ෆොනරුව (Font)
KEYMAN_2016.exe
KEYMAN_2016.exe - ප්‍රභව කේතය
මගේ සිංහල හෝඩිය. (උදව් අවශ්‍යයි)
සිංහල හෝඩියේ අඩුපාඩු ඉවත්කර වඩා දියුණු හෝඩියක් බවට එය පත්කිරීම සඳහා මගේ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණයි.
ඒ සඳහා මා තැනූ ෆොනරුවක්ද ඉදිරිපත් කරමි.
සිංහල හෝඩියේ වැඩි දියණු කලයුතු අංග 3ක් හඳුනා ගතිමි.
1. සංවෘත ආ සඳහා පිල්ලමක් එක්කිරීම.
2. රකාරාංශය සමඟ යෙදීමට විකල්ප පාපිලි දෙකක්.
3. z සඳහා අකුරක්.
මෙම අංග ඇතුලත්කර මා තැනූ ආදර්ශ ෆොනරුව සහ එය පාවිච්චිය පහසු කිරීම සඳහා සාදන ලද KEYMAN2016 මෘදුකාංගයේ වැඩිදියුණුකල සංස්කරනය බාගන්න.
එම මෘදුකාංගය අරඹා “අභය” සහ “සක්‍රීය” අයිතම තෝරා මෙම ෆොනරුව පහසුවෙන් ක්‍රියා කරවිය හැක.
එම ෆොනරුව සාදා ඇත්තේ FM Abhaya ෆොනරුව සංස්කරණය කිරීමෙනි. පුෂ්පානන්‍ද ඒකනායක මහතා එය ට විරුද්ධ නොවෙතැයි සිතමි.
අභය ෆොනරුවට ඉහත අංග 3ට අමතරව ගැටය සහිත ගයනුකිත්තද එක්කලෙමි.
සංවෘත ආ සඳහා පිල්ලම
මෙය සඳහා මා ජාලබන්‍දු සුමිත් වන්නිආරච්චි මහතාගේ (https://blog.tekcroach.top/) අදහස්ද හේතුවිය.
මේ සඳහා ලතින් “r” අක්රයට තරමක් සමාන පිල්ලමක් තැනුවෙමි.
KEYMAN2016 පාවිච්චිකරනවිට දකුණු Alt + D ඔබන්න.
රකාරාංශය සමඟ යෙදීමට විකල්ප පාපිලි දෙක
z සඳහා අකුර
KEYMAN2016 පාවිච්චිකරනවිට දකුණු Alt + I ඔබන්න.
මා තැනූ ෆොනරුව ආදර්ශ ෆොනරුවක් බව සලකන්න. එය තැනුවේ font creator මෘදුකාංගය යොදා ගෙනයි.
මට දැන් අවශ්‍ය මෙම ෆොනරුව යුනිකේත ෆොනරුවක් කරගැනීමටයි. ඒ සඳහා උදව් බලාපොරොත්තු වෙමි.
KEYMAN2016 හි අළුත් කිරීම්.
![]() |
Z = ????
ReplyDeleteමෘදුකාංගය ක්‍රියාත්මක කරනු!
ReplyDelete“පිල්ලම් සහිත“ ලතින් තෝරනු!!
“සක්‍රීය“ තෝරනු!!!
Z ඔබා ඉන්පසු ඉහල හෝ පහළ ඇරෝ කී ඔබනු!V
Ż ź ẑ ž
Ṕȑã Ĵꜽ
මෙම ලිපිය දැන් දැක්කෙ. සිංහල හෝඩිය පිලිබඳ මාත් කාලයකට පෙර යම් යම් අදහස් පල කර තිබෙන නිසා මෙම ලිපියට කමෙන්ට් කරන්නට සිතුනා.
ReplyDeleteසංවෘත අ යනුවෙන් ඔබ හඳුන්වන ශබ්දය ඇත්තටම සංවෘත අයන්න නොවන බවයි මගේ වැටහීම. විවෘත-සංවෘත ශබ්ද කිරීම මීට වඩා සියුම් දෙයක් මං හිතන්නෙ. එම භේදයට වෙනම අක්ෂර හඳුන්වා දීමට තරම් අවශ්‍යතාවක්ද නැති බව මා තර්ක කරන්නෙ. කමිසය යන තැන ක ශබ්ද කරන විදිය හා නරක යන තැන ක ශබ්ද වන විදිහ ඊට උදාහරන.
Sir යන තැන තිබෙන ශබ්දය සිංහල බසට නුහුරු (වර්තමානයේ හුරු) ශබ්දයක්. එය සිංහලට එන්නේ ඉංග්‍රිසි බසින්. ඒ හැමතැනම ඉංග්‍රිසි r පවතින නිසා මා එම අයනු ශබ්දයට රන්ත අයන්න යැයි නමක් යෝජනා කර තිබෙනවා. එම පිල්ලම සඳහා අප කවුරුත් දන්නා ඉංග්‍රිසි r අකුරත් යෝජනා කර තිබුනා. එවිට අපට අමුතුවෙන් අකුරක් හුරු පුරුදු වීමට අවශ්‍යතාවක් නැති වී යනවා. ඒ අනුව sir යන්න සr ලෙස ලිවිය හැකියි.