍යාවේ අර්ථ දැක්වෙන අදහස් වලින් ඊට වෙනස් දැනුම් පද්ධතියක කියැවෙන අදහස් තේරුම් ගැනීමට යමෙක් උත්සාහ ගැනීම ගැන "බුදු දහමට අනුව" ඔබට කිව හැක්කේ කුමක්ද ?
      * දස අව්‍යාකෘත ප්‍රශ්න වලට පිළිතුරු නොදෙන බව සත්‍යයක්ද? --- https://katha32.blogspot.com/2014/11/avyakrutha-prashna.html
      * මරණයෙන් පසු ජීවිතයක් පවතීද ? --- https://katha32.blogspot.com/2014/11/il-poya.html
      * ලෝකය හට ගැනීම හා එහි නිරෝධය --- https://katha32.blogspot.com/2013/04/buddhist-big-bang.html

      Delete
    4. "බුදු දහමට අනුව" කෑල්ල ඉල්ලා අස්කරගන්නම්කෝ.

      හැබැයි ඔයා ඔය පෙන්චන චර්යාව ගොඩක් සිංහල බෞද්ධයන්ගෙන් දැකලා තියෙනවා.
      පොඩි ප්‍රශ්නයක් ඇහුවාම ලොකු තර්ක දාලා බොරුවට ප්‍රශ්නේ අවුල් කරනවා.

      හොඳම උදාහරනේ තමයි පුනුරුප්පත්තිය පුනර්භවය කියන වචනදෙක අල්ලාගෙන බොරුවට වාද කිරීම.

      වෙන ආගමක එකෙක් මෙ කතා ඇහුවොත් හිතයි බුද්ධාගම කියන්නේ මොනතරම් මෝඩ ආගමක්ද කියලා.

      අනිත් කරුණ මම මේ ඇද්දේ ලෞකික දැනුමට අදාල දෙයක්. මේක නිවනට අදාල නෑ. නමුත් බෞද්ධ සංස්කෘතියකට මේ වගේ ලෞකික දැනුමකුත් අවශ්‍යයි.
      ඉන්දියාවේ හින්දු බමුනෝ මේ අතින් සිංහල බෞද්ධයන්ට වඩා ගොඩක් ඉහල තැනක ඉන්නේ.

      Delete
    5. "හැබැයි ඔයා ඔය පෙන්චන චර්යාව ගොඩක් සිංහල බෞද්ධයන්ගෙන් දැකලා තියෙනවා. පොඩි ප්‍රශ්නයක් ඇහුවාම ලොකු තර්ක දාලා බොරුවට ප්‍රශ්නේ අවුල් කරනවා." -- මේ ගැන කණගාටුව වේ. එසේ වුවත් සන්දර්භ දෙකක දැනුම් එකට අනාගෙන සංවාදයක් කිරීම තේරුමක් ඇති දෙයක් නොවේ.

      Delete
    6. "හොඳම උදාහරනේ තමයි පුනුරුප්පත්තිය පුනර්භවය කියන වචනදෙක අල්ලාගෙන බොරුවට වාද කිරීම." -- මේ ගැන වාදයක් ඇති විය යුත්තේ කුමක් හෙයින්දැයි නොතේරේ. පුනරුත්පත්තිය ශාස්වතවාදී සංකල්පයකි. එනම් "සත්වයෙක් ඇත" ය යන අදහස සමග එය බැඳී පවතී. ආත්මවාදයේ අනෙක් අන්තය වන උච්චේදවාදයත් "සත්වයෙක් ඇත" යන අදහසේ එල්බ සිටී. එහෙත් එය මරණින් පසු ඒ සත්වයාගේ පැවැත්ම නොපිළිගනී. බුදුදහම ඉහත වාද දෙකම ප්‍රතික්ෂේප කරයි.

      පුනරුත්පත්ති වෙනුවට පුනබ්භව බෞද්ධයන් විසින් යොදා ගැනෙන්නේ ඒ අර්ථයෙනි. එසේ වුවත්, මේ ගැන අංශු මාත්‍ර හැඟීමක් නැති දැඩි ආත්මවාදින් වන වර්තමාන බෞද්ධයන් විසින් මේ වචන දෙකම එකම අර්ථයකින් භාවිතා කෙරෙයි. වාද කෙරෙන්නේ කුමක් ගැනද ?

      Delete
    7. ලෞකික දැනුමට අදාල දෙයක් | මේක නිවනට අදාල නෑ.
      ---------------------------------------------------
      බොහොම හරි.

      නමුත් ඔබ කර තිබෙන්නේ බටහිර විද්‍යාවේ (අපරවේදයේ ©කතා කතු) අදහස් එයින් පිටතට ගෙන වෙනත් තේරුම් ඇති (සිංහල) වචන වලින් ඉදිරිපත් කර අවුල් ජාලයක් නිර්මාණය කිරීමයි.

      උදාහරණයක් ලෙස "අනන්තය" යන්න ගණිතයේ නිශ්චිතව අර්ථ දැක්වෙන්නක්. ඔබ ඉදිරිපත් කරන පහත චේදයේ;
      "විශ්වය අනන්ත වාරයක් තැනෙමින් නැසෙමින් චක්‍රීය ක්‍රියාවලායක ලක්වෙමින් අනන්ත කාලයක් පවතියි.
      එසේම එහි විශාලත්වයද අනන්තයක් වෙයි.
      විශ්වය තුල සත්වයන් අනන්තයක් සිටිති.
      එසේම විශ්වය තුල බුදු/පසේබුදු/රහතන් වහන්සේලා අනන්තයක් සිටිති.
      එසේම සෑම මොහොතකම අනන්තයක් බුදු/පසේබුදු/රහතන් වහන්සේලා පිරිනිවන් පාති.
      "

      ඔබ යොදා ගන්නේ ඒ අර්ථයෙන් බව පැහැදිළියි.

      නමුත් බුදු දහමේ ඔය අර්ථ දක්වන අනන්තය නෑ. මා "බුදු දහමට අනුව" යන කොටසට විරුද්ධ වුණේ ඒ අර්ථයෙන්.

      උසස් පෙළ භෞතික විද්‍යාවේ අප ඉගෙන ගත් කරුණු අනුව නම් නිවුටෝනිය විශ්වය අපරිමිත එකක්. වෙනත් වචනයෙන් කිවහොත් ඔබ පෘතුවියෙන් නික්මී සරල රේඛාවක ගමන් කළහොත් ඔබේ ගමනේ අවසානයක් කිසිදා එළැඹෙන්නේ නෑ. නමුත් අයින්ස්ටයිනීය විශ්වය වෙනස්, එය පරිමිතයි. එහි ඔබ පෘතුවියෙන් නික්මී සරල රේඛාවක ගමන් කළහොත් ඔබ පරිමිත කාලයකදී නැවත පෘතුවිය මතින් ම ගමන අවසන් කරනවා. (මේ එකල අප මිතුරන් සති ගණන් වාද කර අවසන් නිගමනයකට නොපැමිණ කල් දැමූ එක කතාවක් පමණි)

      ලෝකය ගැන බෞද්ධ අදහස (බෞද්ධ විශ්වවේදය ?) වඩාත් සමීප වන්නේ ඉහත දෙවැන්නටයි. එසේම එහි බහු-විශ්ව (multiverse) ගැන සේයාවක් ද තිබේ. ඔබ අසන ප්‍රශ්නය වලංගු කළ හැක්කේ පළමුවැනි අවස්ථාව වැන්නකටයි.

      Delete