Friday, June 28, 2024

කරුණා අම්මාන් සටන පාවා දුන්නේ ඇයි.

 

මේ පැනයට උත්තර 3ක් පවතී.

1. දෙමළාගේ තියෙන ජරා කුලවාදය (මෙය සිංහල ජාතිකවාදී මතයයි)

2. එල්ටීටීඊ සංවිධානය පීඩිත ජන කොටසක් වෙනුවෙන් කල විමුක්ති අරගලය අතහැර සිංහල බෞද්ධ ධනපති රාජ්‍යයට කඩේ යාම.

3.කරුණා අම්මාන්, පිල්ලෙයාන් ඇතුලු පිරිසකගේ පෞද්ගලික තීරණයක්.

 

මේ කාරනා හැර 4වැනි පැහැදිලි කිරීමක් තිබේ ද? මුලින්ම ඉහත මත 3නේ අඩුපාඩු බලමු.

 මුලින් ම 2වැනි කරුණ සලකමු.

 මේ ගැන කිව හැක්කේ එය තියරි ඔප්පු කිරීමක් පමණක් බවයි. තමන් ආගමක් මෙන් අදහන මතයට ගැළපෙන සේ දේශපාලන ක්‍රියාවක් අර්ථ දැක්වීම මිස එය ගැන කියන්න කිසි දෙයක් නැත.

 

 පළමු කරුණ සලකමු දෙමළ භාෂාව කතා කරන පිරිස් අතර ඊලාම් කුලකයට අයත් අය අතර කුල භේදයක් ඇති බව සත්‍යය.  නමුත් ඊලාම් රාජ්‍යයක් සාදා ගැනීමෙන් පසුව

 අධ්‍යාපනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති හරහා එම ගැටලු විසඳා ගත නොහැකි ද? අවුරුදු 25ක් පමණ තිස්සේ නැති ප්‍රශ්නයක් අලුතින් හදිසියේ ඇතිවුනේ ඇයි.

 

 දැන් 3වැනි කරුණ සලකමු

 මෙහිදී රාජ්‍ය නායකයාගේ හා/හෝ ඔත්තු සේවාවල දක්ෂතාව නිසා ඔවුන්ට එල්ටීටීඊ සංවිධානය භේද කිරීමට හැකි වීම මෙන් ම එල්ටීටීඊ සංවිධානයේ නායකයන්ගේ අභ්‍යන්තර‍ බල අරගල සලකා බලයි.

 සරලව කිව හොත් මේක නම් කුමන්ත්‍රණ න්‍යායකි.

 එසේම කරුණා අම්මාන්ට ඊලාම් රාජ්‍යයක් තනා ගැනීමෙන් පසු කම් සැප විඳින්න බැරි ද?

 සිද්ධියක් පැහැදිලි කරන්න වෙනත් හේතුවක් නැතිනම් අවසාන උත්තරය ලෙස මෙවැනි මතවාද හොඳ ය.

 

දැන් මා පවසන්නේ මගේ 4වැනි මතයයි.

එල්ටීටීඊ සංවිධානය තම ඊලාම් නිජභූමිය යැයි සඳහන් කරන බිම් කොටස සැලකීමේ දී එම කොටස තුල වසන ජනයාත් සමගම වෙනම රාජ්‍යයක් තනන්නේ නම් අනිවාර්යයෙන් ම  ඊලාම් ජන ගහනයෙන් තුනෙන් එකක් වත් මුස්ලිම්වරු වනු ඇත.

නමුත් එවැනි ඊලමකට ඊලාම්වාදීන් කිසිවෙක් එකඟ වෙයි ද?

එසේ නම් කල යුත්තේ ඊලාම් රාජ්‍යය පිහිටුවීමෙන් පසු එම ප්‍රදේශ වල මුස්ලිම්වරු  පිටුවහල් කිරීමයි .ඒත් එය කිරීමට උත්සාහ කල හොත් දැඩි ජාත්‍යන්තර විරෝධයක් ඇතිවෙනු ඇත.

ලංකාවේ මුස්ලිම් නොවන දෙමළ කතා කරන්නන්ගෙන් බහුතරය හින්දු වීම මේ තත්වයේ දී ඊලාම් වාදීන්ට අහිතකර වනු ඇත. ඔවුන් ක්‍රිස්තියානි වූවා නම් යම් ජාත්‍යන්තර සහයක් ඔවුන්ට ලැබීමට ඉඩ තිබෙයි.

 

එසේම මුස්ලිම් වරුද තබා ගෙන ඊලමක් හදන්න උත්සාහ කල හොත් මුස්ලිම්වරු එයට විරුද්ධ වන ඇත. මන්ද ශ්‍රීලංකා රජයෙන් මුස්ලිම් වරුන්ට ලැබෙන වරප්‍රසාද ඊලාම් රජයකින් නො ලැබෙන බැවිනි.

මෙම අර්බුදය ඊලාම් වාදීන්ට කවදා හෝ  අනිවාර්යයෙන් මුහුණ දීමට සිදු වන තත්වයකි. සටන් විරාමය එය ඉක්මන් කලේ ය.

මේ තත්වය යටතේ ඊලාම් වදින්ට කල හැකි තෝරා ගැනීම් දෙකකි.

 

1.රට නො බෙදා බලය බෙදා (අම්මට හුකා) විසඳුමකට යෑම.

එල්ටීටීඊ සංවිධානය වෙනම රාජ්‍යය හැර වෙනත් කිසි විසඳුමකට එකඟ නොවන නිසා සහ ඔවුන්ට ඒ හැර වෙනත් තෝරා ගැනීමක් ද නැති නිසා මෙය සිදු විය නො හැක.

 

2.මුස්ලිම් ජනගහනය අඩුවන ලෙස ඊළාම් සිතියම කුඩා කිරීම.

එනම් මන්නාරමේ සිට තිරිකුනාමලය දක්වා භුමිය ඊලාම් රාජ්‍යයක් කරගැනීමයි. එම ප්‍රදේශයේ සිටින මුස්ලිම්වරුද සුලු තර්ජනයක් මගින් පිටුවහල් කර ගත හැක.

එල්ටීටීඊ සංවිධානය කේන්ද්‍ර කරගත් ඊලාම් වාදයකට ගත හැකි හොඳ ම ප්‍රායෝගික විසඳුම මෙයයි.

ඒත් එවිට කරුණා/පිල්ලෙයාන් කණ්ඩායම් සතුරාට පාවා දීමට සිදු වනු ඇත.

 

යාපනය කේන්ද්‍ර කරගත් ඊලාම්වාදී ප්‍රභුව මේ විසඳුමට ඒමට තීරණය කලේ ද?

 

කරුණා අම්මාන් වෙන්වීමට පෙර ආසන්න කාලයේ නැගෙනහිර මුස්ලිම් වරුන්ට ඊලාම් දේශන පැවැත්වීමට කටයුතු කල බව මතකය.

1 comment:

  1. පිස්සුව තවම හොඳකරගන්න බැරි වුණාද?

    ReplyDelete