Wednesday, April 3, 2024

කච්චතිව් දූපතද? කච්චි දුවද?

 නිවැරදි වචනය කච්චිදූවයි.

ඉංග්‍රීසියෙන් කියන්නේ නම් Kachchi island

මේ දවස්වල නරේන්ද්‍ර මෝධි කච්චිදූව සම්බන්ධයෙන් කතාව නැවත පටන්ගෙන ඇත.
මේ පිටුපස හේතු දෙකක් ඇත.

       1. මුහුදුසීමා වෙනස්තරගැනීම
       2. වඩාත් ආසන්න හේතුව නම් තමිල්නාඩු ප්‍රාන්තය තුල නේරු/ගාන්ධි විරෝධයක් ඇතිකිරීමයි.
           ඒ හරහා හින්දුත්ව පක්ෂවලට වක්‍ර වාසියක් ලබා ගැනීමයි.

මේ ගැන සමාජ මාධ්‍යවල පලවූ කොමෙන්ටු බැලීමේදී
 ඊලාම් වාදියෝ නම් මෙහිදී “උනු හින්දා බොන්නත් බෑ, කිරිහින්දා අහකදාන්නත් බෑ“ තත්වයට පත්ව ඇතිබව ඔවුන්ගේ කොමෙන්ටු වලින් පෙනීයයි.
ඉන්දියාවේ දෙමළ කතා කරන්නන් ලංකාවේ සිටින දෙමළ කතා කරන්නන් ගැන සඳහන් නොකරන බව පෙනීයයි.
 ඉන්දියාවේ අනිත් භාෂා කතා කරන්නන්ට එය වැදගත් ප්‍රශ්නයක් නොවන බව පෙනීයයි.

මම කතාකරන්න යන්නේ ඒ ගැන නොවෙයි.
කච්චතිව් වචනය ගැනයි.
මෙය මනෝවිද්‍යාත්මක සටන් උපක්‍රමයකි.
කච්චිදූව සම්බන්ධ විස්තර පලවන ඉන්දියානු වෙබ් අඩවි, ෆේස්බුක් පිටු, යූ ටියුබ නාලිකා, ආදියෙහි කොමෙන්ටු දැමීමේදී.
සිංහලයන් හැමවිටම Kachchi island යනුවෙන් යෙදිමට පුරුදුවිය යුතුය. එය ව්‍යාකරණානුකූලවත් නිවැරදි වන අතර.
ඊටත් වඩා ඉන්දියාවේ සිටින දෙමළ කතා කරන සහ නොකරන පිරිස් අතර බෙදීමක් ඇති කරන්න එයින් යම් දායකත්වයක් ලැබේ. දෙමල කතා නොකරන ඉන්දියානුවන්ට Kachchi island වචනය හුරු කරනවන්න උපරිම උත්සාහය යොදන්න.

2 comments:

  1. මෝඩි ට අවශ්‍ය චීනය ඒම වලක්වන්න

    ReplyDelete
  2. සෙනෙවිරුවන් කියන්නේ කැස්බෑ දූපත කියලා.

    ReplyDelete