Saturday, November 7, 2020

මගේ JSON පාර්සලය


 

 

මේ වගේ මාතෘකා පරිගණක තාක්ෂනය ගැන උනන්දු නැති අයට නිරස විය හැකි බව මුලින්ම කිව යුතුයි.

SOURCE

EXE


මුලින්ම ජේසන් කියන්නේ කවුදැයි කියන්නම්. ජේසන් යනු
JavaScript Object Notation යන වචනය කෙටිකර හදන ලද්දකි.

https://en.wikipedia.org/wiki/JSON
https://www.w3schools.com/js/js_json_intro.asp

වෙබ් අඩවි වලින් මේ ගැන මූලික දැනුමක් ගත හැක.
හොඳට කොම්පියුටර් දන්න කෙනෙක් ඉන්නවා නම් සිංහලෙන් විකිපීඩියා පිටුවක් මේ මාතෘකාව යටතේ හදනවා නම් හොඳය.

මාත් ජේසන් ගැන දැනගත්තේ අහම්බෙනි.
සරලවම කිවහොත් ජේසන් යනු යම්කිසි දත්ත තොගයක් එම දන්න අතර සම්බන්ධය හැඟවෙන ලෙස පරිගනකයේ සුරැකීමට සාදාගත් පටිපාටියකි.
මීට සමාන පැරණි ක්‍රමයක් වන්නේ XML ආකෘතියයි.

මා හැදූ මෘදුකාංගය මගින් කෙරෙන එක් කාර්යයක් වන්නේ ජේසන් ලියවිල්ල කියවා එහි ඇති දත්ත ජේසන් සඳහාම තැනූ දත්ත ආකෘතියකට (data structure)ඇතුලත් කර
එම දත්ත ආකෘතිය රුක් සටහනක් ලෙස නිරූපනය කිරීමයි.
එය මෙයින් කෙරෙන ප්‍රධාන කාර්යයි.
ඊට අමතරව මගේ පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා එම දත්ත සැකසීමකුත් කලහැකි අංග එයට එක්කර ඇත.

මෙම මෘදුකාංගයේ ප්‍රභව කේතයේ ඇති Module1 කොටස තුල ජේසන් කියවීමට අදාල මෘදුකාංග අඩංගුකර ඇත.

මෙය  visual basic .net වලින් සාදා ඇත. එම නිසා ක්‍රියාකරවීමට .net ෆේම්වර්ක් මෘදුකාංගයක අළුත්ම සංස්කරනයක් ස්ථාපනය කරන්න.

මෙය ක්‍රියා කරවන ආකාරය:
OPEN බොත්තම අසල ඇති කොටුවට ජේසන් ලියැවිල්ල ඇද දමන්න.
ඉන්පසු  OPEN බොත්තම ඔබන්න.

4 comments:

  1. 2014-15 කාලයේ ලංකාවේ ප්‍රමුඛතම දුරකථන ජාල සමාගමක් වෙනුවෙන් කළ මෘදුකාංගයදී JSON සමග මුල් වරට කටයුතු කළෙමි.
    අළුතින් ඉගෙන ගන්නා කෙනෙකුට මෙය ප්‍රයෝජනවත් බවයි අපගේ හැඟීම.

    අවසන් තුන් වන ඡේදයේ "අංගු" යනු "අඩංගු" යන්න බව සිතමි. මා නිවැරදිනම් ලිපිය අවසානයේ අංගු = අඩංගු යනුවෙන් සටහනක් යොදන්න ;)

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක වැරදීමක් ඒක හරිගැස්සුවා.

      මම මේක හැදුවේ ඉන්ස්ටග්‍රෑම් පිටුවල ඇති ජේසන් කොටස් html පිටු බවට හරවන්න.

      මට ජේසන් ගැන පොඩි ගැටළුවක් තියෙනවා, ඇරයක් ඇතුලේ තව ඇරයක් තිබීම නිවැරදිද.
      නිවැරදිනම් එම අවයව අතර ඇති සම්බන්ධය කොහොමද.
      උදාහරණයක් දෙනවා නම්

      {"ලකුණු":[80,45,68,[75,66,50],[25,35,[100,72]],45]}

      නිවැරදි ජේසන් ලියැවිල්ලක්ද?

      Delete
    2. මෙයානම් වැරද්දක් නෑ කියලයි කියන්නේ

      සම්බන්දතාවයනම් බැලූ බැල්මට පැහැදිළි නෑ, ඒක ඉතිං ඕක හදාපු මිනිහගෙන් තමයි අහන්න වෙන්නේ.

      මමනම් කළේ මේක පේළි කීපයකට මුලින් කඩාගෙන වැරදි තියේද කියල බැලුව එක තමයි.

      Delete
  2. හොඳ වැඩක්. ජේසන් ඩේටා සෙට් SQL සර්වර් එකෙන් ගන්න පුළුවන් කියල මම පසුව දන ගත්තේ. ලඟදි වගේ

    ReplyDelete